විදුලි පුටු දැන් නැති බවත්, ජාත්‍යන්තර යුද අධිකරණවලට රණවිරුවන් ගෙනයන්නේ නැති බවත් එවන් පසුබිමක් ඇතිවී තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන ලෝකයම විශ්වාසය තියන නිසා බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. අමරවීර මහතා මෙම අදහස් පළකළේ මහනුවර ගැටඹේ දැන් පැවැත්වෙන ශ්‍රීලනිප - එජනිස මැයි දින රැළියට එක්වෙමිනි.
“අපිට තහංචි පිට තහංචි දාගෙන ආවා. අපේ මාළු ගන්න එක නැවැත්තුවා. ඇඟළුම් වලට තහනම තිබ්බා. ඊළඟට තිබ්බේ තේකොළ තහනම. මෙහෙම තහනම් එන්න තියෙද්දි තමයි මෙතුමා ජනාධිපති වුණේ. අපේ රට ගැන විශ්වාසය ඇති වුණා. ඒ නිසා මත්ස්‍ය තහනම ඉවත් කර ගන්න පුළුවන් වුණා.“
“ජීඑස්පී සහන ගන්න නම් ෆෙඩරල් දෙන්න වෙයි කියලා සමහරු කිව්වා. ජීඑස්පී දෙන්න නම් අපේ රට පාවා දෙන්න වෙයි කියා බොහෝ අය කිව්වා. රටට අහිතකර කිසිදු කොන්දේසියකට එකඟ නොවී තමයි ඒ තහනම ඉවත් කර ගත්තේ.‘ යයිද මහින්ද අමරවීර මහතා පැවසීය.
මහින්ද අමරවීර මහතා මෙසේද පැවසීය.
“අපි කිව්වා අපි වාර්තා පිට වාර්තා තියනවා කියලා. ලංකා ඉතිහාසයේ වැඩිම ජන ගඟ ගැටඹෙට පැමිණි බව අපි කියනවා. තවමත් කිලෝමීටර පහකට වැඩිය ජන ගඟ ගලාගෙන එනවා“
“අපි ඉන්නේ කවදත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙයි කියන පණිවිඩය තමයි මේ දෙන්නේ. ශ්‍රී ලංකා කාරයන් ගුටිකනකොට මෛත්‍රීපාල සිරිසේන මහතා කිව්වා ශ්‍රීලනිප සාමාජිකයන්ට හිරිහැරයක් වෙන්න බෑ කියලා. එළියට දාපු විශාල පිරිසකට රස්සාවල් දීලයි එතුමා පටන් ගත්තේ. 2001 ශ්‍රීලනිපය පරදිද්දි අපට කොහොමද සැලකුවේ කියලා මතකයි. මෛත්‍රීපාල සිරිසේනව මහතා එය මෙවර එය නැවැත්තුවා“ යයිද හෙතෙම පැවසීය.
යුග මෙහෙවරක් ඉටු කිරීමේ කාර්යය අපට පැවරිලා - නිමල් සිරිපාල
අපට නව යුග මෙහෙවරක් ඉටු කිරීමේ කාර්ය භාරය පැවරී තිබෙන බවත් මේ රටේ රාජ්‍ය දේපොළ විකිණීම නවතා රටේ ජනතාව වෙනුවෙන් ආරක්ෂා කර දීමේ දැවැන්ත කාර්ය භාරය ශ්‍රීලනිපයට පැවරී තිබෙන බවත් ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසූයේ ගැටඹේදී පැවැත්වෙන එජනිස - ශ්‍රීලනිප මැයි දින රැළියට එක්වෙමිනි.
“ජනාධිපතිවරයා මේ සඳහා පියවර ගනිමින් ඉන්නවා. සන්ධාන රජයේ සිටින අපේ මැති ඇමැතිවරුන් මේ වගකීම කර තබාගෙන ක්‍රියා කරන නිසා ඒ අයිතිවාසිකම් රටේ ජනතාවට ආරක්ෂා කර දීමට හැකි වී තිබෙනවා.‘ යයිද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
කම්කරු ඇමැති ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා විසින් මැයිදින සමරු කලාපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනමනු ලැබීය.
ශ්‍රීලනිප මැයි රැළියට ජනපති රතු කමිසයක් ඇඳන් එයි
රතු පැහැති කමිසයකින් සහ සුදු සරමකින් සැරසුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ටික වේලාවකට පෙර ගැටඹේ පැවැත්වෙන ශ්‍රීලංකා නිදහස් පක්ෂ මැයි දින රැලියට සහභාගී විය.
සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර, ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහත්වරු ජනාධිපතිවරයා පිළිගත්හ.
ගැටඹේට වැටෙන වැස්ස වැඩිවෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලිය පැවැත්වෙන මහනුවර ගැටඹේ ප්‍රදේශයට ඇද හැළුණු මද වැස්ස මේ වන විට තද වැස්සක් බවට පත්වී තිබේ.
