පුෂ්පකුමාර මල්ලවආරච්චි )
‘හමුදාවේ සිටි මටත් ජනතා හද ගැස්ම හදුනාගන්න වසර දහයක් ගියා. හමුදාවේ වසර විස්සක් ඇමරිකාවේ පහලොවක් ආරක්ෂක ලේකම් ලෙස සීත කාමරයේ දහයක් ගතකල ගෝඨාභයට ජනතා හද ගැස්ම තේරුම් ගන්න මේ කපේදීවත් බැරියැයි’ හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතා අද ( 19) පැවසීය.
ෆොන්සේකා මහතා මේ බව සදහන් කලේ මිරිගම තවලම්පිටියේ පැවති සමගි ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.ඒ මහතා මෙසේද කීය.
කොරෝනා නිසා නියම දිනයේ මැතිවරනය කියන්න බැරි වුන නිසා පාර්ලිමේන්තුව කැදවන්න යුතුකමක් තිබුනා. දඩබබර ලෙස බෑ කියලා හිතුවක්කාර ලෙස මුදල් වියදම් කරනවා.ව්‍යවස්ථාව නොසලකා කටයුතු කරනවා.
ජනතා හද ගැස්ම නොතේරෙන ගෝඨාභය නිතරම තද වෙලා දත්මිටි කකා ඉන්නවා. හැමෝටම දෙහි කපනවා. මෙහෙම කරන්නේ ජනාධිපතිවරයාට ජනතා හද ගැස්ම නොතේරෙන නිසයි.
දැන් බන්ධනාගාරය සුද්ද කරන්න හදනවා ලේකම්කම කරන කාලේ නොකළේ ඇයි. බන්ධනාගාරය සුද්ද කරන්න එච්චරම ඕන කමක් තියෙනවනම් මගේ අයින් කරපු ඇඳුම් සූට් තුන හතරක් තියෙනවා එකත් ඇඳන් ගිහින් සුමාන තුනක් විතර හිටිය නං ගෝඨාභයට කුඩු බෙදන හැටිය බලාගන්න තිබුණා
මංගල සමරවීර පක්ෂයෙන් ඉවත් වීම අපට ලැබුණු ආශිර්වාදයක් බව කියන්න පුළුවනි.එයා ඇතුළු කීප දෙනෙක් ගියා කියලා අපිට කිසිම පාඩුවක් නැතැයිද ෆොන්සේකා මහතා මෙහිදී සඳහන් කළේය
COMMENTS
තමන්ව ගොනාට අන්දන අය දැන ගන්නම ඔයිට වැඩිය කාලයක් යනවා.. ඕක නොදැන නේද හමුදාවෙන් එළියට ආව ගමන් ජනාධිපති තරඟෙට ගිහින් අනාගත්තේ. හලෝ ඕක අවුරුදු 10 තේරුම් ගන්න පුළුවන් දෙයක් නොවෙයි ජනතා හදගැස්ම... එ්ක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ජනාධිපති තරඟයේදී වෙනස් වෙච්ච හැටි දැක්කානේ. සිංහලයාට හම්බයින්, දෙමළුන් එපා වුනහැටි දැක්කනේ. ඒ හද ගැස්මේ වෙනස් වීමක්. ඒක දැන් දිගටම යනවා. ඒ හද ගැස්ම මාස 7න් වෙනස් වෙන්නේ නැත. ඔබ වගේ අවංක කෙනෙක් ගෝඨා සමග එකතුවිය යුතුයි. අරගොල්ලෝ ඔබගේ දේශපාලන අත්දැකීම් නොමැතිකම තේරුම් ගෙන ඔබව ගොනාට ඇන්දුවා...
සරා ගොයියා හරි මිනිහා.. තුවක්කුවත් බිමින් තියා ඡන්දය දඩයමේ ගියා..
