IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ජනපතිට ලැබෙන දීමනා මන්ත්‍රීන්ට නැහැ - මරික්කාර්

නිමල කොඩිතුවක්කු
 
ජනාධිපතිතුමාගේ වැටුප රුපියල් 97 000ක් වුවද    නිල නිවාස, නිල වාහන, ඉන්ධන ඇතුලූ දීමනා සියල්ලක්ම ලැබෙන බවත්  මන්ත්‍රීවරුන්ට මේ සියල්ලක්ම ලැබෙන්නේ නැති බවත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී  අද(06)  පැවසීය.

 
මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවීම කැබිනට්  මණ්ඩලයේ   අනුමත කිරීමට ඉඩ නොදෙන බවට  ජනාධිපතිතුමා පැවසුවද එවැනි යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් යෝජනාවක්  නොමැතිව අනුමත නොකර සිටීමට දෙයකුත් නැති බවත් මන්ත්‍රීවරයා  සඳහන් කළේය.
 
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.
 
 ‘‘ මේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවිම පිළිබඳව කැබිනට්  මන්ඩලයේදි  අනුමත වෙන්න දෙන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා. එහෙම යෝජනාවක් ආවොත් තමයි  අනුමත වෙන්න නොදී ඉන්න  ඕනෑ. එහෙම යෝජනාවක්  නැත්නම්  අනුමත නොකරන්න දෙයක් නැහැ. ජනාධිපතිතුමා එවැනි  තීරණයක ඉඳම පිළිබඳවත් අපි සතුටු වෙනවා.
 
දැන් ජනාධිපතිතුමාගේ වැටුප රුපියල් 97 000යි. හැබැයි  නිල නිවාස, නිල වාහන, ඉන්ධන ඇතුලූ දීමනා සියල්ලක්ම ලැබෙනවා. මන්ත්‍රීවරුන්ට මේ සියල්ලක්ම නැහැ.
 
උදාහරණයක් විදියට පිබිදෙමු  පොළොන්නරුව වැඩසටහනට මම ගියා. මම යනවිට  යන්න  ඕනෑ මගේ පෞද්ගලික වාහනේ මගේ වාහනේට තෙල් ගහන්න  ඕනෑ මම. මගෙත් එක්ක යන අයට නවාතැන් සපයා ගන්න  ඕනෑ මම. ආහාර පාන සපයලා දෙන්න  ඕනෑ මම. එහෙම ගැටලූත් තියෙනවා.
 
බදු බර වැඩිවෙලා තියෙනවා,  ණය බර වැඩවෙලා තියෙනවා, ජීවන වියදම ඉහල ගිහින් තියෙනවා. ඒ නිසා ජනතාව අමාරුවෙන් ජීවත් වෙද්දි දේශපාළඥයන් පටි තදකරගෙන  කොහොම හරි ඒකට මුහුන දෙන්න  ඕනෑ. ඒ ආදර්ශය අපි ලබා දෙන්න   ඕනෑ.‘



අදහස් (23)

ජනපතිට ලැබෙන දීමනා මන්ත්‍රීන්ට නැහැ - මරික්කාර්

kalani Monday, 06 August 2018 02:11 PM

හොඳ හොඳ දේවල් එළිවෙන යාමෙට කිව්වලු. තමුන්නාන්සේලා කියන්න අපි අහගෙන ඉන්නම්...

:       0       124

Tomtom Monday, 06 August 2018 02:32 PM

මේ මන්ත්‍රීතුමා එයාගේ සල්ලිවලින් තෙල් ගහන්න ඕනෑ, අරව කරන්න ඕනෑ, මේවා කරන්න ඕනෑ කියන්නේ හරියට අපි එයාලට දේශපාලනය කරන්න කිව්වා වගේනේ....

:       0       525

Chandima Monday, 06 August 2018 02:39 PM

රටේ වැඩි දෙනෙක් දුප්පත් මිනිස්සු. ඒ මිනිසුන්ට ඔය ගොල්ලන්ට ලැබෙන ඔය මොන කෙහෙල්මලක් වත් නැහැ. අනේ බැරිද විහිළුවට වත් අර මැලේසියාවේ මහතීර් මොහොමඩ් ජනාධිපති කළා වගේ අපේ මේ රට ඔය ගොල්ලෝ නිසා හොඳට සංවර්ධනය වුණු නිසා මන්ත්‍රීවරුන්ගේ පඩි 20% කින් අඩු කරන්න...

:       0       280

sena Monday, 06 August 2018 03:00 PM

ජනාධිපතිතුමා කොලේ වහලා ගහන්නේ කියන එක අපිට හොඳටම තේරුණා. එ්ත් ඔබතුමාවත් ඇත්ත ගැන නොකිව්ව එක බරපතල අඩුපාඩුවක්...

