IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඩොලරය 165 පනී

 

හර්ෂණ තුෂාර සිල්වා
 
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට රුපියලට සාපේක්ෂව අද (17) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 165 ඉක්මවා ගියේය.
 
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත්් කරන විනිමය අනුපාතික අනුව අද (17) රුපියලට සාපේක්ෂව එක්සත් ජනපදයේ ඩොලරයේ විකුණුම් මිල 165.14ක් ලෙසත් ගැනුම් මිල 161.81 ලෙසත් සටහන්ව තිබිණි. 
 
ඒ අනුව රුපියලේ අගය මෙතරම් පහළ වැටුණු පළමු අවස්ථාව එය වූ අතර ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.1කින් අවප‍්‍රමාණය වී තිබේ. 
 
 බලපත‍්‍ර ලාභී වාණිජ බැංකු අද (17) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව බැංකු කිහිපයකම රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 166ඉක්මවා තිබිණි. 
 
රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල කොමර්ෂල් බැංකුවේ 166.90ක් ලෙසත් මහජන බැංකුවේ 166.71ක් ලෙසත් ලංකා බැංකුවේ 166.55ක් ලෙසත් සම්පත් බැංකුවේ 166.30ක් ලෙසත් සටහන්ව තිබිණි. එන්.ඞී.බී. සහ එන්.එස්.බී බැංකුවල රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල පිළිවෙළින් 165.50ක් ලෙසත් 165.21ක් ලෙසත් සටහන්ව තිබිණි.
 
රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිලඑච්.එස්.බී.සී. බැංකුවේ 168.25ක් ලෙස සටහන්ව තිබිණි. 
 
දේශීය වාණිජ බැංකු වුවමනාව ඉක්වමින් එක්සත් ජනපද ඩොලර් එක්රැුස් කිරීම නිසා පසුගිය දිනවල රුපියලේ අගය අනවශ්‍ය පරිදි අඩු වැඩි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ‘ලංකදීප’යට ඉකුත් දා පැවැසීය.



අදහස් (9)

ඩොලරය 165 පනී

Harshana Monday, 17 September 2018 09:49 AM

අනේ ලක්ෂ 62 ට නම් පුදුම සතුටක් ඇත්තේ. රටට වෙන හේනේ දැකලා. කොහොමත් ඕක 200ට විතර ගියාම තවත් ගොඩක් සනීපෙට තියෙයි. බඩු මිල දෙගුණ තෙගුණ වෙද්දී, තව තවත් බදු ගහද්දි, තෙල් මිල අප්පච්චිගෙ කාලෙටත් වඩා දෙගුණ වෙද්දී මහ බැංකුව හොරා කාපු හොරු යහතින් ඉඳගෙන ඇමතිකම් කරද්දී, අවුරුදු 4 ට කිට්ටු වෙන්න ඇවිල්ලත් කලින් හොරු අල්ලනවා කියන පච විශ්වාස කර කර දැන් ඉන්න හොරු තව තවත් හොරා කනවා බලන් ඉඳිද්දී ලක්ෂ 62ට නම් පුදුම සන්තෝසයක් තියෙයි. ඔය ලක්ෂ 62 අර වැඩි කරන බඩු ගෙවද්දී, වැඩි ගානට තෙල් ගහලා වාහන දුවද්දී, තමන්ගෙ ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ්, ග්‍රැටිවිටි වලට 14% බදූ ගෙවනවා දකිද්දී, තමන්ගෙ බැංකු ගිණුම් වලින් තමන්ට ලැබෙන පොලියට 5% බද්දක් ගහද්දි, බැංකු ණය පොලි 20% වඩා වැඩි වෙද්දී, ගෙවල් හදාගන්න කියලා ඒ ණය අරන් අන්තිමට ගේ හදාගන්න විදියකුත් නැතුව ණයත් ගෙවාගන්න වෙනවා දකිද්දී මට නම් ගොඩක් සතුටුයි ලක්ෂ 62 ගැනම. ලක්ෂ 62 ඔබට සතුටයි නේද ගොඩක්ම දැන් ..?

:       585       742

BamunuarachchiMonday, 17 September 2018 01:54 PM

ඊට වඩා ඒ ගොල්ලෝ සතුටු වෙන්නේ මන්ත්‍රීලගේ වැටුප ලක්ෂ ගණනින් වැඩිවෙනවා දකින කොට... මහින්දගේ ලැම්බෝගිනි දකිනකොට ඒ ගොල්ලන්ට මාර චූන්ලු...

:       0       35

කමල්Monday, 17 September 2018 02:53 PM

නොදන්න හින්දයි අහන්නේ...? මේ දවස්වල ඉන්දියාවේ, ඉන්දුනීසියාවේ, තුර්කිය, ආජන්ටිනාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් ගාණක මුදල් වටිනාකම අඩුවෙනවා.. ඇමරිකන් ඩොලර් එකට සාපේක්ෂව. එ්කට හේතුව ඒ රටවල්වල ඉන්නෙත් හැට දෙලක්ෂය වගේ හරක් ටිකක් ද?

:       24       1

BamunuarachchiMonday, 17 September 2018 06:44 PM

රටට උන එකම පාඩුව, නැස්පැත්තිය රුපියල බාල්දුවීම පමණක් නොවේ. ජනතාවට බදු ගසා පාලකයෝ තමන්ගේ මල්ල පුරවා ගැනීමත් ජනතාවට උන තවත් නස්පැත්තියක් හලෝ.

:       0       42

SilvaTuesday, 18 September 2018 04:57 AM

කමල් නිකන්ම ඔප්පු කරනවනෙ එයා ඉන්නෙත් ලක්ෂ 62 ගොඩේ කියලා. ඒ ඇයි කමල්. ඒ රටවල් වල ඒ රටේ මුදලයි ඩොලර් එකයි අතර 200 ට කිට්ටු වෙන වෙනසක් තියෙනවද?

:       0       24

Shahiwal Monday, 17 September 2018 10:04 AM

අායෙත් පහළට ඒමක් නෑ.... ලංකාව ලඟදීම ඉතියෝපියාව වෙනවා.....

:       0       0

Sisili Bisili Monday, 17 September 2018 10:04 AM

අයියෝ ඕව මොනවද? අපිට කජු ටිකක් කාල 650000ක පුටුවක ඉන්න තිබුණ නම් හොඳටම ඇති.

:       0       0

Perakum Monday, 17 September 2018 10:23 AM

පුදුම වෙන්න එපා. අපි කලින් කිව්වා වගේ 200 ට ගිහිල්ල නවතිනවා.

:       0       33

BamunuarachchiMonday, 17 September 2018 01:50 PM

නවතින්න..? ඒ මොනපොතේද තියෙන්නේ? නැහැ හලෝ අපිව නැත්තටම නැතිවෙනකම්ම නගිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 244 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2095 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site