(විනීතා එම් ගමගේ )
ඩුබායි හි මූල්‍ය සමාගමක සේවයේ නියුතුව සිටි ලාංකික ශ්‍රමිකයින් තිදෙනෙක් ඩිරාම් මිලියන දෙකකට ආසන්න මුදලක් සොරකම් කිරීමේ වරදකට අත්අඩංගුවට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් සේවය සපයන ලද සමාගම විසින් ඩිරාම් මිලියන දෙකක් මුදල් ඒටීඑම් යන්ත්‍රවල තැන්පත් කිරීමට අදාළ පුද්ගලයින්ට ලබා දී ඇති අතර එම මුදල් ද රැගෙන ඔවුන් පලාගොස් ඇතැයි ඒම වාර්තා කියයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය විසින් විමර්ෂණ කටයුතු ආරම්භකර තිබූ අතර එරට මුල්‍ය කළමනාකරණ ආයතනයක සේවය කරන ලාංකිකයින් තිදෙනා ගැන වැඩිපුර පරීක්ෂණ පවත්වයි.
එයට හේතුව වී ඇත්තේ මුල්‍ය සමාගම විසින් ද මෙම සේවකයින් තිදෙනා ගැන පොලීසියට පැමිණිලි කර තිබීමයි.
එහිදී මුදල් හුවමාරු කරන මෙම මුල්‍ය ආයතනයේ සාමාන්‍ය වැඩ පරිදි සෙනසුරාදා දින අදාළ ලාංකිකයින් තිදෙනාට සේවයට වාර්තා කිරීමට පැමිණෙන ලෙස දන්වා සිටියත් ඔවුන් පිළිබඳව කිසි හෝඩුවක් සොයා ගැනීමට නොහැකිවූ බව එම ආයතනයේ නිලධාරයකු ද ආරක්ෂක අංශ වෙතට දන්වා තිබේ.
කෙසේ නමුත්, පොලිස් පරීක්ෂණ වලදී ලාංකිකයින් තිදෙනා අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබෙන අතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එම මාධ්‍ය වාර්තා කර සිටියි.
COMMENTS
මම ඉන්නෙත් අබුඩාබි වල. මේවගේ ගොඩක් දේවල් කරලා අපේ රටේ නම විනාශ කරන පිරිස් සිටිනවා. මොවුන්මු ලංකාවේද නොයෙක් වැරදිකරලා මෙහේ ඇවිල්ල හැංගිලා ඉන්න අය. අඩුම තරමින් අපේ තානාපති කාර්යාල මොවුන්ට විරුද්ධව කටයුතු කරන්න ඕන. මොවුන් නීතිය ඉදිරියට යොමුකර නිසි දඬුවම් ලබාදිය යුතුයි. අපේ රටේ නාමය ආරක්ෂා කර ගත යුතුයි.
අයියෝ මේ අය අපේ නමත් කනවා.
මේ වගේ වැඩ නිසා දැන් අපි දිහාත් බලන්නේ, ඉන්දියාවේ, පකිස්ථානයේ, සහ බංගලි අය දිහා බලන විදිහට.
දැන් බලන්න එහෙ සමාගමක මුදල් අරන් පැන්නත් අත්අඩංගුවට ගන්නවා. මෙහෙ මහබැංකුවේ මුදල් අරන් පැන්නත් සිංහයෝ වගේ ඉන්නවා.