(බිඟුන් මේනක ගමගේ )
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පසෙකලා දේශපාලකයන්ගේ වුවමනා එපා කම් ඉටු කරන ආයතනයක් බවට පත්ව ඇතැයි කියමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට පැමිණිලි කර ඇත.
ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් 116 කගේ පුරප්පාඩු නොපුරවමින් විධිමත් සම්මුඛ පරීක්ෂණයකින් ඊට තෝරාගත් උපාධිධාරීන්ට මාස අටක් තිස්සේ එම පත්වීම් ප්‍රදානය නොකිරීමෙන් මේ බව තහවුරු වන්නේ යැයි කියමින් එම සංගමය ලිඛිතව මෙම පැමිණිල්ල කර ඇත.
කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය හා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා මේ තත්ත්වයට සෘජුවම වගකිව යුතු යැයි ද එහි සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ළමයින්ගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටින ජාතික හා ජාත්‍යන්තර සංවිධාන මෙවැනි අවස්ථාවක කඩිනමින් මැදිහත් විය යුතු යැයි ද මෙම සිදුවීමට මැදිහත්ව සාධාරණය ඉටු කරන්නැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙන් අපේක්ෂා කරන්නේ යැයිද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ගැන එක්සත් ජාතින්ගේ ළමා අරමුදලට පැමිණිල්ලක්