(නිමන්ති රණසිංහ)
ජීව උණ්ඩ 1,000කට ආසන්න ප‍්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි බව කියන කොල්ලුපිටිය පොලීසියේ පොලිස් කොස්තාපල්වරයකු සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතාගේ ඥාතියකු බව කියන පුද්ගලයකු එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තනූජා ජයතුංග මහත්මිය අද (26) නියෝග කළාය.
එලෙස ඇප මත මුදා හැරුණේ අංක 155, ඩී, තල්දූව, අහංගම පදිංචි රතුදුරගේ චන්දිම බණ්ඩාර සෙනෙවිරත්න නැමැති කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ සේවය නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයා සහ අංක 658/50, මහවෙල උද්‍යානය, දෙමටගොඩ පදිංචි අබ්දුල් රස්කින් අරූස් නැමැත්තාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ගොයියා ආණ්ඩුකාරවරු කරන්නේම මොකක් හරි හුටපටයකට ගෑවුන අයමනේ...
උණ්ඩ තියාගත්තේ ඥාතිය මිසක් මුසම්මිල් නෙමෙයිනේ. වෙන රටක මුසම්මිල් උන්න නම් නඩු දාල ගානකුත් ගන්නවා නම කැත කළා කියලා. මොනවා කරන්නද ලංකාවේ ක්‍රමේනේ?
මේ රටේ ඔවුන්ගේ නෑයෝ නොවන අය සිටිත්ද? නැත ස්වාමීනි, සියල්ලෝම ඔවුන්ගේ නෑයෝය.
පසුගිය යුධ සමයේ නිලදාරී මට්ටමේ සෙබළෙකුට වරකට නිකුත් කල උණ්ඩ ප්‍රමාණය කොපමණද? එසේත් නැතිනම් එක පොලිස් ස්ථානයක තිබෙන උණ්ඩ ප්‍රමාණය ? ගණන් හදලා බලන්නකෝ?