ඔබ හිතන්නේ ඔබ ජනතා හද ගැස්ම හඳුනා ගෙන තිබෙනවා කියා නම් ඒක ඔබට සිදුවූ බරපතල වැරැද්දක්. අනික ඔබ බන්ධනාගාරය තුළ සිටි කාලයේ බන්ධනාගාරයට කුඩු සැපයෙන ආකාරය ගැන දැනගත්තා නම් ඉන් නිදහස් වී ආණ්ඩුවේ ඇමති තනතුරක් දරන කාලයේදී ඒ ගැන සොයා නොබැලුවේ ඇයිදැයි මට නොතේරේ. ඡන්ද කාලයට සැවොම සුදු පිරුවට ඇදි උපාසකයෝය. නමුත් ඉන් පසු?... මම කිසිඳු දේශපාලකයෙකුට ආනොවඩමි. මට පෙනෙන වැරදි ගැන පමණක් කතා කරමි..
මෙයත් කට ඇරියොත් කියන්නේ වල් පල්ම තමයි.
දැන් ඔබතුමා මොකද හිතන්නේ රනිල් නායකතුමා ගැන? ඔය කියන හදගැස්ම එයාට තේරිලද? නැද්ද? ඔන්න හරියට කිව්වොත් තමයි හපනා.
ඔබතුමා නේද දැන් මාස ගාණකට උඩදී රනිල් ළඟ ඉන්න ගමන් සජිත්ට වැඩ බැහැ කිව්වේ...? දිවේ ඇට නැති බව තමයි ඔප්පු කරන්නේ...
ඔබ කියන දේවල් සහතික ඇත්ත. වාසනාවට ඔබතුමාගේ හදගැස්ම අදුරාගන්න බැරිවෙලා.
අපිට ඔය සුදු ඇඳුම අස්සේ ඉන්න මනුස්සයා අඳුර ගන්න සෑහෙන කාලයක් ගියා. නිළ ඇඳුම ඇතුළේ හිටපු රණ විරුවාට අදටත් අපි ගරු කරනවා.. ඒත් දැන් ඉන්න කුහක දේශපාලකයා දකිනකොටත් පිළිකුල්.. ජනතා හද ගැස්ම දන්න නිසා වෙන්න ඇති එදා කෝටි 4 වාහනයක් නැතුව වැඩ කරන්න බැහැ කිව්වේ .
ජනතාවගේ හදගැස්ම ගැන කතා කරන්නේ මිනිසුන්ට අපහාස කරන කෙනෙක්නේ.. ගෝඨාභය මහතා ගැන ජනතාව තේරුම් ගත්ත නිසයි බෞද්ධයින් සිංහල ඡන්දෙන් දිනෙව්වේ...
කට ඇරියොත් ඉවරයි...
ඔබතුමාගේ නොහැකියාවට අනුන් පලිද?
තාම ඔයා ජනතා හද ගැස්ම අදුරගෙන නැහැ, තිබුනනම් අවුරුදු තිහක් යුද්දෙකින් බැටකාල නිදහස් වෙච්ච අපේ රට ඔයා ඩොලර්වලට "සුදු කොඩි" නඩුවකට පටලන්නෙ නැහැ.
දන්නා දෙයක් කතා කරන්න.
ඒකද රනිල් වගේ රට විනාශ කළ කෙනෙක් පස්සේ යන්නේ...?
මෙතුමා හිටපු වීරයෙක්... ඒත් දැන් එහෙම නෑ...
ඔබතුමාට ජනතාවගේ හදගැස්ම තියා තම පවුලේ සාමාජිකයන්ගේ හදගැස්ම වත් තේරුම් ගන්න පුලුවන්ද?
මේ ප්‍රකාශ වලින් තේරෙන්නේ පෞද්ගලික වෛරයක් පිරිමහගන්න කටයුතු කරන බව. නමුත් ජනතා හද ගැස්ම ගෝඨා - ෆොන්සේකා අතුරින් වැඩියෙන්ම තියෙන්නේ කාටද කියලා ජනතාව කලින්ම හඳුනාගෙන තියෙන්නේ.
