මෙවර පැවැත්වෙන 72 වැනි ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට රජය තීරණය කර තිබේ.
එළැඹෙන පෙබරවාරි 4 වැනිදා කොළඹ නිදහස් චතුරස්‍රයේදී මෙවර නිදහස් දින උත්සවය පැවැත්වෙයි.
මෙම තීරණය පිළිබඳව අපදා කළමනාකරණ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අමාත්‍යංශයේදී පැවැති රැස්වීමකදී සඳහන් කර තිබේ.
එමෙන්ම මේ වසරේ සැමරුම පොලිස් හා යුද හමුදාවේ පූර්ණ ගෞරවය සහිතව රාජ්‍ය ආයතන හා කොළඹ නගර සභාවේ මූලිකත්වයෙන් සංවිධානය කිරීමට ජනාධිපති ගෝඨාභයය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.
ත්‍රිවිධ හමුදා පෙර පුහුණු වීම් මහජනතාව අපහසුතාවට පත් නොවන අයුරින් පැවැත්වීමටත් උපදෙස් ලබා දී ඇත.
COMMENTS
කොන්ද පණ තියන නායකයෙක් අවශ්‍ය මෙන්න මේ නිසා. වහල්ලුන්ට මේවා තේරෙන්නේ නෑ.
අපි හඳට සිංහලෙන්, දෙමලෙන්, ඉංග්‍රීසියෙන් විවිධ නම් කියනවා. එ්ත් එක හඳයි තියෙන්නේ.. ආණ්ඩුවේ මෝඩ රෙගුලාසිය අනුව දැන් ඉංග්‍රීසි විතරක් දන්නා එකෙක්ට හඳගැන සිංහලෙන් කිව්වොත් තේරේවිද? දෙමලෙන් නමෝ නමෝ තායේ, කිව්වත් සිංහලේ නමෝ නමෝ මාතා කිව්වත් එක මේ රටේ ජාතික ගීතය, ඇයි ඒ මිනිස්සුන්ට තමන්ගේ භාෂාවෙන් එ්ක ගයන්න විඳින්න නොදෙන්නේ, නොදන්නා බාෂාවකින් රටගැන මොනවා කිව්වත් කිව්වට අපිට තේරෙන්නේ නැත්නම් රට ගැන ආදරයක් දැනේවිද? මේක අපේ රට නොවේ කියලා හිතේවි, පරණ දරදඬු මෝඩ ආකල්ප අතාරින්න.
ඔය තියෙන්නේ.. ඕක තමයි අපිට ඕනෑ වෙනස. මේ පාර ඡන්දෙන් එජාපය ගෙදර යන්නෙ හොම්බෙන්...
ඒක නම් අගය කළයුතු හොඳ අදහසක්...! ඒකීය රටක, එකම ධජයක් සෙවනේ එකම බසකින් ගැයෙන ජාතික ගීය මුළු රටටම අභිමානයක්.
සිංහලෙන් නැතුව වෙන මොන එකෙන් කියන්නද? කොන්ද පණ නැති අය පාවා දුන්නට දැන් එහෙම වෙන්න ඕනෑ නෑ. ව්‍යවස්ථාවට අනුව ජාතික ගීය කියන්න පුළුවන් සිංහලෙන් විතරයි.
සුපිරි මොකද? ඉන්දියාවේ ජාතික ගීය දෙමළෙන් හෝ අනිකුත් 64 භාෂාවෙන්ම කියන්නේ නැහැනේ. හින්දි පමණයි.
ජාතික ගී දෙකක් ඇති එකම රට නවසීලන්තයයි. බොහෝ භාෂා කතාකරන ඉන්දියාවෙත් ඇත්තේ එක ජාතික ගීයකි. එයට ගරුකළ නොහැකි නම් සංහිඳියාව ගැන කතාකිරීමෙන් ඵලක් නැත.
ඉස්කෝලවල දෙමළ බසින් උගන්වන්න ඉඩදීලා ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයුවට අපට උදම්වෙන්න බැහැ.
ඉතා ප්‍රශස්ත, වැදගත් ප්‍රමාද වී ගත් අත්‍යාවශ්‍ය තීරණයක්. රටකට තිබිය යුත්තේ එක් ජාතික ගීයක් පමණයි. ප්‍රධාන භාෂාව හින්දි වුවත් ඉන්දියාවේ ජාතික ගීය ගැයෙන්නේ බෙංගාලි භාෂාවෙන් පමණයි.
මොන භාෂාවෙන් කිව්වත් මේක ගීතයක් පමණි.
ඇත්තෙන්ම කිව්වොත්, මම නම් ජාතික ගීතය ගයන්න දන්නේ නැහැ. හින්දි වලින් කිව්වොත් මතකයේ රැඳේවි. ශාරුක් ඛාන්ගේ රඟපෑමක්...
බණ්ඩාරනායක අගමැතිතුමා පැය 48න් රාජ්‍ය භාෂාව සිංහල කළා. නමුත් ඉංග්‍රීසි නැත්තම් රැකියාවක් හොයන්න අමාරුයි. වසර 30ක අරගලයේ එක් කඩඉමක් ඒ... මෙන්න තවත් වැඩක්.. ජාතික ගීය සිංහලෙන් තවත් කඩඉමක් දෝ මන්දා?