(නිමන්ති රණසිංහ)
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ 73 වන සමුලූව ඇමතීමට විදේශ ගතවූ අවස්ථාවේදී එරට රැදී සිටි හෝටලයේ විස්තර ඇතුලූ සංවේදී සහ අධි ආරක්ෂිත තොරතුරු පෞද්ගලික වෙබ් අඩවියකට මුදා හැර ඇති අතර ඒවා කවර ආකාරයෙන් අන්තර්ජාලයට ප‍්‍රවිෂ්ට වූවාද යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද (09) කරුණු වාර්තා කර ඇත.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා මහතා විසිනි.
ඒ අනුව මෙම සිදුවීම මගින් ජනාධිපතිවරයාගේ සහ ජාතික අරක්ෂාවට හා මහජන සාමයට බරපතල තර්ජනයක් සිදුවී ඇති බවට කරුණු අනාවරණය වන බවත් එය 2007 අක 24 දරන පරිගණක පනතේ 06 වන වගන්තිය යටතේ ගැනෙන වරදක් බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
ඒ අනුව මෙම සංවේදී හා අධි ආරක්ෂිත තොරතුරු කවර ආකාරයෙන් අන්තර්ජාලයට ප‍්‍රවිශිෂ්ඨ වුවාදැයි යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය කරනු ලබන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට කරුනු ඉදිරිපත් කර ඇත.
COMMENTS
මෙය අපෙදිලිය. එතුමා නවතෙගෙන හිටපු හොටෙලෙක ආරෙක්ෂාව ගෙන කටුතුකෙල FBI සහ අමෙරිචානු රහස් සංවිදංයඒ . එහෙ වෙඡා දෙයකට මෙහෙ පරීක්ෂණ කිරීම මට අපෙදිලිය.
මෙවැනි සංචාර සඳහා සහභාගී කරගන්නේ, ප්‍රවීණ, සුදුසුකම් සහිත විශිෂ්ටයන් බව අපගේ අදහසයි. එබැවින් මෙවැන්නක් සිදු වීමට ඉඩක් නැත.
තාෂණය ඒ තරම්ම දියුණුයි. බැඳපු ජෝඩුවකට හෝටලයක මදුසමය ගත කිරීම වත් පරිස්සම් නැත.
ඔය අධි ආරක්ෂිත තොරතුරු කියන්නේ ලක්ෂ 60 ක් පමණ වියදම් කර මුද්‍රණය කල එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් නිමවූ ජනපති පුරාජේරු පොත ගැන සහ ගමනට සහබාගි වූ පවුලේ සියලුදෙනා සහ පවුලට බැදෙන්න ඉන්න අනාගත නෑදෑයන් සමුහය ගැන විස්තර පල වූ එකට වෙන්න ඇති , මේ සේරම මහජන මුදලින් ඔය ගමන ගියේ කෝ රටට ගෙනා ප්‍රතිලාබ, ඒවා හොරෙන් කරන්න ඕන නැහැ. ජනතාවට අයිතියක් තියනවා බදු මුදල් වලට වෙන දේ දැනගන්න
ගොබ්බ පුද්ගලයන් යන යන තැන කෙරෙන දේවල් පිළිඹදව ලෝකයම අවධානයෙන් සිටින්නේ මහජන මුදල් නාස්තිය පිළිඹදව දැනගත් යුතු නිසාය. එ මහජන මුදල් නාස්ති කල ආකාරය පිලිම්බවදව පරීක්ෂණ පැවැත්වීම විනා තොරතුරු දුන් ය ගැන සෙවීම නොවේ.
මෙතුමා බලයට පත් කිරීමට ඡන්දය දීමෙන් මා කරලා තියෙන්නේ ජීවිතේට කරපු ලොකුම මෝඩකම කියලා දැන් නම් හිතෙනවා.