(අජන්ත කුමාර අගලකඩ නිව්යෝක් නුවර සිට)
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා වේලාවෙන් අද (18) පෙරවරුවේ නිව්යෝර්ක් නුවර ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් එරටට ළඟා විය.
නිව්යෝර්ක් නුවර ජනපති නවාතැන් ගන්නා හෝටලයේදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් විසින් ජනපති සහ ජයන්ති සිරිසේන යුවළ ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.
”ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක් මත සැමදෙනා හට වැදගත් ජීවිතයක් සහ සාමය සඳහා ප්‍රයන්ත දැරීම” තේමාව යටතේ එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 72 වැනි සැසිවාරය නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
එහි ප්‍රධාන සැසිවාරය සැප්තැම්බර් 19 වැනිදා ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ඔහු එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන තෙවැනි අවස්ථාව මෙයයි.
COMMENTS
ඕවා මොනවද? අපේ කලින් ජනාධිපතිතුමා නම් ඔය ලොකු ලොකු රටවලට පක්ෂව ගියේ නැ. එයා ගියේ ස්වාසිලන්තය, සී ෂෙල්ස්, ඩොමිනිකන් රාජ්‍ය වගේ තැන් වලටයි.
බකින්හැම් මාලිගාවත් බලලම එන්න.
අර සොබිත හාමුදුරුවන්ගේ දේහය ඉදිරියේදී " විධායක ජනාධිපතිකම නැති කරනවා" කියලා දිවුරුම් දුන්න වගේ ඔය සාම කතාවේදීත් "ජල්බරියක්" දමා ගත්තොත් " බබිත් සුන්... බබිගේ අම්මත් සුන්" කිව්වා වගේ උතුරු කොරියාවත්, අැමෙරිකාවත්, ලංකාවත් සන් සුන් වෙයි.
ලැජ්ජාවේ බෑ. ඔහොමද යන්න ඕනෑ. ශ්‍රී ලන්කන් යානයක් අරගෙන දෙසිය පනහක් විතර පටවාගෙන මුළු හොටලයක්ම වෙන් කරගෙන සුපිරි කාර් සීයක් විතර කුලියට අරගෙන අපේ රටේ ලොකුකම පෙන්න පෙන්නා පෙරහරකින් සෆාන් එකේ යන්න එපායැ. මහලොකු ඇමෙරිකන් කාරයින්ට හීන් දාඩිය දාන්නත් එක්ක. මොනවද මේ දෙකයි පනහේ වැඩ?