(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ගම්මාන හා බෞද්ධ සිද්ධස්ථාන වෙත සංචාරයක නිරත වී ඇත.
මුලතිව් කෝකිලායි පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ඉඩම් පරික්ෂාවකින් පසුව වැලිඔය ජනකපුර ප්‍රදේශයේ ඉඩම් පරික්ෂාවකට හා අවසානයේ දී කෝකිලායි සම්බෝධි විහාරයටද ගිය උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිස පන්සල් ඉඩම පිළිබඳව විමසා තිබේ.
මෙම සංචාරයට උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම්, එම්.කේ.සිවාජිලංගම්, පී.සත්‍යලිංගම්, ටී.රවීකරන් , ජී.ටී.ලිංගනාදන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
එහිදී කෝකිලායි සම්බෝධි විහාරයේ විහාරාධිපති ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් හමු වී සම්බෝධි විහාරය ඉඩම හිමිකාරීත්වය විමසා ඇති අතර එහිදී මන්ත්‍රීවරුන් පිරිස කියා ඇත්තේ එම ඉඩම අයිති පුද්ගලයා දෙමළ වැසියකු බවයි.
තමන්ට මෙම ඉඩම නීත්‍යානුකූලව මැරටියන්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලැබුණු බවත් ඉඩමේ හිමිකාරීත්වය පිළිබඳව මීට පෙර මුලතිව් අධිකරණයේ නඩුවක්ද ගොනු කර තිබුණත් පසුකාලීනව එම නඩුව ඉල්ලා අස්කර ගෙන ඇති බැවින් තමන් දෛනිකව පන්සලේ සහ සිංහල දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරමින් සිටින බව ගුණරතන හිමියෝ පැවසුහ.



COMMENTS
කොහොමද සහජීවනය. ගොඩක් සතුටු ඇති නේද.
යහපාලනයේ සංහිදියාව දෝරේ ගලමින් පවතී. ඔබට සතුටුයිද දැන්.
තව ටික දවසකින් අපිට කොළඹ ඉන්නත් බැරිවෙයි වගේ.... අපේ රටට ගිය කලක්..
ඔන්න සහජිවනේ ඉහලින්ම.
කොටින් යුධමය වශයෙන් පරාජය කළත් වැඩක් නැහැ.. ඔවුන්ව මට්ටු කලේ නැත්නං.
සහජීවනය කියලා කියන්නේ මේකටද?
විශ්වාස භංගයට විරුද්ධ වෙනකොට කියන්න ඇතිනේ හිමිකම දෙන්නම් කියලා. තව ගොඩක් දේවල් දෙන්නම් කියලා ඇතිනේ...
සංහිඳියාව කියලා මේ අයට මෙහෙම කරන්න පුළුවන්ද? ශ්‍රී ලාංකිකයින්ට රටේ ඕනෑම ප්‍රදේශයක ජීවත්වීමේ හැකියාව තියෙන්නනේ ඕනේ, කොටි ඉන්න කාලේ මේ කට්ටිය ඒ අය සමග නැළවිලා දැන් ඉඩම් වල අයිතිය අහනවා. මේවට ඉඩ දෙන මේ ආණ්ඩුව ගැන ඇත්තටම අපිට තියෙන්නේ කලකිරීමක්...
මේවට මොකුත් කියන්න එපා... මොකද සංහිඳියාවට බාධාවෙනවා. අපිට ගිය කලක්. අපි අපේම රටේ අනාථයෝ වගේ දැන්. මේ අයට ගිය කලක්. කොන්දක් පණ නැති නායකයින් ඉන්න එකේ ප්‍රතිඵල තමයි.
මේවා තමයි රනිල්ගේ පොරොන්දු වෙච්ච දේවල්...
මේවගේ වෙනකොට නම් ජාතිවාදී නොවන අපිටත් හිතන්න වෙනවා. අමන පාලකයිනි, මේවට පියවර ගන්නේ නැතිනම් අපිට නීතිය ගේන්න එපා...
සාකච්ඡා කරලා විසඳාගන්න එක හොඳයි. සිංහල කට්ටියට අයිති දේපල උතුරේ තිබෙනවා නම් ඒ අයටත් ගිහින් බලලා විසඳගන්න අවස්ථාව ලබාදීමට ඉඩ සලස්වන්න.
කොක්කෙන් බැරි නම් කේක් කෙක්කෙන් කියන්නේ. හීන් නූලෙන් හරි නිජබිම් සංකල්පය කොහොම හරි ඉස්මතු වෙනවා.
