IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජාතික ආරක්ෂාව ගැන හමුදා මුලස්ථානයෙන් නිවේදනයක්

(බිඟුන් මේනක ගමගේ )

පුද්ගලික හා දේශපාලනික හේතූන් මත ජාතික ආරක්ෂාව ඈඳාගනිමින් රජය, ආරක්ෂක අමාත්‍යාංශය හා යුද්ධ හමුදා නායකත්වය විවේචනය කිරීම සමස්ථ යුද්ධ හමුදාවම තරයේ හෙලා  දකින්නේ යැයි ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඇතැම් විශ්‍රාමික හමුදා නිළධාරීන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුදමය සූදානම පිළිබඳව ඔවුන් සෑහීමකට පත් නොවන බැව් ප්‍රකාශ ඇතැයි ද වසර ගණනාවකට පසුව විශ්‍රාම ගොස් පිටත සිට යුද්ධ හමුදාවේ යුධමය ශක්තිය පිළිබඳව සමාලෝචනය කිරීමට කිසිවෙකුට නොහැකි යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

අවශ්‍ය අවස්ථාවන්හීදි හිටපු යුද්ධ හමුදාධිපතිවරුන් මෙන්ම, අත්දැකීම් සහිත විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සමග අදහස් හුවමාරු කර ගනිමින් යුද්ධ හමුදාවේ ශක්තිය තවදුරටත් වර්ධනය කිරීමට යුද්ධ හමුදාව සෑමවිටම ක්‍රියාකර ඇතැයි ද ඉදිරියටත් එසේ කටයුතු කිරීමට කිසිඳු අවස්ථාවක නොපසුබට වන්නේ යැයි ද එම නිවේදනය මගින්  හමුදා මූලස්ථානය පවසයි. 

තවද, යුද්ධ හමුදා සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය යටතේ අඩු භට පිරිසකගෙන් යුත් බළඇණි සංඛ්‍යාත්මක වශයෙන් ශක්තිමත් කර ඇති අතර, එමගින් ඛණ්ඩ හා කණ්ඩායම් වශයෙන් නිසි ආකාරව සංවිධානය වී ඕනෑම තත්වයකට මුහුණදීමට සියළුම බළඇණි පෙර සූදානමකින් යුතුව තැබීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් යුද විශ්ලේෂකයින් යැයි හඳුන්වාගත් ඇතැම් පුද්ගලයින් විසින් එය කඳවුරු වසාදැමීමක් බවට අර්ථකතනය කර ඇතැයි ද  එසේ වසා ඇති යුදමය වශයෙන් වැදගත්වන කඳවුරු මොනවාද යන්න පෙන්වා දෙන ලෙස උක්ත යුද විශ්ලේෂකයින්හට අභියෝග කර සිටින බව ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි.  

යුද්ධයේ විජයග්‍රහණයෙන් පසු හමුදාපතිවරුන් සිව් දෙනෙකු යටතේ යුද්ධ හමුදාවේ යුදමය සූදානම උසස් තත්ත්වයකට ගෙන ඇතැයි ද නව තාක්ෂණය හා ජාත්‍යන්තර යුද ඥානය සමඟ දියුණු හමුදාවක් බවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පත්කර ඇතැයි ද ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය පවසයි.

ඒ අනුව තම රට ආරක්ෂා කරදුන් සහ රට නැවත යුද්ධයකට ගෙනයාමට ඉඩනොදී වෘත්තියමය හමුදාවක් වශයෙන් කටයුතු කරන ඔබගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කෙරෙහි තවදුරටත් තම විශ්වාසය තබාගන්නා ලෙස බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ. 



අදහස් (9)

ජාතික ආරක්ෂාව ගැන හමුදා මුලස්ථානයෙන් නිවේදනයක්

athura Sunday, 09 September 2018 01:01 PM

දැන් අභියෝගය බාර ගනීද දන්නේ නැහැ...

:       26       18

gunarathna Sunday, 09 September 2018 02:20 PM

දැන් මේ කවුරු ගැනද කියන්නේ...? කීදෙනෙක් මෙහෙම කීවද? කීවේ සරත් ෆොන්සේකා විතරයිනේ... ඉතින් නම නොකියා මෙහෙම කියන්නේ ෆොන්සේකාට බයේද? කෙලින්ම සරත් ෆොන්සේකාට උත්තර දුන්නානම් ඉවරයිනේ.

:       0       0

saman Sunday, 09 September 2018 02:24 PM

ෆොන්සේකාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන මෛත්‍රිගේ හමුදාව විජේකලාගේ ප්‍රකාශයට මුනිවත් රැක්කේ ඇයි?

:       27       109

Senarath Sunday, 09 September 2018 03:10 PM

ජාතික ආරක්ෂාවට විනාශයක් වී ඇති බව අපටත් කාලෙක ඉදන් තේරිලා තියෙන්නේ.

:       21       116

Lasanga Sunday, 09 September 2018 03:14 PM

නිවේදන නම් කාට නිකුත් කරන්න බැරිද.

:       24       83

Bamunuarachchi Sunday, 09 September 2018 03:52 PM

හමුදාව කොපමණ ශක්තිමත් වුනත් ඔබලාට රට වෙනුවෙන් තීරණ ගන්න බැහැනේ. නායකයෝ දැඩි තීරණ ගන්නෙත් නැහැනේ ඒ නිසානේ යුද්දය අවුරුදු 24 ඇදුනේ.

:       67       242

BamunuarachchiSunday, 09 September 2018 10:55 PM

විශේෂයෙන් මේ ඉන්න නායකයින්ට යුද්දයක් සඳහා හමුදාව මෙහෙයවන්න බැරි බව අපි දුටුවා. එම නිසා ඔබලා කොපමණ ශක්තිමත් උනත් රටට ප්‍රයෝජනයක් නැත.

:       1       69

ලුම්බිණි Monday, 10 September 2018 04:16 AM

කොහෙන්ද ජාතික ආරක්ෂාවට තර්ජනයක් මේ වෙලාවේ තිබෙන්නේ?

:       20       0

Bamunuarachchi.Monday, 10 September 2018 06:38 AM

ඇඳයට ඉඳන් කතා කරන්න එපා එන්න එළියට... තාම තර්ජනය එළියට ආවේ නැහැ. මොකද කෑල්ලක් දෙන්න ලැහැස්තියිනේ. අපි වගේ සිංහලයෝ විරුද්ධ වෙලා අර ව්‍යවස්ථාව පැරදුණොත් අන්න ජාතික ආරක්ෂාවට තර්ජනයක්.. එතකොට ඔය සිංහලයින්ට යට රිංගන්න පුළුවන් ආයිත්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site