( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ලක් සතොස ආයතනයෙන් භාණ්ඩ අවභාවිත කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නඩු විභාගය නිමවන තුරු රිමාන්ඞ් බාරයට පත් කර සිටින තමන් ඇප මත මුදා හැරීම ප‍්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය ඉවත දමා තමන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (5) අවසර ලබා දෙන ලදී.
ඒ අනුව මෙම විශේෂ අභියාචන පෙත්සම ලබන 18 වැනි දා විභාගයට ගැනීමට ද අධිකරණය තීන්දු කළේය.
ප‍්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.බී.දෙහිදෙණිය සහ මුර්දු ප‍්‍රනාන්දු යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අතර එහිදී මෙම තීන්දුව ලබා දෙන ලදී.
හිටපු අමාත්‍ය සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති නම් කරනු ලැබ ඇත.
නීතීඥ සනත් විජේවර්ධන මහතා ගේ උපදෙස් පරිදි ගොනු කළ පෙත්සමේ මෙසේද සඳහන් වේ.
මෙම නඩුව යළිත් පසුගිය සැප්තැම්බර් 3 වැනිදා විභාගයට කැඳවනු ලැබු අතර එහිදී පෙත්සම්කරු නඩුව නිමවන තෙක් රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබීණි.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධනගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩිනම් කරලා ගත් නඩුවත් දැන් ඇදෙනවා වගේ... මේ රටට දෙවියන්ගේම පිහිටයි.