(ඩයනා උදයංගනී )

ඉදිරි ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථව කටයුතු කරන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි ශ්‍රී ල නි ප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඒ නිසා ලබන 18 වැනිදා දක්වා පක්ෂ කටයුතු කරගෙන යාම ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට පවරා ඇතැයි හෙතෙම පැවසීය