(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරයේ ජීවිතාන්ත සිරදඬුවම් විඳින ජාත්‍යන්තර මට්ටමේ මත්කුඩු ජාවාරම්කරුවකුවන ‘සුසෙයි’ නමැත්තාගේ ගෝලයෙකුට පල්ලෙකැලේ බන්ධනාගාරයේ ‘ඉසිඹුව’ නිවාඩු නිකේතනයේ නවාතැන් පහසුකම් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුට චෝදනා එල්ල වී ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මේ පිළිබඳව සොයා බැලීමට පත්කළ විමර්ශන කමිටුවේ නිර්දේශ මත පල්ලේකැලේ බන්ධනාගාරයේ ජේලර්වරුන් දෙදෙනෙකු මීට පෙර වැඩ තහනමට ලක්කර තිබිණි.
මෙම කමිටුවේ විමර්ශන වාර්තාව අද භාරදීමට නියමිත අතර අදාළ සහකාර බන්ධනාගාර අධිකාරීවරයාගේද වැඩ තහනම් කිරීමට එමගින් නිර්දේශ කර ඇතැයි ද දැකගැනීමට තිබේ.
මේ පිළිබඳ අතුරු විමර්ශන වාර්තාව ලබාදී තිබුණේ මීට සති කිහිපකට පෙරය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත මෙම විමර්ශන වාර්තාව ලබාදීමෙන් පසු ඉදිරි පියවර ගනු ඇතැයිද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සල්ලි ලැබෙනවානම් ඕනෑම වැඩක් කරන නිලධාරීන්. මුන් අවනම්බු කරන්නේ තම දරුවන්ට.
බන්ධනාගාරය වෙනමම පාතාලයකි.
බදුල්ල බන්ධනාගාරයේ ලොක්කෙක් ඉන්නවා, නුවරඑළියේ නිවාඩුවට ගිහින් නවතින්නේ, ඒ පැත්තේ වැඩියෙන්ම රිමාන්ඩ් වෙන කෙනාගේ ගෙදර. ආවතේවකම් වියදම් කරන්නේ සල්ලි පොලියට දෙමින් අසාධාරණව හම්බ කරන ඔහුගේ සහෝදරයා.
කවදා හෝ ශක්තිමත් පාලකයෙක් ඇවිත් බන්ධනාගාරය සහමුලින් ශුද්ධ කරන තෙක් මේවා ඔහොම තමයි. බන්ධනාගාර කාර්ය මණ්ඩලය සුර සැප විඳිනවා. එවැනි පාලකයෙක් අද හෙට එන බවක් නම් පේන තෙක් මානයේ නැති එක අපේම අවාසනාවක්.