(සුරේෂ් කේ.පෙරේරා)
රට පුරා සියලු තැපැල් සේවකයන්ගේ සහභාගිත්වයේන් අඛණ්ඩ වැඩ වර්ජනයක් ජූනි 26 වැනිදා (සඳුදා) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් පෙරමුණ පවසයි.
එම දෙපාර්තමේන්තුවට අයත් ගාල්ල, මහනුවර, නුවරඑළිය යන තැපැල් ස්ථාන පිහිටි ඉඩම් වෙනත් අමාත්‍යංශයකට පවරාදීම හා සේවක වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ආරම්භ කරන බව සමස්ත ලංකා තැපැල් සහ විදුලි පණිවිඩ සේවක සංගමයේ භාණ්ඩාගාරික එන්.ආර්.කේ.ජයසිංහ මහතා අද(23) වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවරුදු 500 ක් පරණ බ්‍රිතාන්‍ය රාජකීය තැපෑල 2013 දී කොටස් වෙළඳපොලේ ලැයිස්තු ගතකළා. අපටත් මෙය පුද්ගලික කිරීමට කාලයයි.