IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


‘ඩීමන්ස් ඉන් පැරඩයිස්‘ යාපනයේදී ප්‍රදර්ශනය නොකරනවාට විරෝධය

(බිඟුන් මේනක ගමගේ) 
 
ජුඩ් රත්නම් මහතා විසින් අධ්‍යක්ෂණය කළ ‘ඩීමන්ස් ඉන් පැරඩයිස්‘ චිත්‍රපටිය මේ දිනවල යාපනයේ පැවැත්වෙන ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ප්‍රදර්ශනය නොකරන්නට එහි සංවිධායකයින් විසින් ගත් තීරණය තරයේ හෙළා දකින්නේ යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
 
ජාත්‍යයන්තර චිත්‍රපට උළෙලවලදී  සම්මානයට පාත්‍ර වූ හා යුද්ධයේ වින්දිතයින් වශයෙන් ජිවත් වු යාපන ජනතාව ගේ කෝණයෙන් යුද්ධය දෙස බැලු දමිල වාර්තා චිත්‍රපටයක් ලෙස විචාරකයින් ගේ  ප්‍රශංසාවට භාජනය වූ ඊට බාධා පමුණුවීම කනගාටුවට කරුණක් යැයි එම නිවේදනයේ සඳහන් වේ.
 
යාපනය චිත්‍රපට උළෙලට චිත්‍රපට ඇතුලත් කිරීම පිණිස එහි සංවිධායකයින් විසින් සකස් කොට තිබු ක්‍රමවේදය අධ්‍යක්ෂවරයා අනුගමනය නොකිරීම නිසා චිත්‍රපටිය ප්‍රදර්ශන නාමාවලියෙන් එය ඉවත් කළ බවට එහි සංවිධායකයන් පැවසුව ද අධ්‍යක්ෂවරයා එම තර්කය ප්‍රතික්ෂේප කරන්නේ යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියයි.
 
චිත්‍රපට සංවිධායක කමිටුවේ සභාපතිවරයාට මෙම චිත්‍රපට යාපනයේ ප්‍රදර්ශනය කිරීමෙන් වලකින ලෙසට එල්ල වු බලපෑම් නිසා වෙනත් හේතූන් ඉදිරිපත් කරමින් එය ප්‍රදර්ශනය නොකිරීමට තීරණය කර ඇති බව අධ්‍යක්ෂවරයා පවසන්නේ යැයි කියන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය චිත්‍රපට උළෙලෙහි ප්‍රදර්ශනයට නියමිත චිත්‍රපට ලේඛනයෙහිද නම තිබියදී ඒ පිළිබඳ ප්‍රවෘත්ති පවා පළ වි තිබියදී මෙම චිත්‍රපටය උළෙලින් ඉවත් කිරිම හේතුවෙන් සිදුවීම පිටු පස යම් අදිසි  හස්තයක් ක්‍රියාත්මක වු බවට ඇති සැක තහවුරුවන්නේ යැයි ද පවසයි.
 
එවැනි බලපෑමක් එල්ල වුද මෙවැනි ජාත්‍යයන්තර උළෙලක සංවිධායක මණ්ඩලයක් ඊට අවනතවීම වඩාත් කනගාටුදායක තත්ත්වයක් යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
 
දීර්ඝ කාලයක් පැවති ආණ්ඩුවේ හමුදා හා දමිල ආයුධ සන්නද්ධ කණ්ඩායම් අතර සිවිල් යුද්ධයකට මැදි වි සිටි යාපනයේ ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දෙපාර්ශවය විසින්ම අවහිර කොට තිබු බව අමුතුවෙන් කිව යුතු නොවන්නේ යැයි ද යුද්ධයෙන් පසු සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියක් ඔස්සේ නැවත ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් භූක්ති විදින්නට හැකියාවක් ලැබෙන්නේ අදහස් ප්‍රකාශනයේ නිදහස වැනි ප්‍රජාතන්ත්‍රවාදයේ මුලිකංග තහවුරුව පවතින්නේ නම් පමණක් යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 



අදහස් (3)

‘ඩීමන්ස් ඉන් පැරඩයිස්‘ යාපනයේදී ප්‍රදර්ශනය නොකරනවාට විරෝධය

නුවන් Friday, 05 October 2018 07:47 AM

මෙන්න අලුත් පරපුරට අවස්ථාවක් තමන් ප්‍රතිපත්ති මත ක්‍රියා කරන බව පෙන්වන්න.

:       0       1

max Friday, 05 October 2018 08:12 AM

මෙම අධ්‍යක්ෂවරයාට වූ අසාධාරණයට විරුද්ධ වන්නට අලුත් පරපුර නමැති සංවිධානයට ගාල් වී සිටින නලාකාරයන්ට කොන්දක් නැද්ද?

:       0       9

gunarathna Friday, 05 October 2018 11:21 AM

කොහෙද යහළුවා එහෙම එකක් තියෙන්නේ. ඡන්දෙ කාලේදී එලියට ආව පස්සේ නැතිව ගියා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 879 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 987 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site