IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජන බලයේ බෙදූ කිරි පැකට් බී මන්ත්‍රී ඩලසුත් අසනීප වෙලා

(නාලක සංජීව දහනායක) 
 .
ඒකාබද්ධ විපක්‍ෂය  පසුගිය පස් වැනිදා පවත්වන ලද ජනබලය - කොළඹට විරෝධතා ව්‍යාපාරය අතරතුරදී කිසියම් පිරිසක් විසින් බෙදාහරින ලද කිරිපැකට් පානය කිරීමෙන් තමන්ද දින තුනක් පමණ රෝගාතුරව සිටි බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (12) පැවසීය.
 
විරෝධතාවය අතරතුරදී කිසියම් පිරිසක් විසින් බෙදාහරින ලද කිරිපැකට් තුනක් පමන තම රියදුරා  ගෙනවිත් තිබූ බවත් තමන් ඉන් එක් කිරිපැකට් එකක් පානය කිරීමෙන් එම අජීර්ණ තත්ත්වය ඇතිවූ බවත් එම රොගී තත්ත්වය තවමත් සුවවී නැතැ බවත් ඔහු කීවේය.
 
තමන්ට ලැබුණු කිරිපැකට්ටුවේ නිෂ්පාදිත දිනය ලෙස පසුගිය මස 24 වැනිදාත් කල් ඉකුත්වන දිනය ලෙස මේ මස 30 වැනිදාත් සටහන්ව තිබූ බවද ඔහු පැවසීය.
 
ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (12) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

 



අදහස් (8)

ජන බලයේ බෙදූ කිරි පැකට් බී මන්ත්‍රී ඩලසුත් අසනීප වෙලා

පිටිගල මිලානෝ Wednesday, 12 September 2018 11:19 AM

ඇයි ෂන්ග්රිලා හෝටලෙන් බිව් කිරි මඳි වෙලාද අර අහිංසකයන්ගේ කිරි පැකට්ටුවටත් විද්දේ?

:       36       122

sam Wednesday, 12 September 2018 11:34 AM

මොකද මේ ""කිසියම් පිරිසක්"" විසින් බෙදා හරින ලද කිරි පැකට් කියන්නේ ?? ඕවා බෙදුවේ අපේ සංවිධායකයෝ කියලා කියන්න ලැජ්ජද?? ෆ්‍රිජ් එකේ තියන්න ඕනෑ දේවල් ගිනි අව්වේ පාරවල් අයිනේ ගොඩ ගහලා තියලා ඔයින් බේරුනා ඇති........

:       0       3

karthini Wednesday, 12 September 2018 11:45 AM

හොර ගෙඩියා, මරා ළඟ හිනා වේවි හිටියා අපි දැක්කා !

:       0       161

sirimal Wednesday, 12 September 2018 11:46 AM

නිෂ්පාදිත සහ කල් ඉකුත්වෙන දින ගණන් එහෙම බලලා තමයි එහෙනම් බීල තියෙන්නේ... නිකන් හම්බ වෙනවා නම් හොරිත් හොඳයි කීවලු කහකහ ඉන්න. මේකත් ඒවගේ දෙයක් තමයි. අපි දැක්කා "ලෙඩ වෙලා කියලා කියන කොට "දත් තිස් දෙකම පෙන්න පෙන්නා හිනහ වෙවී පිටිපස්සට වෙලා හිටිය හැටි. අසනීප බවක් නම් පෙනෙන්න තිබුනේ නැහැ. නෝචොක් හිනාවෙන්ම අපට නම් පෙනුනේ මේක තවත් විනෝද සමයක් කියලා තමයි. ඉන්දියාවේදී "ඉදිරි 2019 ජනාධිපතිවරණයේදී සහ ඊළඟ මහ මැතිවරණයේදී තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ දේශපාලන සන්ධානයට නායකත්වය දෙන බවත් තම පාර්ශ්වයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් 100% ක් විශ්වාස බවත් ඒ පිළිබඳව කිසිදු සැකයක් නොමැති බවත්" ඔබතුමාලගේම නිල නොලත් නායකතුමා ප්‍රකාශ කර තිබුනනේ. ඉතින් මක්කටෙයි මේ කොහේදෝ යන කිරි පැකට්ටුවක් අල්ලාගෙන නහයෙන් අඬන්නේ...?

:       0       194

සංජීව Wednesday, 12 September 2018 11:52 AM

එක බොරුවක් වහන්න තව බොරුවක්‌ කිව්වා..

:       11       111

chathuri Wednesday, 12 September 2018 12:03 PM

දුප්පතාගේ දේ කන කොට ඔහොම වෙනවා. ඔය කට්ටිය පරිස්සමින් ඉන්න කාපු ඒවල ප්‍රතිඵල ලැබෙන්නේ පසුවට...

:       0       133

ajith Wednesday, 12 September 2018 12:50 PM

මන්ත්‍රීතුමෝ කල් ඉකුත් වෙච්ච කිරි බීලද අර පරපුර වැනිවැනී නටනට ගියේ. කල් ඉකුත් වෙච්ච කිරි බිව්වාම වෙරි වෙනවා කියලා දන්නේ නැතුව හිටියේ... පව්

:       0       25

OMG Wednesday, 12 September 2018 01:05 PM

පව් අනේ මන්ත්‍රී ඩලස්. ඔයාලට පව් කියලා හිතෙන්නේ නැත්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 64 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 345 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site