නිමන්ති රණසිංහ
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන දුරකථන සබඳතාව ඇතුළත් ජංගම දුරකතනයේ ඇති දත්ත විශ්ලේෂණය කර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (19) රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කළේය.
එසේම, එම දුරකථනයේ අන්තර්ගත හඬපටවල ඇති හඬවල් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සහ නාමල් කුමාර යන අයගේ කටහඬවලට සැසදෙන්නේ ද යන්න තීරණය කිරීම සදහා එම දෙදෙනා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් විය යුතු දිනයක් සහ වේලාවක් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙසද මහේස්ත‍්‍රාත්වරිය රජයේ රස පරීක්ෂකවරයා වෙත තවත් නියෝගයක් නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් අධිකරණයට කළ ඉල්ලීමක් සැළකිල්ලට ගත් අධිකරණය මෙම නියෝග නිකුත් කළේය.
2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජනපති - ගෝඨා ඝාතන සැලසුමේ දුරකථන වාර්තා දෙන්නැයි රස පරීක්ෂකට නියෝග