(විනීතා එම් ගමගේ)
ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පි‍්‍රයන්ජිත් විතාරණ මහතා සිය තනතුරෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
පෞද්ගලික හා සෞඛ්‍ය හේතුන් මත ඉල්ලා අස්වන බව ඒ මහතා මධ්‍යම කාරක සභාවට ලිපියකින් දැනුම් දී ඇත.
ඊයේ (21) දේශපාලන මණ්ඩලයට විතාරණ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති අතර එය දේශපාලන මණ්ඩල සභිකයින් විසින් මධ්‍යම කාරක සභාව වෙත භාර දෙනු ලැබ තිබේ.
පක්ෂයේ නියෝජ්‍ය ලේකම්වරුන් හතර දෙනාගෙන් එක් අයකු වන නීතිඥ කපිල ගමගේ මහතා වැඩ බලන ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පක්ෂය තනිව කිසිම මැතිවරණයකට ඉදිරිපත් නොවනුයේ ඔවුන්ගේ හෙළුව පෙනෙන නිසාය. මෙය තවත් එක්තරා නාමික පක්ෂයක් පමණි. මොවුන්හට ඡන්ද 25,000 ක් ලබා තමන්ගේ ස්ථාවරය පෙන්වන ලෙස අපි සැමදා අභියෝගකර කර ඇත්තෙමු.
මේ අය සෑම අවස්ථාවේම අනුන්ගේ රෙදිපොටවල්වල එල්ලිලා ඇවිල්ලා තමයි අසුනේ වාඩිවෙලා ලෝකෙම ජයගත්තා වගේ බෙරිහන් දෙන්නේ. ඇත්තටම මේ අයට පිළිගතහැකි ඡන්ද පදනමක් තියෙනවාද කියලා කවුරු කවුරුත් සිතා බැලුවොත් හොඳයි නේද? නොඑසේ නම් සිදුවන්නේ ඡන්ද අපතේ යාමක් නේද?
ඔහොම යමුකෝ. කාටවත් මුක්කු නොගහ තනිවම ගන්න ඡන්ද ප්‍රමාණය අනුව තමා පක්ෂයක රඳා පැවැත්ම තියෙන්නේ. ඩිල්දාලා මුක්කු ගහල යන උදවිය ටික දුරයි යන්නේ.
නියත ලෙසම ඔහු විදේශීය බලවේගයක අතකොළුවක් වී ඇත. හැකි ඉක්මණින් කොතනක හෝ මහා සත්‍යයක් ග්‍රහණයක් කොට මෙය නවත්වා ගතයුතුයි. නොඑසේ නම් තවබොහෝ දෙනා ජාතියේ පංචායුධය ගලවනු ඇත.