IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජාතික විගණන පනත හෙට විවාදයට

සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී

පසුගිය දිනවල රටේ මහත් කතාබහට ලක්වුණු ජාතික විගණන පනත කෙටුම්පත හෙට (5) දවස පුරා මැතිසබයේදී විවාදයට ගැනෙයි.හෙට උදෑසන 11.00ට ආරම්භවීමට නියමිත විවාදය පස්වරු 6.30 දක්වා පැවැත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා ලංකාදීපයට පැවසීය.

මේ පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉකුත් අප්‍රේල් මස 4 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

විගණන පනත් කෙටුම්පත මීට කලින් විවාදයට ගැනීමට නියමිතව තිබුණත් විවිධ හේතු මත අවස්ථා ගණනාවකදීම ඒ විවාදය කල් ගියේය.ජාතික විගණන කොමිෂන් සභාව බලාත්මක කිරීම හා ජාතික විගණන කාර්යාලයක් පිහිටුවීම මෙම විගණන පනත මගින් සිදුකෙරේ.



අදහස් (2)

ජාතික විගණන පනත හෙට විවාදයට

රවින් Thursday, 05 July 2018 02:31 AM

ඔන්න හොඳ අවස්ථාවක් පොදු මහජනයාට. මෙම විවාදයට කීදෙනෙක් සහභාගී වෙනවද? කීදෙනෙක් පක්ෂ හා විපක්ෂව ඡන්දය දෙනවද? නම් ගම් ඇතුව හොයාගන්න. හැබැයි ඉතින් ඡන්දය විමසන වෙලාවේදී නොසිටීම, වැලකි සිටීමත් විරුද්ධ වීමක් ලෙස සැලකිය යුතුය. දැනට කරන්නේ අනුන්ගේ වැරදි කිය කියා අපිව රවට්ටන එකනේ. හරි විගණනයේදී හොරු එලියට. විස්තීර්ණ වර්තාවල් හරියට ක්‍රියාත්මක කරොත් කාර්යක්ෂම භාවය වැඩි වෙනවා. අනෙක් විදියට කිවොත් මහජනයාට අවශ්‍ය සේවාව හරියට ඉටුවෙනවා. බලමු හොරු කි දෙනෙක් එලි බහියිද කියල.

:       0       0

kalani Friday, 06 July 2018 05:04 AM

පන්සියපනස් ජාතක පොතේ ඇතුළත් මනිකන්ද ජාතකය මම සිහිපත් කරමි. යම් පුද්ගලයෙක් තවත් කෙනෙකුගෙන් යමක් බලාපොරොත්තුවන්නේ නම් ඒ දෙය ඔහුට ලබාදිය හැකිද නොහැකිද යන්න විමසීම වැදගත්ය. 2015 මැතිවරණ පොරොන්දුවක් වූ විගණන පනත යම් යම් සංසෝධන සහිතව හෝ සම්මත කරගැනීම සතුටට කරුණකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 647 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site