(ඩී.ජී.සුගතපාල,සුමතිපාල දීයගහගේ )
වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්‍රධාන ජේලර්වරයාට අම්බලන්ගොඩ කුලිගොඩ හන්දියේදි වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ ගලගොඩවත්තේ සුනාමි නිවාසවල පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.
ඝාතනයට යොදාගත් බව කියන ටී.56ගිනි අවියක් උණ්ඩ 12ක් සමඟ පතරොම් ගැබක්ද තල්ගස්ගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදි සොයාගෙන ඇත.
ඝාතනය කර ඇති මෙරෙඤ්ඤ තිළිණ රුවන් තිහාර ජයරත්න (44)නමැති ජේලර්වරයා තිදරු පියෙකි.
ඔහු රාජකාරි නිමවා පැමිණ අම්බලන්ගොඩ දුම්රිය පොලෙන් බැස යතුරු පැදියෙන් තම නිවසට යමින් සිටියදි යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කු කරුවන් විසින් කුලිගොඩ හන්දියේදි වෙඩි තබා එම ස්ථානයේම ඝාතනය කර පලාගොස් තිබිණි.
පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වන ආකාරයට අම්බලන්ගොඩ ගල්දූව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම ජේලර්වරයා මෙයට වසර තුනකට පෙර කුලිගොඩ නිවසේ පදිංචියට පැමිණ ඇති අතර ඒ වනවිට ගාල්ල බන්ධනාගාරයේ සේවයේ කර ඇත.
පසුගිය වසරේ ඔක්තෝබර් 19වනදින මිටියාගොඩ පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් මහවෙල ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම්කරුවන්ගේ තිප්පලක් වැටලිමට ගිය අවස්ථාවේ මෙම ජේලර්වරයාද එහිසිට යතුරු පැදියදමා පලාගොස් ඇති අතර .එහිදි පොලිසිය විසින් යතුරු පැදිය පොලිස් බාරයට ගෙන ඇත.
පසුව ඔහු පොලිසියට පැමිණ පවසා ඇත්තේ තමා කුකුළු මස් ගෙනයාමට පැමිණි බවය.එම අවස්ථාවේ පොලිසිය ජේලර්වරයා අත් අඩංගුවට ගෙන නොමැති අතර ප්‍රකාශයක් ලබාගෙන මුදාහැර ඇත.මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වා ඔහුගේ සේවය නතර කරඇත.
ඒ අනුව මාස කිහිපයක් වැඩ තහනමට ලක්ව සිටි ඔහු මෙයට මාස තුනකට පමණ පෙර නැවත සේවයෙහි පිහිටුවා වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස ස්ථාන මාරුවක් ලබාදි තිබේ.
මියගිය ජේලර්වරයා පාතාල කල්ලි සමග සම්බන්ධකම් පවත්වමින් සිටියේද මෙම ඝාතනය පාතාල කල්ලි සමග ඇතිවු මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සිදුකරන්නට ඇතිදැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පවසයි.
ගාල්ලදිසා බාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ ඇල්පිටිය පොලිස් අධිකාරි උඩුගමසූරිය යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
400
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2178
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1652
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජේලර් ඝාතනයේ සැකකරුවෙක් අත්අඩංගුවට