IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘ජනපති ඝාතන කුමන්ත්‍රණය සුළුවෙන් තැකිය නොහැකියි‘

(ඩයනා උදයංගනී)

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් ගැන කර ඇති හෙළිදරව්ව සුළු කොට තැකිය නොහැකි භයානක දෙයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.


දුෂණයට, මත්ද්‍රව්‍යවලට එරෙහි ප‍්‍රතිපත්තිගරුක නායකයෙක් වන ජනාධිපතිවරයාට එවැනි තර්ජන පැවතිය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. 


   ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය බාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළ බවට නාමල් කුමාර නැමති අයෙක් විසින් කර ඇති හෙළිදරව්ව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව කී ඇමතිවරයා එම පරීක්‍ෂණවලදී ජනාධිපතිවරයාට එවැනි තර්ජනයක් පවතින බව හෙළිවුවහොත් ඔහුගේ ආරක්‍ෂාව ප‍්‍රමාණවත් ද යන්න ගැන වගකිවයුත්තන් තීරණයක් ගත යුතු බව ද ඇමතිවරයා කීවේය.


 රටේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේත් නායකයා වන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කර ඇති එම හෙළිදරව්ව ගැන පක්‍ෂයේ සියලූ දෙනා තුළ යම් බියක් තිබෙන බවද මහින්ද සමරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.


            මෙම හෙළිදරව් කළ සිද්ධිය සම්බන්ධයෙන් හෙළි කර ඇති හඬපටවල ඇති හඬ කාගේද යන්න නවීන තාක්‍ෂණය යොදාගෙන හඳුනාගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පියවර ගැනෙනු ඇතැයි ද ඇමතිවරයා කියා සිටියේය.

එමෙන්ම නඩු ගොනු කිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්‍ෂි හෝ නොමැතිව රණවිරුවන් අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ කාගේ උවමනාවකටද යන්න සොයාබැලිය යුතු බවත්, එය සැහැල්ලූවට ගත හැකි තත්ත්වයක් නොවන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.


උසස් තනතුරු දරණ රණවිරුවන් අත්අඩංගුවට ගැනීම ගැන සේනාධිනායකයා සහ ආරක්‍ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාව හෝ දැනුවත් නොකෙරෙන තත්ත්වයක් තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන්  කළේය.

අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (1)

‘ජනපති ඝාතන කුමන්ත්‍රණය සුළුවෙන් තැකිය නොහැකියි‘

OMG Tuesday, 18 September 2018 12:37 PM

අපිට නම් කිසිම දෙයක් සුළුවෙන් තැකිය නොහැකියි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 475 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1048 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site