නිමන්ති රණසිංහ
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් යන අය පැහැරගෙන යාම සඳහා සිරිලිය සවිය ව්‍යාපෘතිය යටතේ ලබාදී තිබු ඩිෆෙන්ඩර් රථයක් භාවිතා කර ඇතැයි තොරතුරු අනාවරණය වන බව නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරිණි.
එම සිද්ධියට අදාළ නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ අද (20) කැදවු අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විය.
සිද්ධියට අදාළ ඇප මත සිටිනි නාරහෙන්පිට පොලිසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුමිත් චම්පික ,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ.
සිද්ධියට අදාළ නඩුව නොවැම්බර් 29 වැනි දා යළි කැඳවිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඕක දැනගෙන දැන් අවුරුදු ගානක් වෙනවනේ. කෝ දඬුවම්?
ඉතින් ඔය නඩුව තව අවුරුදු කීයක් අහන්නද බලාපොරොත්තුව? එතකොට වෙන්නේ අලුත් කට්ටියක් බලයට ඇවිත් මේ නඩු අවලංගු කරලා ඒවා දාපු ගොල්ලන්ට විරුද්ධව අලුතෙන් නඩු දාන එකයි. ඒ නඩු නම් සුටුස් ගාල අහල ඉවර කරයි.
ඒක තමා ඒ වාහනේ පාට මාරු කලේ ඔය තියෙන්නේ සාක්ෂි තව මොනවද හොයන්නේ
ඡන්දයක් ළඟ එනවා වගේ.
මේක පුදුම රටක්. සාක්කිත් ඔක්කොම තියෙනවා, වැරදිකාරයොත් ඉන්නවා නඩුත් අහනවා ඒත් දඩුවම් නම් නැහැ
කාලෙන් කාලෙට එක එක තොයිල. යකදුරෝ ගොඩයි
සිරිලිය අත්අඩංගුවට ගන්නේ කවද්ද?