:       41       67

Raveendra Monday, 06 August 2018 03:11 PM

සාමාන්‍ය මහජනතාව වන අප නම් කිසිදු අම්බරුවෙකුට කියලා නැහැ... අනේ අපි වෙනුවෙන් සේවය කරන්න අසුචිවලට යන්න හිඟන ඡන්දෙ ඉල්ලන්න කියලා. මේ හරකුන්ම බලෙන්ම කපටි මූසල මුහුණු වහගෙන නරකාදියෙන්... නාවරවලින් නෑවිලා තියෙන පව්කාර ශරීර කූඩු සුදු රෙදිවලින් වහගෙන ජඩ වැඩකරලා බලුපොරයෙන් තේරිලා අතින් කාලා හරක් බලනවා කියකියා දැන් මෙතන නහයෙන් අඬනවා. අම්බරුවන් 225ම හත්මුතු පරම්පරාවටම හම්බ කරගෙන නේද මේ හිඟමන් යදින්නේ..?

:       0       321

abc Monday, 06 August 2018 03:13 PM

ඡන්දේ ඉල්ලන්නේ නැතුව ඉන්න.

:       0       79

K Perera Monday, 06 August 2018 04:01 PM

ඔය 97,000 යේ වැටුපක් අරගෙනද හිටපු ජනාධිපතිවරයා කෝටි ගණන් හම්බකෙරුවේ?

:       0       0

hasantha Monday, 06 August 2018 04:55 PM

බොරු කියන්න එපා. වාහන, ඉන්ධන දීමනා, දුරකථන දීමනා ඕනෑම මන්ත්‍රී කෙනෙක්ට හම්බෙනවා. බොරු බිල් දාල තවත් වැඩියෙන් ගානක් හොයා ගන්නවත් එක්ක. දේශපාලකයෙක්ගේ ගාව වැඩ කරන කෙනෙක්ගෙන් ඇහැව්වා නම් තවත් කියයි හම්බ කරන හැටි. ඔතන්ට මරාගෙන යන්නේ ආය වෙන මොනවා කරන්නද.?

:       0       0

Bamunuarachchi Monday, 06 August 2018 05:35 PM

මරික්කාර් මහතා, ජනාධිපති කවූද මන්ත්‍රීලා කවූද? මන්ත්‍රිලට සතයක් වත් නොදුන්නාට අපට කමක් නැත.

:       0       0

Bamunuarachchi Monday, 06 August 2018 05:37 PM

සත 5ක් දෙන්න දෙන්න එපා

:       0       0

sg Monday, 06 August 2018 06:02 PM

එතුමා රටේ ජනාදිපති... ඒක මතක තියාගන්න.

:       0       0

රවින් Monday, 06 August 2018 11:49 PM

මෙයා මේ කියන්නේ නිලයට අයත් ආරක්‍ෂිත වැඩ පිලිවල ගැනනේ. මොලේ පොඩි උනාට කමක් නැහැ ඇස් දෙකෙන් ලෝකේ තියන අනිකුත් රටවල් දිහා විපරම් කරලා බලන්න. දැන් එතකොට ජනාධිපතිතුමා, කොමිස් ගහනවද? මත් ද්‍රව්‍ය වෙළෙන්දන් ළඟ තියාගෙන ඉන්නවද? සමාජ විරෝදී කීදෙනෙක් එතුමා ළඟ ඉන්නවද? ආරක්ෂා කරනවද? හොයලා බලලා ප්‍රසිද්ධ කරන්න.

:       0       6

gayan Tuesday, 07 August 2018 12:04 AM

සල්ලි නැත්තං පොලොන්නරු නොයන්න තිබුනනෙ. ඔබඑහි ගියේ මොන උලව්වටද? ඒකට ගියත් ඇයි තනියෙන් යන්න බැරිද? ඒ වගේ රස්තියාදුකාර වැඩවලටද මහජන මුදල් වලින් පඩි වැඩිකරන්න කියන්නෙ. දැන්නෙ තේරෙන්නෙ. අනික ජනාධිපති වැඩ කරන්නෙ අගනුවර ඉදල එතුමට නිල නිවසක් දෙන එක වැරදි නෑ. මන්ත්‍රිවරු තමන්ගෙ කොට්ඨාසෙනෙ වැඩ කරන්නෙ. අහවල් දේටද නිල නිවාස? පඩි දේනෙ පාර්පාලිමේන්ර්ලිතු යන්මේන ඇයි ආයෙ පාර්න්තුලිමේන්තුවට යන දවස අනුවත් කුට්ටිය කුට්ටිය හම්බවෙනව නේද? ඒවත් කියන්නකො. ඔබේ කථාව පුරා තිබෙන්නෙ වැටුප් වැඩි කිරීමට ඉඩ නොදීම ගැන ජනාධිපත් සමඟ ඇති වෛරය පමණයි. ඒක අපට හොඳින් පේනවා.

