ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශය හරහා හමාගිය ටිට්ලි සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට අන්ද්‍රා ප්‍රදේශයේ අට දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ඔරිස්සා හා අන්ද්‍රාහි මුහුදු බඩ ප්‍රදේශ හරහා පැයට කිලෝමීටර් 150ක වේගයෙන් සුළං හමා ගිය අතර නිවෙස් විශාල ප්‍රමාණයකට අලාභ හානි වී ඇති බව බලධාරීහු පවසති.
විදුලි රැහැන් ඇදවැටීම හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇත.
ආපදා කළමනාකරණ අංශ පවසන්නේ පානීය ජලය බරපතල ගැටලුවක් වී ඇති බවයි.
මේ හේතුවෙන් රජයේ කාර්යාල හා පාසල් වසා දමා ඇත. සහන සේවා අංශ වාර්තා කර ඇත්තේ ආරක්ෂිත මධ්‍යස්ථාන 1100 විපතට පත් පුද්ගලයින් රඳවා ඇති බවයි.
(බීබිසී ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd