චමිල් රුපසිංහ
 
දින කිහිපයකට පෙර ජනාධිපතිතුමා හා ආර්යාවද සිල් රෙදි බෙදනු තමන් දුටුව බවත් මේ විදිහට ගියහොත් ජනාධිපති ආර්යාවටද නඩු දැමිය හැකි එය බවත් එය මහා භයානක තත්ත්වයක් බවත් හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
 
සිල් රෙදි බෙදීම සම්බන්දව බන්ධනාගාර ගතකරන ලද හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග හා අනුෂ පැල්පිට මහතා බැලීම සඳහා තමන් යන බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (08) මහනුවරදී පැවැසිය.
 
මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ මහනුවර බූවැලිකඩ ශ්‍රී වර්ධනාරාම විහාරාධිපති වල්ගොව්වාගොඩ   ශ්‍රී මේධංකර විමල බුද්ධි නාහිමයන්ගේ 76 වැනි ජන්ම දින පිංකමට එක්වෙමිනි.
 
රාජ්‍ය නිලධාරින්   අත්අඩංගුවට ගැනීම නිසා ඔවුන් සාධරණ දෙයකට වුවද ආධාරයක් දීම  නොකරනු ඇති බවත් හිටපු ජනපති කීවේය.