තරිඳු ජයවර්ධන
ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි ත්‍රස්ත විමර්ශන අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව නැගෙන චෝදනා සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබේ.
ඒ අනුව කඩිනමින් පරීක්ෂණ පවත්වන දන්වමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එම පැමිණිලි රහස් පොලිසියට යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මිට පෙර මෙම සිද්ධිය විමර්ශනය කරන ලෙස පොලිසිය දැනුම් දී තිබුණේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයටය. මෙම පැමිණිල්ල ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා විමර්ශනය කරන ලෙස දන්වමින් පොලිස් කොමිසම අද සවස පොලිස්පතිවරයාට ලිපියක් යැවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අනුකම්පාව ගන්න කරපු උප්පරවැට්ටියක් කියලා හිතෙනවා. කවුරු මැරුවත් එකයි කියලා කියන්න යනවා වගේ...
බැංකු කේස් වගේ යට ගහන්න එපා. මෙය විමර්ශණය කර, වැරදි කරුවන්ට දඬුවම් දෙන්න. නැත්නම්, මෙයද ඡන්දෙ දී ප්‍රධාන තුරුම්පුව කරගනු ඇත...
පින් සිද්ද වෙයි, අගමැතිතුමනි..... රට සංවර්ධනය සඳහා ඔබතුමාට දහසකුත් එකක් වැඩ තිබෙන මේ අවස්ථාවේදී, අනුන්ගේ පිළිකණුවලින් හෝ කුස්සි මුළුවලින් එන සිල්ලර කතාබහට ඔබේ කාලය මිඩංගු කරන්න සුදානම් වෙන්න එපා ! ඒවාට වෙනත් ආයතන තිබෙන බව මුළුරටම දන්නවා නේද ? එහෙම වුනොත් "බල්ලාගේ වැඩේ බුරුව භාර ගත්තා කියා" මුළු රටම ඔබට සමච්චල් කරන දිනය වැඩි ඈතක වෙන්න බැරි නැහැ...!
ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි ත්‍රස්ත විමර්ශන අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව නැගෙන චෝදනා සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබේ. ලෝකයේ කිසිම රටක පොලිසියක ලංකාවේ පොලිස්පතිවරයා තරම් රටට ලෝකයට තම ආයතනයට සහ පොලිසියේ සේවයකරන සියලුම නිලධාරින්ට පමණක් නොව ඔහුගේ දරන පොලිස්පති තනතුරට සහ නිල ඇදුමටට මෙතරම් නිගාවට පත්කරගන්නා පොලිස් ලොක්කෙක් පොලිස් ඉතිහාසයේම නැත. ලෝකයේ දියුණු රටවල පොලිස් නිලධාරීන් කිසිදිනෙක අනවශ්‍ය ලෙස හැසිරෙන්නේ නැත. තම ආත්මගරුත්වය සහ ඔවුන් සේවය කරන නිලයට සහ ආයතනයට ශ්‍රේෂ්ට ගරුත්වයක් ලබා දීමට ඔවුන් වගබලා ගනී. කිසිදිනෙක නිල ඇඳුම පිටින් මහජනතාව අතරට ගොස් සිංදුකීම හෝ රඟපෑම් වලට යන්නේ නැත. මහා සංඝරත්නය පාසල් ළමුන් සහ ගුරුවරුන් ඉදිරියේ පොලිස්පතිවරයාගේ හැසිරීම 0% යි. මේ පොලිස්පතිවරයා ගැන විශේෂ අවධානයක් යොමුකොට සත්‍ය වශයෙන්ම ඔහුට සිදුවී අැත්තේ කුමක්ද කියා සොයා බලා ඒ ගැනත් වාර්තාවක් ලබාගත යුතුවේ.
රණවිරුවන් කියලා ජනතාව ඉහළ තියන් ඉන්න මේ ලොක්කෝ මේ වගේ අපරාද කරනවා නම් රටට දෙවියන්ගේම පිහිටයි. රටේ ප්‍රධානියාට තර්ජන එල්ල කරනවා නම් සාමාන්‍ය ජනතාවට මොනවා කරයිද?
හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ වෙයිද?
ඔන්න මම වාර්තාව "රතඹලා කෙසෙල් දල්ලක" පැහැදිලිව ලියල එව්වා. ඉක්මනට රොටිය වඩන්න කෝ...