IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ජනාධිපති අපේක්ෂක ධූරය පොහොට්ටුවට ඕනා‘

(නාලක සංජීව දහනායක)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සන්ධානගත වුවද ජනාධිපතිවරණ අපේක්‍ෂක ධූරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවිය යුතු යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා ලංකාදීපයට අද (28) පැවැසීය.


ජනධිපතිධූරයත්, අගමැතිධූරයත් තම පක්‍ෂයට හිමිවිය යුතු බව කී රණතුංග මන්ත‍්‍රීවරයා තම පක්‍ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුදැයි පක්‍ෂය මේ වනවිටත් තීරණය කර තිබෙන බවත් සුදුසු වේලාවේදී එය හෙළිකරන බවද කීය.


ජනාධිපතිවරණ ජයග‍්‍රහණය පිළිබඳව පක්‍ෂයට කිසිඳු සැකයක් නැතිබව කී රණතුංග මන්ත‍්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් හෝ වෙනත් පක්‍ෂවලින් කවුරුන් ඉදිරිපත් වුවත් තම පක්‍ෂයට ප‍්‍රශ්නයක් නැතැයිද සඳහන් කළේය.



අදහස් (16)

‘ජනාධිපති අපේක්ෂක ධූරය පොහොට්ටුවට ඕනා‘

Bishan Friday, 28 June 2019 12:38 PM

මොනා කිව්වත් දිනන්න නම් ශ්‍රී.ල.නි.ප. මෙයාලට අවශ්‍යමයි. ජනාධිපති හා අගමැති ඉල්ලීම සාධාරණයි. නැති නම් එ.ජා.ප. ජනාධිපති කෙනෙක් බිහිවීම වළක්වන්න බැහැ.

:       304       834

Amila Friday, 28 June 2019 02:24 PM

පිස්සෙක් එක්ක සෙල්ලම් කරන්න එපා හොඳේ...

:       0       32

anura Friday, 28 June 2019 02:28 PM

රටේ ආර්ථිකය කඩා වැටිලා මිනිසුන් තුන් වේල කන්ට හොයා ගන්නේ අමාරුවෙන්. ඒ අස්සේ මොවුන්ට ජනාධිපතිවරණ උන හැදිලා. මේ අයට රට යකාට ගියත් කමක් නැහැ. බලය ලබාගන්ට පුලුවන් නම්...

:       380       242

MaheeFriday, 28 June 2019 08:47 PM

අනුර, එහෙම කියන්න එපා. ආර්ථිකය අරක මේක අපට වැඩක් නෑ. අපට ඕනෑ අපේ නඩු හබ ටික අස්කරලා දාන්නයි, හම්බ කෙරිල්ල ආයෙත් පටන් ගන්නයි විතරයි. එහෙම හිතන කී දෙනෙක් ඔබට ඩිස්ලයික් දාලා තියෙනවද බලන්න.

:       0       0

ශ්‍රීSaturday, 29 June 2019 02:20 AM

දෙකොන ඇවිලිලා දෙවියන් සිහි වෙන්නේ.. කන්න අඳින්නට කොහොමද සපයන්නේ.. ජනයා තුන් බියෙන් නිතරම පසු වන්නේ.. එහෙව් රටක බලයට මුන් පොර කන්නේ..

:       45       56

chandanaSaturday, 29 June 2019 11:16 AM

මේ ත්‍රස්තවාදී, බෙදුම්වාදී ක්‍රියා පිළිවෙත මර්ධනය කරන්න මේ ආණ්ඩුවට අවශ්‍ය නැහැ. ඉතින් ඒක කරන්න ආණ්ඩු බලය අවශ්‍යයිනේ. අවුරුදු 30ක් කොටි ත්‍රස්තවාදය තිබුණා. කිසිම ජනාධිපතිවරයෙකුට ඒක පරද්දන්න ඕන වුනේ නැහැ. හිඟන්නගේ තුවාලේ වගේ සැරින් සැරේ පාරපාර හිටියා. ඒත් මහින්ද ජනාධිපති බලය අරගෙන කොටි ත්‍රස්තවාදය පැරදුවා. 2009ට පස්සේ කල එලි බැහැපු අය දන්නේ නැති වුණාට ත්‍රස්තවාදයෙන් බැට කාපු අය දන්නවා ඒක මර්ධනය කරන්න බලය ලබා දියයුතුයි කියලා...

:       40       530

Chanak los angeles Friday, 28 June 2019 09:34 PM

අපිට නම් ඕනේ මේ හොරු ටික හිරේට දමන්නයි...

:       0       0

Chathuranga Friday, 28 June 2019 11:59 PM

මේ දිනවල පක්ෂ එකතු වී රටේ සියලුම ජනතාව සුඛිත මුදිත කිරීමට සැලසුම් කරන අතර මෙවන් නායක පෙලක්ම පොර කකා ජනතා සේවයට කැපවීම පිළිබඳව අතිමහත් ජනතාවගේ ප්‍රණාමය..

:       0       0

Linden eliyata panapu gemba Saturday, 29 June 2019 03:18 AM

දත් මැදගෙන ඉන්න 225ම. නාගානන්ද මහතාගේ වැඩ පිළිවෙලින් මේ හොරුටිකට සදාකාලිනව විශ්‍රාම යන කාලය ඈත නොවේ...

:       128       275

JanahithaSunday, 30 June 2019 02:50 AM

යූ.එන්.පී. ඡන්ද දෙකට බෙදනවා. ශ්‍රී ලංකා එක පොහොට්ටු ඡන්ද බෙදනවා. සුළු ජාතික ඡන්ද වලින් යූ.එන්.පී. ය අාවත් මහ ඡන්දෙන් ඒ ගොල්ලන් ගෙදර....

:       0       0

jim kuru Saturday, 29 June 2019 03:23 AM

මේ දෙගොල්ලන්ගේ හරියන මගුලක් නෙමෙයි. ඇතුලේ ප්‍රශ්න...

:       0       25

shan Saturday, 29 June 2019 06:43 AM

ඉතින් ඕක ඉල්ලන්නත් දෙයක්ද? බල්ලෝ රැලේ යන කාලෙට ඉන්න උන් සේරම එන්නේ ආරාධනා කරලද?

:       0       17

සේනාරත්න Saturday, 29 June 2019 09:27 AM

ජනාධිපති අපේක්ෂකකම නම් ප්‍රශ්නයක් නෑ. මෙයා කියන කෙනාට දීල දාන්න කිසිම විධියකින් ජනාධිපතිකම නම් මෙයා කියන කිසිම කෙනෙකුට ලබානොදීම ජනතාවට ඇති බරපතලම වගකීමක්...

:       0       139

Chathuri Saturday, 29 June 2019 10:38 AM

මේ වගේ මුහුණ දමලා අපිටත් ජනාධිපති වන්න ඕනෑ... කිව්වට වැඩක් තියෙනවද? මනාප කෙසේවෙතත්, ගුටිකන මුණක් තියෙන්නේ... ඊට හපන් පැටිකිරිය බලනකොට... එකෙක් ඉන්නවද? හොරකම් නොකරපු, මිනී නොමරපු, ජනතාව බිය නොවදප්පු අය පොහොට්ටුවේ ඉන්නවද? කට්ටිය පේලියට තියලා පින්තූරයක් ගත්තොත් ඔලුව පේන්නේ නැහැ.. උදරය විතරයි. පොරකන්නෙත් ඒක පුරවන්නනේ..

:       0       175

Uadaya sampath Sunday, 30 June 2019 02:21 AM

අනේ, දෙන්නම් ඔයාට වුනත් කමක් නෑ... ඔයා ගන්න ප්‍රසන්න බබා. අපිට අවුලක් නැහැ. 48න් පස්සේ උඹලා දෙගොල්ලෝ රට උළා කෑවා...

:       0       0

thilakasiri Sunday, 30 June 2019 07:24 AM

chandana වෙල්ගම කිව්වා වගේ කොටි යුද්දේ පැරැද්දුවේ ෆොන්සේකයි. හමුදාවට අවශ්‍ය බලයදී රාජ්‍ය බලය හැදුවේ ජේ.ආර්.ය. මහින්දලා අනුන්ගේ ගහේ ගෙඩි කෑහ.1975දී සිරිමාගේ රජයට එරෙහිව ඇතිවූ මේ කොටි යුද්ධය 1977දී ජේ.ආර්. ආ විගස නවතා ලෝක ධනවතුන් ලවා ආයෝජනය කර නිදහස් වෙළඳ කළාප පිහිටුවා විවෘත ආර්ථිකය බිහිකර 1983 දක්වා සීඝ්‍ර දියුණුවක් කරද්දී ජේ.ආර්. විරෝධීන් කළු ජූලිය ඇතිකර නැවත කොටි යුද්ධය හා සමගාමීව ජේ.වී.පී. කැරැල්ල ඇතිකර රට දෙකොන පත්තු වූ විලක්කුවක් නොකරන්න. අද අපේ රට ලෝකය පිළිගත් හැම අතින්ම දියුණු රටක්ය. කළු ජූලියෙන් ඇති වූ කොටි යුද්දෙට පිළිතුරු දෙමින් 12500ව හිටි හමුදාව 55000 දක්වා වැඩිකර ජාත්‍යන්තර පුහුණුව දී අලිමංකඩ ඇතුළු මුහුදු තීර කඳවුරුලා කොටි යාපනයට සීමා කරද්දී කල් පිරි ජේ.ආර්. ප්‍රේමදාසට බලය දෙනවිටත් උතුර නැගෙනහිර හැර ජේවීපි භීෂණය මුළු රටේම විය. පාස්කු ඉරිදා ව්‍යවසනය තුළින්ද ඇතිවෙන්ට ගිය එවැනි බියක් රනිල් නැතිකලහ. චන්ද්‍රිකා යාපනය අල්ලන්න හමුදාව යොදද්දී අලිමංකඩ ඇතුළු මුහුදු තීරවල හමුදා ශක්‌තිය හීන වී ඒ සියල්ල අල්ලාගත් කොටි යාපනයට යන ප්ලේන් වට්ටමින් මුහුදු කොටි නැව් පුපුරවමින් රටම වෙලාගත්හ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29703 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18231 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11881 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 737 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 221 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 872 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site