ජපානයේ උතුරු දිග හොකයිඩෝ දූපතේ අද(06) සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් දෙදෙනකු මියගොස් 38දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
මෙය රිච්ටර් මාපාංක 6.7ක් ලෙස සටහන්ව ඇති බවත් කම්පන කේන්ද්‍රය හොකයිඩෝහි ප්‍රධාන නගරය වන සැප්පොරෝ වලට කිලෝමීටර් 65ක් දුරින් හා පොළව මට්ටමේ සිට කිලෝමීටර් 40ක් ගැඹුරින් පිහිටා ඇති බවත් ජපාන කාළගුණ විද්‍යා කාර්යාංශය පවසයි.
සුනාමි අවදානමක් ඇති නොවූ බවද පැවසේ.
කම්පනය හේතුවෙන් නායයෑම් ද සිදුවී ඇති හෙයින් මියගිය සංඛ්‍යාව ඉහල යෑමට ඉඩ ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.
විදුලි බලාගාර කිහිපයකට හා න්‍යෂික බලාගාරයකට ද හානි සිදුව ඇති අතර මිලියන තුනක පමණ ජනතාවකට විදුලිය විසන්ධි වී ඇත.
කෙසේ වුවද ඉදිරි දින කිහිපයේ ප්‍රබල පසු කම්පන ඇති විය හැකි බැවින් අවදානයෙන් සිටින ලෙසට ද අනතුරු අඟවා ඇත.
භූමි කම්පා සක්‍රිය කළාපයක පිහිටා ඇති ජපානය ලෝකයේ සිදුවන රිච්ටර් මාපාංක 06ට වැඩි කම්පන වලින් සියයට 20කට හිමිකම් කියයි.
පසුගිය දින කිහිපයේ ජපානයේ බටහිර දූපත් හරහා හමා ගිය ජේබි සුළි කුණාටුව හේතුවෙන් 10දෙනකු පමණ මියගිය අතර මහත් හානි සිදුවිය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


2025 දෙසැම්බර් මස 18
617
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපානයේ හොකයිඩෝ දූපතේ භූමිකම්පාවකින් දෙදෙනකු මරුට 38 ක් අතුරුදන්