ඉරිසියාවෙන් සහ ද්වේෂයෙන් පිරුණු මේ වගේ අයට මොන දේශපාලනයක් ද? පහුගිය අවුරුදු 5 වැඩ කළේ හද ගැස්මට ද?
සරත් පොන්සේකා ඇතුළු රට බේරාගත් වීරෝධාර ආරක්ෂක නිලධාරීන් මොනම හෝ පක්ෂ දේශපාලනයකට සම්බන්ධ නොවී සිටියා නම්, මොනතරම් අගනේද ? ... මේ අය පක්ෂ දේශපාලනයට සම්බන්ධ වූ නිසා වර්තමානයේ ඇසීමට දැකීමට ඇත්තේ අමිහිරි දේය. එනම්, කොයි පැත්තෙත් සිටින වීරෝධාර සිංහයන්ට මඩ, අපහාස, උපහාස ලැබීමයි. එය ලෝක ස්වභාවයයි. එනම්, සිංහයා වැටුණු පසු ඒ සතාගේ ඇඟේ ගෙම්බන්ද නැඟීමයි... කිසිදු හමුදා වීරයෙකු දේශපාලනය නැමැති මඬගොහොරුවේ එරුනොත්, ඔහුගේ ගරුත්වයට එයින් වන්නේ සුළුපටු හානියක් නොවේ. හමුදා විරුවෙකු කුමන හෝ දේශපාලකයෙකුගේ අනුගාමිකයෙකු වී සිටිනතාක් ඔහු විරුවෙකු නොවේ. මෙය තිත්ත ඇත්තයි...
යහපාලනය කාලයේදී හිටපු එක දේශපාලුවෙක්ගේ හරි නමක් කියන්න... අවංකවම ජනතා හදගැස්ම හඳුනාගත්තු.. වෙනස අපට දැන් පැහැදිලිව පෙනෙනවා.. දැනෙනවා.. වෙනස්වෙමින් පවතින වෙනසට අපි ආදරෙයි.. එවැනි වෙනසක් ඔබලා නොකිරීම ගැන කණගාටුයි..
යහපාලනය කාලයේදී හිටපු එක දේශපාලුවෙක්ගේ හරි නමක් කියන්න අවංකවම ජනතා හදගැස්ම හඳුනාගත්තු.. වෙනස අපට දැන් පැහැදිලිව පෙනෙනවා. දැනෙනවා. වෙනස්වෙමින් පවතින වෙනසට අපි ආදරෙයි. රටට, ජනතාවට දැනෙන වෙනසක් ඔබලා නොකිරීම ගැන කණගාටුයි.
දැන් අන්දරේලා දෙන්නයි.
එය ඔබගේ දුර්වල කමකි. හමුදා සේවයේ හදගැස්මවල් අවබෝධ කිරීම අත්‍යාවශ්‍ය දෙයක් නොවේ. මා වැරැදි නම් කරුණාකර නිවැරැදි කරන්න.
අනේ මෙහෙමත් ගුණමකු මිනිස්සුත් ඉන්නවානේ. අනික් උදවියට ඉහළින් උසස්වීමකුත් දීල හමුදාවත් බාර දුන්නාට පස්සේ තමන්ගේ දේශපාලන බලාපොරොත්තු බිද වැටුන නිසා වියරු වැටුනාක් මෙන් අපහාස මුඛයෙන් කතා කිරීම ලාංකිකයන්ට සුදුසු නොවේ. කලින් වීරයෙකු ලෙස සැලකූ නමුත් වැරදි වචන පාවිච්චි කිරීම නිසා පිරිහීමට පත් වෙමින් පවතින බව පෙනෙනවා. මෙතුමා දේශපාලනයෙන් අයින් වෙලා නැවත වරක් වීරයෙකු වන ලෙස ඉල්ලා සිටිනවා .
