බිඟුන් මේනක ගමගේ
මහින්දාගමනයෙන් අප අත් කර ගත් සංස්කෘතික ආගමික ප්රබෝධය ඔස්සේ ඉදිරියට යෑමේ වගකීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නොපිරිහෙළා ඉටු කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පැවසීය.
විජයවර්ධන මහතා එසේ පැවසුවේ විජය පුවත්පත් සමාගම 14 වැනි වරටත් පැවැත්වූ තන්තිරිමලය ආලෝක පූජාවට එක් වෙමිනි. එහිදී අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය ආමාත්‍යවරයා මෙසේ ද කීවේය.
‘14 වසරක් තිස්සේ අඛණ්ඩව මෙම ආලෝක පූජාව මෙහෙයවන්නට හැකි වීමට ගැන සැබැවින්ම අපි සියලූ දෙනාම සතුටට පත් වෙනවා. පසුගිය දා ගැලූ මහා ගංවතුර නිසා සිය ගණනක් ජීවිත අපේ රටට අහිමිවී තවත් ලක්ෂ ගණනක් දැඩි පීඩාවට පත් වුණා. මේ කුසල කර්මයෙන් අප රැස්කර ගන්නා වූ කුසල් එසේ අකල්හි සමුගත් සහෝදර ජනතාවටත් අනුමෝදන් වේවා යැයි අපි ප‍්‍රාර්ථනා කරමු. ඒ වගේම පීඩාවට පත්වී සිටින ජනතාව එම තත්ත්වයෙන් වහා අත්මිදීමට සෙත් පතමු.
මිහිඳු හිමියන්ගේ ආගමනය නිසා පොසොන් පුන් පෝ දිනය අප රටට ඓතිහාසිකව වැදගත්කමක් ලබා දුන්නා. මහින්දාගමනයෙන් කලා සංස්කෘතික විෂයෙහි විශාල ප්‍රබෝධයක් ඇති වුණා. ඒ වගේම අධ්‍යාපන ක‍්‍රමයේ විශාල දියුණුවක් ඇති වීමට ද හේතු වුණා. එසේ මහින්දාගමනයෙන් අප අත් කර ගත් සංස්කෘතික ආගමික ප්රබෝධය ඔස්සේ ඉදිරියට යෑම අප රජයේ වගකීමයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එම වගකීම නොපිරිහෙළා ඉටු කරමින් තිබෙනවා. රටකට භෞතික සංවර්ධනයෙන් පමණක් පලක් නෑ. අධ්‍යාත්මික දියුණුවත් ඉතා වැදගත්. පාරවල් හැදීමෙන් පමණක් එය ඇති කරන්න බැහැ. බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට අප සැමදෙනා එකමුතු විය යුතුයි. චන්ද්‍රරතන නාහිමියන් විසින් තන්තිරිමලේ ග‍්‍රාමයට නායකත්වය දෙමින් ඉටු කරන්නේ එම කාර්යයි.
විජය කාර්ය මණ්ඩලය තන්තිරිමලේට පැමිණියේ ත‍්‍රස්ථ උවදුර පැවැති සමයේයි. මගේ පියාගේ සංකල්පයක් අනුව ලංකාදීප ආලෝක පූජාව ආරම්භ වුණා. ඒකාලයේ මේ ප‍්‍රදේශයට හරියට පාරක්වත් තිබුණේ නෑ. ආලෝක පූජාවත් සමඟ තන්තිරිමලේ ග‍්‍රාමයත් සීඝ‍්‍ර දියුණුවක් අත්කර ගත්තා. ඒ සම්බන්ධයෙන් විජය පුවත්පත් ආයතනයේ සභාපතිවරයාටත්, කාර්ය මණ්ඩලයටත් මගේ ස්තුතිය හිමි වෙනවා. ගයන්ත ඇමැතිතුමා ජනමාධ්‍ය ඇමැතිවරයාව සිටි කාලයේ එය සජීවීව විකාශය කරීමට රාජ්‍ය රූපවාහිනී මාධ්‍යයට අවස්ථාව ලබා දුන්නා. ආලෝක පූජාවේ එළියෙන් මේ පුදබිම බබළන්නා සේ මුළු තන්තිරිමලයම දියුණුවෙන් දියණුවට පත්වේවායැයි මා ප‍්‍රාර්ථනා කරනවා.’
2025 දෙසැම්බර් මස 18
653
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1107
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තන්තිරිමලේ ආලෝක පූජාවෙන් රැස්කෙරෙන කුසල් අකල්හි සමුගත් සහෝදර ජනතාවට අනුමෝදන් කරවයි