මේවා ඒජාපයේ ප්‍රතිඵල තමයි.
එයාලා නම් ජාතින් අතරේ සංහිඳියාව පටන් අරන් වගේ දැනටම...
ගේම්කාරයෝ රට පාලනය කරනකොට ප්‍රතිඵල මේවා තමයි.
දකුණේ සිංහල අපි මේ පැත්තේ දෙමළ කෝවිල් වල ඔප්පු තිරප්පු ගැන අහලා බලන්න ගියොත් මේ අය රෙදි උස්සගෙන කෑගහයි.., මුළු ලෝකෙටම ඇහෙන්න. මෙන්න සංහාරයක් අායෙමත් පටන්ගන්න යනවා කියලා.
ප්‍රශ්නයක් තිබේ නම් සාකච්ඡා කරලා විසඳගන්න එක හොඳ ලක්ෂණයක්. ලංකාවේ විවිධ ආගමික ස්ථාන පන්සල් විතරක් නෙවෙයි.., පල්ලි පවා මතභේදාත්මක ඉඩම් මත ඉදිකරලා තියෙනවා. පෑලියගොඩ පැත්තේ එහෙම පන්සලක් තියෙනවා. එහෙම පල්ලි ගණනාවක් නැගෙනහිර පැත්තේ තියෙනවා.
කොන්ද පණ නැති ආණ්ඩුවකුයි, නැති මිනිස්සුයි ඉන්න රටක්නේ... මේක කවර කතාද? ළඟදීම මොනවා හරි වෙයි.
මට නම් මෙතන කිසිම වරදක් පෙනෙන්නේ නැහැ. මේක ප්‍රශ්නයක් ඇතිකරගන්න තරම් දෙයක් නැහැ. පන්සල් ඉඩම ආපසු ඉල්ලුවා නම් ඔන්න ලොකු වරදක්...
පේනවා නෙවෙයිද තරම? ලංකාවේ සිංහලයින්ට ලංකාවේ සැමතැනකම ඉන්න බැරි හැඩයි..!
කලින් ආණ්ඩුවෙයි, මේ ආණ්ඩුවෙයි වෙනසක් ඇහුවොත් මේක හොඳම උදාහරණයක්.. එදා රටේ නායකයෙක් හිටියා..
කොහෙන් හෝ කෑල්ලක් අල්ලාගෙන ජාතිවාදය වපුරවන එක තමයි කරන්නේ. අවුලවන ගිනි, නැට්ටට පත්තු කරගෙන රට ගිනි තියන හනුමන්තලා රැළකුත් ඉන්නවා. කොහොමත් දකුණේ පළාත් සභාවල අයට තියන බලයම තමයි උතුරේ අයටත් තියෙන්නේ. ඉතින් අපේ මහලොකු සිංහල බෞද්ධ නායකයෝම නේද, ඒ අයට ඒ බලතල දුන්නේ? දැන් දකුණේ පළාත්සභා වල ඉන්න අය තවත් බලතල ඉල්ලනවා නේද? ඉතින් දෙමලුත් ඒ වගේම තමයි. පුලුවන්නම්, ඔය පළාත් සභා අහෝසි කරන්න කියලා කෑ ගහන්න.
බෞද්ධයා නැති තැන් පන්සල් මොනවටද? ඕක ඉඩම් ආක්‍රමණයක්... බුද්ධාගමේ උගන්නන්නේ අනුන්ගේ ඉඩම් මංකොල්ල කා පන්සල්, පිළිම හදන්න කියාද?
ඔය ඉන්න ඔක්කොම අය කොටි තමයි. කාලකණ්ණි තමයි. යන්න ටැමිල් නඩුවට...
සාමාන්‍ය සිංහල සහ දෙමළ ජනතාවට ජාතිවාදය අවශ්‍යම නැහැ. මේවා රටින් පිට ඉන්න දෙමළ ජාතිකයෝ දේශපාලකයින්ට සල්ලි දීලා ප්‍රශ්න ඇතිකරන්න කරන දේවල්... ලංකාවේ ප්‍රශ්න අතිවුනොත් එයාලාට දිගටම එහෙ ඉන්න පුළුවන්. මේක හරිම පිළිකුල් වැඩක්. දෙමළ මිනිස්සු සහ මුස්ලිම් මිනිස්සු සිංහල බහුතරය ඉන්න තැන්වල පල්ලි හදනවා කෝවිල් හදනවා. ගෙවල් හදනවා. ව්‍යාපාර කරනවා. අැයි සිංහල මිනිස්සුන්ට මේ පොළවේ ඕන තැනක ඉන්න අයිතියක් නැද්ද? සිංහල මිනිසුන්ගේ ඉවසීමේ සීමාවක් තියෙනවා. දේශපාලකයෝ කොහොමත් අවස්ථාවාදී තමයි.