:       0       42

අමිල Tuesday, 07 August 2018 12:19 AM

මෙයා සැහෙන කාලෙකින් බැංකු පොත අප්ඩේටිකරල නෑවගේ. රෝහිත අබේගුණවර්ධන මහත්තය මේ පත්තරේටම කියල තියෙනවා හිතන්නබැරි දීමනා තොගයක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලැබෙන බව. මෙයා මේ හිඟාකන්නෙ බොරුකෙල කෙල. ජනාධිපත් තුමාට පහර දෙන්න මේ වගේ හිඟින කථා කියන්න හොඳ නෑ මහත්තයො. මිනිස්සුන්ට මොලේ තියෙනවා. අම්මප. මට හොඳටම විශ්වාසයි.

:       0       2

gayan Tuesday, 07 August 2018 12:20 AM

ඔච්චර සල්ලි වියදම් කරල මොකට උත්සව වලට වනවාද මන්ද .... නොගිහින් ඉඩහන්කෝ බන්... හරියට අපි කිව්වා වගේ ..... කොටින්ම කියනවා නම් පාඩු නම් දේශපාලනය කරන්ඩ එපා ... ගෙදරට වෙලා වෙඩක් කර ගනිල්ලා ... අපිට වැඩ දෙන්නේ නෙතුව...

:       0       19

මව්බිමෙ අනාතයා Tuesday, 07 August 2018 02:33 AM

අනේ අපට රට පාලනය කරන්න දන්නේ නෑ අපි නිකන් ඉන්නවා. ඔයගොල්ලොම හිතලබලන්න හිතට එකගව තමුන්ගේම (මහන්සියෙන් උපයගත්) මුදලින් වේලක් කාපු දවසක් මතකද කියලා ?

:       0       86

vipula Tuesday, 07 August 2018 02:44 AM

ඔබතුමා කිවුවට බදු බර ඔබතුමාට තේරෙනවා කියල නමුත් ඔබතුමා තුන්වේල හොදට කන්න බැරි කමක් නැහැ . නමුත් තුන්වේල යන්තම් කාල ඉන්න පොඩි දරුවෝ මේ ලංකාවේ ඉන්නවා අන්න ඒ ගැන හිතලා රටට වැඩ දායී දෙයක් කරන්න. නැත්නම් ගන්න පඩිය නොගෙන ඉන්න රටට ඒක වත් ඉතුරුයි.

:       0       9

Senarath Tuesday, 07 August 2018 03:39 AM

යෝජනාවක් නැතිනම් "ඕනේ කෙනෙක් කොහමද කියන්නේ " සියලු පක්ෂවල නායකයෝ පඩි වැඩි කිරීමට එකඟ උනා කියලා. අනෙක මෙයා කොහොමද කියන්නේ මෙයා පෞද්ගලික මුදලෙන් තෙල් ගහනවා කියලා. ඒවාට පඩියට අමතරව දීමනාවක් ලැබෙනවා තෙල් ගහන්න, ටෙලිෆෝන්, නිවාස, සේවක මණ්ඩලය යනාදී ලෙස සියලුම මන්ත්‍රිලට.

:       0       16

kumara Tuesday, 07 August 2018 04:35 AM

මන්ත්‍රී වරු තෙල් ගහන්නේ අතේ සල්ලි වලින්ද ? මට හරි හිනා...

:       0       8

d.upul Tuesday, 07 August 2018 05:20 AM

අසව් අසව්, මෙන්න මේ දේශප්‍රේමියටත් 215% පඩි වැඩිවීම ඕනවෙලා වගේ.

:       0       7

Hafeel Tuesday, 07 August 2018 08:08 AM

එතකොට තීරු බදු රහිත සැප වාහන ලැබෙන්නෙත් අපිටද, නැත්නං ඔයලාටද? මහජන සේවය කියන්නේ අතින් වියදම් කිරීම තමයි. දැන් කාලේ එහම නොවෙයිනේ.

:       0       1

kalani Wednesday, 08 August 2018 04:34 AM

ගරු මන්ත්‍රීතුමා, කරුණාකර සියලුම දීමනා සමඟ ඔබතුමා මහජන නියෝජිතයෙක් විධියට ලබාගන්නා මුදල මාධ්‍යයට කියන්න. රජයේ පහළම ශ්‍රේණියේ සේවකයකුගේ වැටුප හා සසඳා බලමු.

:       0       0

Bamunuarachchi Wednesday, 08 August 2018 09:04 AM

මේ පුද්ගලයාට මම මහතා කීවේ නැත. මුස්ලිම් භක්තිකයෝ එසේ කීවාට කමක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1431 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site