
(චන්ද්‍රසේන ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හමාගිය දැඩි සුළඟකින් නිවාස රැසකට හා ව්‍යාපාර ස්ථාන රැසකට හානි වී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථනයේ සහකාර අධ්‍යක්ෂක කුරුවිට ආරච්චි මහතා පැවසුවේ අද (01) පස්වරුවේ හම්බන්තොට ප්‍රදේශයට හමාගිය දැඩි සුළගින් හම්බන්තොට සිරිබෝපුර පිහිටි වෙළදසැල් 39 ට හානි සිදු වී ඇති බවයි.
එමෙන්ම සුචී ගම්මානයේ හා ඒ ආසන්නව නිවාස 19 කට හානි සිදු වී ඇති බවද ඔහු පැවසීය.
ආපදාවට ලක්වූ දේපල වලට සහන සැලසීම සඳහා කඩිනම් පියවර ගනිමින් සිටින බවද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂකවරයා පැවසීය.
මේ අතර මිද්දෙනිය තෝරකොළයාය ප්‍රදේශයේ වගා බිම් රැසක්ද සුළගට හසුව විනාශ වී ඇත.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.