අනේ හාමුදුරුවනේ මේ දෙමළ පුතාලට පන්සලට එන්න ඉඩදුන්නේ ඇයි? නොදන්වා පැමිණියා නම් පන්සල් භූමියට වද්දගන්න එපා. දන්වා පැමිණෙනවා නම් සිංහලයින් දැනුවත් කර බස්රථ කීපයකින් සිංහලයින් ගෙන්වා ගන්න. දෙමළ පුතාලට අපි උත්තර දෙන්නම්...
ගෝඨාභය මැතිතුමනි, ඔබ නැතිපාඩුව හොඳටම දැනේ.
මගේ ප්‍රෙෂර් නගිනවා... මම මෙතනින් ඉවත්වෙනවා.
කව්ද මේවා ගැන බලන්නේ? හැම පැත්තෙන්ම තැලෙන්නේ මහජාතිය... මොකද ලොකු තැන්වල ඉන්නේ කලවන් ජාතියක් නේ...
හාමුදුරුවනේ මේ පුතාලට වාඩිවෙන්න පොඩිපුටු තියන්න. සමව වාඩිකර ගන්න එපා.
යහපාලනේ අයට මේ රට තිබුණත් එකයි, නැතත් එකයි. ඒ අයට ඕනේ මේ වගේ අයගෙන් කුමක් හරි කරලා තමන් බලයේ ඉන්න කාලේ පුළුවන්තරම් හම්බ කර ගන්න එක තමයි. අනේ අපේ රටට ගිය කලක්... හැකි ඉක්මණට ළමයි ටික රටින් පිටකර ගන්න තමයි අපිට ඇති එකම විකල්පය...
මේ අයට බිම ඉඳගන්න කියන්නේ නැතිව පුටුව උඩ ඉන්දුව එකයි මෙතන කරලා තියෙන ලොකුම වැරැද්ද.. මේ හැම ප්‍රශ්නයකටම මුලත් ඕක තමයි. ඔයාලා හදන්නේ සිංහලයා එළවන්න නම් ඔයාලා බුරුතු පිටින් ඉන්දියාවට සරණාගත බෝට්ටුවෙන් යන දවස වැඩි ඈතක නැහැ.
අනුන්ගේ ඉඩම්වල පන්සල් හදන එක සාධාරණද?! කවුරු කරත් වැරදියි..
රනිල් සහ සිරිසේන නම් මේ රටට හානි කරනවා. කිසිම උගත්කමක් නැති අය වගේ නටනවා "කොහෙද යන්නේ කියල අහපුවම හරියට මට පිස්සු වගේ 'කියව කියව" ඉන්නවා. හෙට අනිද්දට සිරිසේන උන්නැහේට ඉතුරු වෙන්නේ අමුඩ ලේන්සුව විතරයි. එ් තරමට මිනිසුන්ට සිරිසේන එපා වෙලයි තියෙන්නේ. තව ටික දවසකින් ගෝඨාභය ජනාධිපති වුනාම ඔය රට වටේ දුවන කොටි සේරටම යමයාගේ පිහිට තමයි.
බෞද්ධ දර්ශනය කියලා තියෙන්නේ අනිත් මිනිසුන්ගේ දේපල ගිනිතියන්නද නැත්නම් හොරා කන්නද..?
ඔය මෙතන පාට් දාන සිවාජිලිංගම් කියන්නේ, විග්නේශ්වරම්ගේ ගෝලයෙක් නේද? උතුරේ කොටි අණ පතුරවන විග්නේශ්වරම් කියන්නේ, වාසුදේව මහත්තයාගේ මස්සිනානේ. බැරිද නෑදෑ කමටවත් විග්නේශ්වරම්ව ටිකක් ශේප් කර ගන්න. එතකොට ගෝලයෝ ඉබේටම නිහඬ වෙයි.
නායකයෝ මෙහෙම වුනාම මේක තමා පිළිතුර. ඡන්දය දුන්නු වරද නරකාදි අයට... ආගමත්, ජාතියත් නැතිවෙන දවස ළඟම එනවා.
මේ සියල්ලටම විසදුම ඉක්මනටම ලැබේවි