ජෝර්ජියාවේ කළු මුහුද ආසන්නයේ සංචාරක හෝටලයක ඇතිවූ ගින්නක් හේතුවෙන් 11දෙනකු මියගොස් 21ක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. මහල් 22කින් සමන්විත මෙම හෝටලයේ ඇතිවූ ගින්න නිවා දැමීමට පැය ගනනාවත් ගතවූ බව මාධ්‍ය වාර්තා කර ඇත.
ගින්නට හේතුව තවමත් සොයාගෙන නොමැති බව පොලිසිය පවසයි. බොහෝදෙනකු දුම ආශ්වාස වීමෙන් මියගොස් ඇති බවත් ගින්නට මැදිවූ 100ක් පමණ බේරා ගැනීමට හැකිවූ බවත් සහන සේවා කණ්ඩායම් වාර්තා කර ඇත.
එළඹෙන ඉරිදා දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ජෝජියාවේ රූ රැජින තේරීමේ තරඟය සඳහා මෙම හෝටලය සූදානම් කරමින් තිබියදී ගින්න හටගෙන ඇත. එම තරඟයට ඉදිරිපත් වීමට සූදානම්ව සිටි තරුණියන් 20දෙනකු හෝටලයේ නවාතැන්ගෙන සිටි නමුත් ගින්නෙන් ඔවුන් කිසිවකුටක් හානියක් නොවූ බව පැවසේ.
085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd