IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජනපති පැමිණි පසු ශ්‍රීලනිප - සන්ධාන කාරක සභා රැස් වෙයි

(අජන්ත කුමාර අගලකඩ)
 
සීෂෙල්ස්හි දෙදින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණි වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ සන්ධාන විධායක සභාව කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග  සඳහන් කරයි.
 
සීෂෙල්ස්හි සංචාරය සඳහා අද (08) දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපතිවරයා අනිද්දා යළි දිවයිනට පැමිණීමට නියමිතය.
 
මේ දිනවල අන්දෝලනයට ලක්ව ඇති වත්මන් දේශපාලන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා පක්ෂ මධ්‍යම කාරක සභාවත් සන්ධානයේ විධායක සභාවත් මෙසේ කැඳවනු ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවැසේ.
 
මේ අතර වත්මන් දේශපාලනික තත්ත්වය සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සති දෙකක් තුළ වාර්තාවක් ලබා ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව විසින් පත්කරන ලද කමිටුව ද අනිද්දා (10) පළමු වරට රැස්වීමට නියමිතය.



අදහස් (2)

ජනපති පැමිණි පසු ශ්‍රීලනිප - සන්ධාන කාරක සභා රැස් වෙයි

රණසිංහ Monday, 08 October 2018 08:01 PM

යූ.එන්.පී.එක ඉල්ලං කෑවා. තමන්ගෙ පක්ෂයෙ මිනිස්සුවත් පයිසෙකට ගනන් ගන්නෙ නැති කෙනෙක්ව එජාප ඡන්දවලින් ජනපති කරාට. මහින්දත් නිසි තැනක් නොදී තියාගත්තෙ බාල ගති නිසා අද ඒක එජාපයත් අත්විඳීමින් සිටියි.

:       1       2

OMG Tuesday, 09 October 2018 07:21 AM

අහක යන නයි ඇඟට දා ගන්නවා කියන්නේ ඕකට තමා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site