නාලක සංජීව දහනායක
තමන්ව ඝාතනය කිරීමේ උත්සාහය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වන නිහඬතාවය සම්බන්ධයෙන් සැකයක් ඇතැයි එකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (19) පැවසීය.
රාජ්‍ය නායකයා ඝාතනය ගොදුරක් බවට පත්වූ සමාජයක සාමාන්‍ය පුරවැසියාගේ ඉරණම ගැන කතාකිරීමට දෙයක් නැතැයිද ඔහු කීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය පිළිබඳව හෙළිදරව් වී අදට දින අටක් වෙනවා. ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වේයැයි සමාජයේ කතාබහ වෙන වත්මන් ජනාධිපතිවරයා, අගමැතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඉලක්ක කරගනිමින් මෙම ඝාතන කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මක වෙනවා. ඒ නම් තුනෙන් දෙන්නෙක් ඝාතනය කරන්න සැළැසුම් සකස් වෙනවා.
මෙම ඝාතන සැලැස්මේ මහමොළකරු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයායි. ඔහු මෙම ඝාතන සැළැස්ම ක‍්‍රියාත්මක කරන්න පාතාලය සම්බන්ධ කර ගන්නවා. ඒ පාතලය පොලීසිය සමඟ සම්බන්ධ කරන්නේ පොලිස්පතිවරයායි. දැනට හෙළිදරව් වී ඇති ආකාරයට ඔවුන් මෙම සැලැස්මේ අරමුණ වී තිබෙන්නේ ජනාධිපතිවරයා දේශපාලනික වශයෙන් අවලංගු කරලා අගමැතිවරයාගේ ප‍්‍රතිරූපය පිම්බීමයි.
ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (19) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
පිරුණු කලේ දිය නොසැලේ කිව්ව කතාව අහලා නැද්ද? ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වෙන හින්දා මොනවද සද්ද කරන්න අවශ්‍ය හේතුව? ඒකාබද්ධයට නම් හැම බඩ කඩිත්තුවක්ම නැට්ටෙන් අල්ලාගෙන පෙළපාලි යන්න, රැස්වීම් තියන්න, වොයිස්කට් දෙන්න, මාධ්‍ය සාකච්ඡා තියන්න, එළිවෙනකල් ජෝගි නටන්න ඕනෑතරම් හේතු කාරණා තියෙනවා. මොන මොනවා හරි කරලා" සීන් " එකේ ඉන්නත් එපායැ....
ජනාධිපතිවරයා දේශපාලනික වශයෙන් අවලංගු වුනේ ඔබලා නිසා. ජනධිපතිත් ඔයාලා වගෙයි... බොරුවට අඬන්න ඕනෙද? නාමල් කුමාරව ඉදිරියට ගෙනාවෙත් තමුන්ලාම නේද?
මෙයා අපේ රටට කරපු වැඩක් කවුරු හරි කියන්නකෝ?
මා සිතන්නේ මෙය රටේ ඇති ප්‍රශ්න යටගසා ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට ගත් තැතක් යයි කියා .
රටට සෙතක් නැති කෙනෙක්
හැමදාමත්, ජනතාව නොමග යවා කරපු දුෂණ වංචා යටපත් කරන්න කරන මෙහෙයුම් නිසා ඇත්ත වුනත්, කාටවත් ඔය හොර බද්දය කරන විහිළු ප්‍රකාශ දැන් ගණන් ගන්න බැහැ. බලය ලබාගන්න රට නොමග යවන්න එපා.