(මනෝප‍්‍රිය ගුණසේකර)
එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්කි දීමට රාජකාරීමය හේතූන් මත අද (17) අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහත්වරු නීතීඥවරයෙකු මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතාට අද (17) දැනුම් දුන්නේය.
මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ මහත්වරු අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළැයි චෝදනා කරමින් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඒ බව දැනුම් දුන් අතර මෙම නඩුව යළි විභාග කෙරෙන ලබන දෙසැම්බර් 4 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට දැනුම් දෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයාට විනිසුරුවරයා දැනුම් දුන්නේය.
විත්තිකාර එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අද අධිකරණයේ පෙනී සිටියේය.
මෙම නඩුවේ පැමිණිල්ලේ ප‍්‍රධාන සාක්කිකරුවන් දෙදෙනා වන ජනපති හා අගමැතිට අමතරව පැමිණිල්ලේ සාක්කිකරුවන් 15 දෙනාගෙන් තිදෙනෙකු හැර සෙසු සියලු සාක්කිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව ලබන දෙසැම්බර් 4 වැනිදා සිට 12 වැනිදා දක්වා විභාග කිරීමට තීරණය කෙරිණි.
COMMENTS
සියලුම කාරණ විමසා බලලයි දෙන්නේ... තීන්දුව උදහස් පැමිණිලි කරුවෝ, වැරදි කාරයෝ, විත්ති කාරයෝ නිදහස් ...
රනිල් මහත්තයත් රටේ නීතියට යටයි. එතුමා අගමැති වුණා කියලා නෙමේ... මේ රටේ එක පුරවැසියෙක් විතරයි. එතුමා කරන රස්සාවට ඕන කරන දීමනා මහජනතාව ගෙවනවා වගේ (බදු විදියට), උසාවියෙන් කිව්වොත් උසාවි එන්න ඕනේ සමනලයෙක් වෙන්නේ නැතුව....
ගස්බෙනේක හැදී හොරු රංචුවක් වෙතට වැටුණු ගිරවාගේ ගිරා පෝතක කතා වස්තුව මතක් වෙනවා.
ලංකාවේ අනික් පුරවැසියන්ටත් ඔය කාරණාව කියලා උසාවිය මග අරින්න පුළුවන්ද? නීතිය ඉදිරියේ සියල්ලන්ම සමානයි කියලයි කියන්නේ
කොහොමත් තිස්ස අත්තනායක මහත්තයා කියපු දේවල් නම් හරියටම හරි. ඒ දේවල් එකින් එක සිද්ද වෙනවා.
මහලොකුවට කීවේ සාක්කි දෙන්ට උසාවි යනවා කියලනේ දෙන්නම. දැන් මොකද බයවෙලා ඉන්නේ? තිස්ස අත්තනායක මහත්තයා හැම දෙයක්ම දැනගෙන තමයි එජාපෙන් එළියට බැස්සේ.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. කාට කියන්නද.
උසාවි එන්න බැරිනම් මොන දේකටද නඩු දැම්මේ?
ඔය නඩුව සාක්කිකාරයෝ අවේ නැති වුනහම නිකන්ම විසි කරවී, මේකත් අර පසුගිය ආණ්ඩුවේ හිටපු හොරු අල්ලනවා කියල පොරොන්දු වුනා වගේ "කඩවුණු පොරොන්දුවක් "වේවී.
සුදනන්ට දුදනන් ඉන්න පළාතකටවත් එන්න එපා කියලා දහමේ සඳහන් ...
අනුන්ගේ ඇම කාල මුදලට ගිජුවෙලා පක්ෂය පාවාදීල හොරු දිනයි කියල හිතාගෙන හොරුන්ට හේත්තු වෙන්න ගිහින් අල්ලපු වත්තයි හිටපු වත්තයි දෙකම නෙතිකරගත් නරයෙක්..
අනික් හොරු බේරා ගත්ත වගේ මේ නඩුවත් විසිවෙන්න ඇරලා එයාවත් බේරා ගන්නයි ඔය හදන්නේ.
ඒ දෙන්නට හරියට වැඩ. ඉතින් මොකද කරන්නේ?
අයුක්තිය අසාධාරණය වෙනුවෙන් ජනතාව උදෙසා නැගී සිටීමට ජනතාව විසින් තොරාගන්න ලද යහ පාලනයේ තරම මෙන්න. හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙටළු ඉතින් අපි උඩබලාගෙන ඉමු වෙන මොනවනම් කරන්නද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අගමැතිට මුක්තියක් ලබා දීල නැහැ. තමුන් කල දේ තමුන්ටම යලි කැරකෙන බවක් පෙනී යනවා. අනික මිනිස්සු චන්දෙ දුන්නේ ජනාධිපතිවත් උසාවියට ගෙනෙනවා යනුවෙන් ලබෙදෙන ලද පොරොන්දුව මතයි. ලංකාවේ නීති හැදෙන්නේ ජනතාවගේ අභිලාෂයන් මත. දැන් ජනාධිපතිට සහ අගමැතිට උසාවිය හමුවේ පෙනී සිටින්නට සිදුවෙනවා. මෙහිදී ගරු මහාධිකරණ විනිසුරුතුමා මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමක් සිදු කරවී සමහරවිට
අගමැති බැහැ කිව්වම ඊට පස්සේ ඇමතිලා, ඇමතිලා බැහැ කිව්වහම මන්ත්‍රීලා, මන්ත්‍රීලා බැහැ කිව්වහම පළාත් සභා ඇමතිලා,පළාත් සභා ඇමතිලා බැහැ කිව්වහම පළාත් සභා මන්ත්‍රීලා, පළාත් සභා මන්ත්‍රීලා බැහැ කිව්වහම ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා. ඔය විදියට පෝස්ටර් අලවන එකා දක්වා උසාවියෙන් කැඳවීමක් ලැබුනම මට වැඩ තියෙනවා උසාවි එන්න බැහැ කියන දවසක් ඒවිද ? මොකක්ද මේ වෙන්න යන්නේ. ජනතාවගේ අධිකරණ බලයට ගරු කරන්න නීතිවේදී අගමැති තුමා දන්නේ නැද්ද ?
තිස්ස මහත්තයා සියයට 100ක්ම හරි...
අපිට තාමත් කොන්දක් පණ තියෙන නායකයෙක් හොයා ගන්න බැරිවුණා. මිනිස්සු කුණු කඳු වලට යට වෙලා මැරෙනවා. දැන් අපිටම තේරෙනවා අපේ රට පාලනය කරන්න කවදාවත්ම සිංහලයන්ට බෑ කියන එක... අවුරුදු 100 ක් කිට්ටුවෙන්න ඔප්පු කල අපේ රට පාලනය කරන්න ජපානය හෝ ඕස්ට්‍රේලියාව වගේ රටකට බාර දෙමු...
ජනපති - අගමැති උසාවි එන්න බෑ කිවුවේ නැහැ ! මේ දෙපොළ රාජකාරි කටයුතු නිසා එදිනට එන්න බැහැ කියල වෙන දිනයක් ඉල්ලුවා පමණයි. එකේ කිසිම වැරද්දක් මට නම් පේන්නේ නැහැ. උසාවි කැඳවීම් වලට, වරෙන්තුවලට, ජ්‍යාත්‍යන්තර "රතු වරෙන්තු" ආදියට පසුබාමින්, බයේ වෙවුලමින් හැංගි මුත්තන් කරමින් සිටින විවිධ අපරාධ වලට සම්බන්ද යයි කියන අය කොතරම් අපේ "සකල සිරින් පිරි සිරි ලංකාවේ" ඉන්නවද?