අපේ ඉස්කෝලෙ ළමයෙක්ට 5 පන්තියේ වසර 2ක් ඉන්නවුණා. 6 පන්තියට පාස් වෙන්න..
මගෙ කට හදාගන්න මට අවුරුදු 50ක් ගියා.
මහින්ද ගෝඨා හින්දා හමුදාපති වුණා සිරිසේන හින්ද ෆීල්ඩ් මාෂල් වුණා... රනිල් හින්ද චන්ද 3000 ක් නොලැබිච්ච මිනිහෙකුට මන්ත්‍රීකම් විතරක් නෙවෙයි කැබිනට් ඇමතිකමකුත් හම්බවුණා. ඒ කිසිම දෙයක් මතක නැති පුදුමාකාර චරිතයක්. හමුදාවට විතරමයි හොඳ. මේ පාරත් පරාද තමා...
මහත්තයෝ, ඔබතුමා අවුරුද 10ක් තිස්සේම කලේ ජනතා හදගැස්ම හදුනාගන්න දගලපු එක. ඒත් ජනාධිපති තුමා පත්වීම ලැබුනු මොහොතෙ ඉදලම ජනතාව වෙනුවෙන් මහන්සිය නොබලා අවංකව වැඩකරනවා. වෙනස ඔන්න ඕකයි. මහ ජනතාව ඕක හොදින්ම දන්නවා. තමුන්නාන්සෙලා තවම පරන වලේමයි. අරයට මෙයාට ඇගිලි දික්කරනව මිස වැඩක් කරන්න හිතලවත් නෑ. ජනාධිපතිතුමා වැඩ කරන හැටි බලලවත් හැදෙන්න මහත්තයෝ.
ඔබතුමා වසර 10 කින් ජනතා හද ගැස්ම හදුනාගත්තා වෙන්න පුලුවන්... ඒත් "ජනතාව ඔබතුමා ගැන තිබෙන හද ගැස්ම කොතෙක්ද යන්න අගෝස්තු 6 විතර දැනගන්න පුලුවන්" ඔබ සමග රාජකාරිකල හමුදා නිලධාරියෙකු විදියට මට නම් පා.ම. සරත් ෆොන්සේකා ගැන තියෙන්නේ කලකිරීමක්... ඒත් එකල යුද්ධයට අණ දීපු, ශ්‍රී ලංකාවට නිදහස ගේන්න පුරෝගාමියා වුනේ මහින්දවත්, ගෝඨාවත්, අනෙක් හමුදාපතිවරු වත් නොවෙයි. ඒ ජෙනරල් ෆොන්සේකා පමණයි. මට නම් ඔහු "නූතන දුටුගැමුණුට තරම් භක්තියක් තියෙනවා". ඒත් දැන් නම් ඔබ ඉන්නේ "මඩ ගොහොරුවක". මට තියෙන්නේ ලොකු කලකිරීමක්. කරුණාකර වේදිකාවෙන් බැස යන්න. තෙරුවන් සරණයි!
හැම වෙලාවෙම වෛරයෙන් පුපුරන්න එපා. දේශපාලනයට ඇවිත් නිකන් සවුත්තු වුණා මිසක් කරපු සේවය කුමක්ද?
ඕක තමයි අපි එ් දවස්වල කිව්වේ ඔබට දේශාපලන පළපුරුද්ද නැහැයි කියලා. අවුරුදු 40ක දේශපාලන පළපුරුද්දක් තිබෙන අය දන්නවා ජනතාවගේ හද ගැස්ම හා බීට් එක අඩු වැඩි වෙන විදිහ. කොහොමද 2019 නොවැම්බර් වල හදගැස්ම වෙනස් වුණු හැටි. හද ගැස්ම එක විදිහටම තිබෙන දෙයක් නොවෙයි... එය හිතේ හැඟීම් අනුව වෙනස් වෙනවා. ඒ වෙනස් වීමත් දැනගෙන ඉන්න ඕනේ...