IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තංගල්ල හිටපු ප්‍රා.සභාපති ඇතුළු 4 දෙනාගේ පෙත්සම කල්යයි

( තිළිණි  ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
2012 වසරේ තංගල්ල ප්‍රදේශයේ දී කුරාම් ෂයික් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයකු මරා දමා ඔහුගේ රුසියා ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරුවන් කර වසර 20 ක් බැගින් සිර දඬුවම් නියම වී සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් හතරදෙනකු විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා සළකා බැලීම ලබන ඔක්තෝබර් 15 වැනි දා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (12) තීන්දු කළේය.
 
මෙම අභියාචනා එස්.තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න යන  අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අතර එහිදී පෙත්සම් සළකා බැලීම මෙදිනට කල් තැබිණි.
 
විත්තිකාර තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු  සභාපති සම්පත් පුෂ්ප විදාන පතිරණ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ විත්තිකාර අභියාචකයා බන්ධනාගාරය  තුළදී දෙවතාවක් හෘදයාබාධයකට මුහුණදී තිබුණත් ඔහුට නිසි ප්‍රතිකාර ලැබී නොමැති බව කිය.
 
ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන මෙන් බන්ධනාගාර බලධාරීන්ට නියම කරන ලෙස ද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
මෙහිදී විනිසුරුවරු සඳහන් කර සිටියේ නීතිපතිවරයාගේ ද සහාය ලබාගෙන මෙම කරුණ පිළිබඳව බන්ධනාගාර බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.


2012 වසරේ දෙසැම්බර් මස 24 වැනිදා රාත්‍රියේ තංගල්ල ප්‍රදේශයේ දී කුරාම් ෂයික් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයකු මරා දමා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන්ට 4 දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් වසර විස්සක් වගේ බරපතල සිරදඬුවම් නියම කළේය.


එම සිරදඬුවම් නියම කර ඇති ආකාරය නීතිවිරෝධී බව පෙන්වාදෙන විත්තිකරුවන් එම දඬුවම් අහෝසි කර තමන් සියලූ චෝදනාවලින් නිදොස් කර නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.


මේ අතර විත්තිකරුවන්ට මහාධිකරණය මඟින් පනවා තිබෙන සිර දඬුවම් ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනය ද ඊළඟ දිනයේ සළකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
 



අදහස් (4)

තංගල්ල හිටපු ප්‍රා.සභාපති ඇතුළු 4 දෙනාගේ පෙත්සම කල්යයි

sirimal Tuesday, 12 June 2018 10:26 AM

තව පෝය දෙයි ඉන්න තියෙන්නේ. එතකොට ආයෙත් අර පරණ පුරුදු ජිවිත ගතකරන්න වාසනාව මහජනතාව විසින්ම ලබාදෙනු ඇති.

:       0       87

Cyril Tuesday, 12 June 2018 10:41 AM

අපරාධ කෙරුවට දඩුවම් විදින්න අකමැති ඇයි? ඇතුලෙම ඉන්න එළියේ ඉන්න එකනම් අවධානම්.

:       0       91

hewawitharana Tuesday, 12 June 2018 11:29 AM

සියලු චෝදනා වලින් නිදොස් කර නිදහස් කරන්න

:       57       14

de silva Wednesday, 13 June 2018 10:44 AM

දැන් ගම පළාතේ විරුද්ධ පාතාල කණ්ඩායම් බලවත් වෙලා , කාල බිල ඕක ඇතුළට වෙලා ඉඳල ඔය දඩුවම ගෙවල නිදහස් වෙලා , ගමේ එන්නේ නැතුව කොළඹින්ම ඩුබායි ගියා නම් පන බෙර ගන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site