රණවිරුවන් සිහිකරමින් ගැටඹේදී විනාඩියක නිශ්ශබ්දතාවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැලිය ගැටඹේ ක්‍රීඩාංගනයේ දැන් ඇරැඹිණි. රැලියේ වැඩ ආරම්භ කිරීමට පෙර පොළොන්නරුව පුරාණ ඉසිපතනාරාමාධිපති උඩගම ශ්‍රී ධම්මානන්ද නාහිමියෝ බෞද්ධ ආගමික වතාවත් කළහ.
මධ්‍යම පළාත් පූජකවරුන්ගේ සභාපති ප්‍රභාකර කුරුක්කල්තුමෝ හින්දු ආගමික වතාවත් කළහ. රට වෙනුවෙන් දිවි පිදූ සියලු දෙනා සිහි කරමින් විනාඩියක නිශ්ෂබ්දතාවක් පවවන ලෙස ආගමික වතාවත්වලින් පසු සංවිධායකයෝ ඉල්ලා සිටියහ.
පැමිණි සැම දෙනා පිළි ගනිමින් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පිළිගැනීමේ කතාව ඇරැඹීය.
“මැයි දිනය නිවාඩු දිනයක් කළේ ශ්‍රීලනිපයේ නායක එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතානන් විසිනුයි. මේ රට පොදු ජන යුගයකට අරගෙන ගියේ බණ්ඩාරනායක ශ්‍රීමතානන් විසිනුයි. මේ රට සංහිඳියාවෙන් පිරුණු රටක් බවට ගෙන යෑමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය අපි අගය කරනවා“
“ඔබේ පිටුපසින් සිට අපි ඔබට ශක්තිය දෙනවා. සැබෑ ශ්‍රීලනිප සාමාජිකයන්ට උරුම වූ පක්ෂයට පාටක් තිබෙනවා. අද නිල්පාටෙන් තියෙන මැයි රැලිය තිබෙන්නේ ගැටඹේ. ශ්‍රීලනිප තරුණ සංවිධානය ඉන්න රැලිය තිබෙන්නේ ගැටඹේ. ශ්‍රී ලංකා නිදහස් කම්කරුවන්, වෘත්තීය සිමිති තිබෙන රැලිය තිබෙන්නේ ගැටඹේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධජය නිල්පාට. සැබෑ ශ්‍රීලනිප සාමාජිකයන් ගැටඹෙට ඇවිත් ඉන්නවා. ඒ සියලුම දෙනා ගෞරවයෙන් පිළිගන්නවා.‘
සන්ධානයේ මැයි රැළිය දෙතැනකින් ඇරඹෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය තව ස්වල්ප වේලාවකින් මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතය. ගන්නෝරුවේ සිට සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලය අසල සිට ස්ථාන දෙකකින් මැයි දින පෙළපාළි ඇරැඹිණි.
ශ්‍රීලනිප මැයි රැලියේ තේමාව ‘එක මිටට හරි අතට‘ යන්නයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති ද වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි දින රැලිය ආරම්භ වීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්ස විතරද ? තාම හෙන නැද්ද ?
සන්ධානය දියවෙයිද?
රන්ජන්ට ආවතේව කරලම තම පුරුදුයි නේද? ආයෙත් පස්සෙන් යන්න. ඉස්සර කරපුවා ආයෙත් කරගන්න වෙන්නැති දඟලන්නේ. එක දිගට හිටියනම් තාම ඉන්නවනේ, අවුරුදු දෙකක් ඉස්සරවෙලා. දැන් පෙරලන්න වලිකනවා.
රන්ජන් මහත්තයෝ ඔබට වැදිලා තියන හේනේ මදිද?
ස්වභාවධර්මය වුණත් හොඳ මිනිස්සු, නරක මිනිස්සු හොඳින් අඳුනන බව පේනවා...
ඇත්ත අමරේ, ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.
ඒ වුණාට අපේ රටේ මිනිසුන්ගේ නම් කිසිම විශ්වාසයක් නැහැ...
ඒ කතාවේ ඇත්තක් නැත්තෙමත් නැහැ.මොකද"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ"
දුක් විඳ වැඩ කරන ජනතාවගේ දිනය බංකොලොත් දේශපාලකයින්ගේ වාසිය තකා එය දේශපාලන වේදිකාවක් කරගත් හැම බලලෝභී පක්ෂයක්ම හැඳි ගෑවී යන්න ඕනේ කියල හැමෝම සාප කලොත් මීළඟ මැයි දිනය සැබෑ කම්කරු දිනයක් වෙනවා නොඅනුමානයි.
ඔව් තියෙනවා ; මේ රටේ සම්පත් ගැන කෙල හලාගෙන ඉන්න බටහිර රටවල්වල හැත්තට.
ලෝකයාට විශ්වාසයි ලංකාවේ අපිට නම් නෑ. මොකද ලෝකයට ඕන විදිහටනේ වැඩවෙන්නේ.
නැතුව නැතුව, ලෝකයාට අවනත පාලකයෙක් ගැන ලෝකය විශ්වාස නොකරයි නම් කවුරු ගැන විශ්වාස කරන්නද?