IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තන්තිරිමලේ දරුවන්ට ලංකාදීප ශිෂ්‍යත්ව

හර්ෂණ තුෂාර සිල්වා තන්තිරිමලේ සිට

විජය පුවත්පත් සමාගම මඟින් පහළොස්වැනි වරටත් සංවිධානය කළ ලංකාදීප පොසොන් ආලෝක පූජාවෙන් ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානය අද (27) ඒකාලෝක විය.

අද (27) යෙදුණු පොසොන් පුර පසළොස්වක් පෝ දිනයට සමගාමීව ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ ආරම්භ වූ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ විජය පුවත්පත් සමාගමේ උප සභාපති සුජාන් විජයවර්ධන මහතා තන්තිරිමලේ පූජා භූමිය ආලෝකමත් කරමින් විදුලි බුබුළු දැල්වූහ. මෙම අවස්ථාවට විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා ද සම්බන්ධ විය.

ඓතිහාසික තන්තිරිමලේ විහාර පරිශ්‍රය විදුලි බුබුළු 40,000 කට අධික සංඛ්‍යාවක ආලෝකයෙන් දිදුලන විට සැදැහි සිතින් සිව්දෙසින් එහි පැමිණ සිටි බොදු බැතිමතුන්ගේ සාධු නාදයෙන් මුළු පෙදෙසම පිරී ඉතිරි ගියේය.

ආලෝක පූජාව ආරම්භ කිරීමට පෙරාතුව හපුතලේ පඤ්ඤාරාම හිමියන් රැස්ව සිටි පිරිස පංචශීලයේ පිහිටවූහ.

ඉන් අනතුරුව උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ රජ මහ විහාරයේ විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමියන් විසින් අනුශාසනා දේශනයක් කරනු ලැබිණි.

විදුලි බුබුළු දැල්වීමෙන් අනතුරුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන හා උප සභාපති සුජාන් විජයවර්ධන මහත්වරුන් අතින් තන්තිරිමලේ විද්‍යාලයේ උසස් පෙළ සිසුවියන් 13 දෙනකුට ශිෂ්‍යත්ව පිරිනමනු ලැබිණි. 

ආලෝක පූජාවේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව ශබ්ද පූජාවක් ද ඉන් අනතුරුව තන්තිරිමලේ විමලඥාන ධර්ම විද්‍යාලයේ සිසුවියන්ගේ සහභාගීත්වයෙන් බැති ගී ප්‍රසංගයක් ද පැවැති අතර භක්ති ගීතවලින් තන්තිරිමලේ පුදබිම රැව් පිළිරැවි දිනි. 

පොසොන් පුර පසළොස්වක් පෝ දිනයේදී උදෑසනම දිවයිනේ නන් දෙසින් ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයට පැමිණි දහස් සංඛ්‍යාත උවසු උවැසියෝ පෙහෙවස් සමාදන් වූහ.

ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා රැසකින් සීල සමාදාන වැඩසටහන සමන්විත වූ අතර සන්ධ්‍යාභාගය වනවිට පැමිණෙන බැතිමතුන්ගේ පිරිස ක්‍රමයෙන් වර්ධනය වූයෙන් තන්තිරිමලේ පුදබිමට පැමිණෙන වීදිවල තරමක වාහන තදබදයක් ද දකින්නට විය. පොලිසිය හා සංවිධායකයෝ එක්ව එහිදි රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කළහ.

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (0)

තන්තිරිමලේ දරුවන්ට ලංකාදීප ශිෂ්‍යත්ව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site