(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු සදහා වැඩි ඉඩක් ලබාදීම වෙනුවෙන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ජාතික උරුමයන් පිළිබඳ විෂය පථය ඉවත් කිරීමට තීරණය කර තිබේ.
අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට පත්වීමෙන් අනතුරුව ඒ මහතාගේ කටයුතු අධික වීම හේතුවෙන් ඔහු සමඟ සාකච්ඡා කර මෙම තීරණය ගෙන ඇත.
කෙසේවෙතත් ඒ මහතා තවදුරටත් අධ්‍යාපන අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට නියමිතය.
අදාල විෂය පථයට අයත් ආයතන විජේදාස රාජපක්ෂ මහතතා යටතේ තිබෙන උසස් අධයාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පත්කරනු ඇතැයි වාර්ථා වේ.
COMMENTS
මදැයි... පුදන කොටම කාපි යකා...
පක්ෂයක මහලේකම්ගේ වැඩට වඩා, ජාතියේ උරුමයන් විෂය පථය අත්‍යවශ්‍ය දෙයක්. එය කරගෙන ආපු එක්කෙනාගෙන් වෙන්කරපු එක විශාල මෝඩකමක්. දැන් එය අලුත් කෙනා මුලසිට ආරම්භ කල යුතුයි.