යෝජිත ජාතික ආණ්ඩු අදහසට තමන් තරයේ විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(04) ප්‍රකාශ කළේය.
71 වැනි ජාතික නිදහස් දින උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය
."ආර්ථික සංවර්ධනය ඇති කිරිමට දේශපාලන නායකයින් ලෙස අපට නොහැකි වුණා. තවදුරටත් මන්දගාමී ආර්ථික වර්ධනයකට ජනතාව සූදානම් නෑ. ආර්ථික වර්ධනය සඳහ අධ්‍යාපනය 21 වැනි සියවසට ගැලපෙන ලෙස ස්ථාපිත කළ යුතුයි. නව ආර්ථික සංකල්ප ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි.
ආර්ථික වර්ධනය අතින් 21 වැනි සියවසේදි ආසියාව ඉදිරියෙන් තිබෙන හෙයින් එහි වාසිය ඇති කර ගත යුතුයි.
ජාතික ආණ්ඩුවෙන් බොහෝ දේ ලබාගත්තා. නොකළ යුතු දේ කළා. බලයට පත්වූ ආණ්ඩුව ජනතා අපේක්ෂාවෙන් ඉටු කළේ නෑ.
ණය බර විරැකියාව වැඩිවෙලා. ප්‍රශ්ණ මුහුකුරා ගොස් තිබෙනවා. අපේ රටේ භාෂා තුනක් කථා කරනව. ඒ සියලු දෙනාම එකම මනුස්සයින්.
යුද්ධයෙන් පසුව වඩා නිදහස්ව ජනතාව කටයුතු කළේ පසුගිය සිව් වසරේදීයි. අපි සිටින්නේ අලු වලින් වැසුණු ගිනි ගොඩකයි.
එක් මන්ත්‍රීවරයෙක් සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කොතරම් සදාචාරද ? . යෝජිත ජාතික ආණ්ඩුවට මා තරයේ විරුද්ධයි. ඇමති මණ්ඩලය 25 දක්වා සීමා වීම ජනතාවගේ ප්‍රාර්ථනාවයි. ජාතික ආණ්ඩුවකට යන්නේ ඇමති මණ්ඩලය වැඩිකිරීමටයි.‘
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වෙන මොකවත් නිසා නෙවේ. තමන්ට යලි රජවෙන්න බැරිවන නිසා නැතුව ජනතාවට රටට ආදරය නිසා නෙවේ..
මෙතුමාට කතාව ලියලා දුන්නු කෙනා මෙයාව විහිළුවක් කරා ඒ මුලු කතාවෙන්ම. කියන්න ඕනෑ මොනවද? නොකියන්න ඕනෑ මොනවද? (මෙතන පිටරටවල් වල නියෝජිතයෝත් ඉන්නවා).. කොහෙද කතාව කරන්නේ කියලා, කිසිම අවබෝධයක් නොමැතිව කරලා තියෙන්නේ...
71 වෙනි නිදහස් උත්සවය වෙන්නේ කොහොමද? මෙය ගියසැරේ කිව්වේ 30 කියලනේ... එහෙනම් මේක 31 වෙන්න එපා... දන්නේ නැති හන්දයි අහන්නේ... හිටං මහත්තයෝ..
මෙතුමා මොනවා කියනවද? මෙවැනි අවස්තාවක් දේශපාලනය කතා කරන්න යොදා ගන්නේ ඇයි කියල තේරුමක් නැහැ වගේ.
අවස්ථාවට සුදුසු කතාවක් නෙවේ. මේක තරහ පිරිමහ ගැනීමක්. තමාගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය දුර්වල බව ලොවටම පෙන්වීමක්.
හොඳ කතා කාරයා.. මෙයාට වෙන දෙය මෙයත් දන්නේ නැහැ. මිනිස්සු මෙයට හොඳ පාඩමක් උගන්නයි.
ඇත්තටම අපේ ජනාධිපතිගේ මොලය පරික්ෂා කළ යුතුයි යන මගේ හැගීමයි. ජාතික නිදහස් දිනයේදී පැවසිය යුතු අර්ථවත් කතාවක්වත් නොකර දේශපාලනය කිරීම කිසිම විටකත් අනුමත කල නොහැකියි. මෙම විරුද්ධතාවය ඔහුට වෙන තැනක කළ හැකියි. කුමක් කිනම් ස්ථානයක පැවසිය යුතුද වග නොදැන ඔහේ වාචාලකමට හැමතැනම කතා කරනවා වගේ මෝඩකම ප්‍රදර්ශනය කරනවා. ලෝකයා ඉදිරියේ අපේ රට නොසෑහෙන්න නෝන්ජල් වෙලා තියෙනවා. මෙයා තවත් එයට උල්පන්දම් දෙනවා. මම "පොර" වෙන්න ගිහිල්ලා රටම අගාධයේ දානවා.
මෙයා ඔය ඔක්කොම කියන්නේ අහගෙන ඉන්න අනිත් රටවල් වල අයට.. මොකද අපේ රට දුවන්නේ අපේ අයට ඕනෑ විදියට නොවේ .. හොඳක් කරන්න හදන කොට ඉඩ දෙන්න. එය දන්නවා නැවත ඒමක් නැත.. නම ඉතිරි කරගන්න තියන කල හොඳක් කරන්න ඕනෑ..
තැනකදී කතා කරන්න ඕනෑදේ දන්නේ නෑනේ... මේ මනුස්සයා.. ජනපති කරවීම ගැන දැන්නම් පුදුම කළකිරීමක් ඇත්තේ..
කියන දේ කරන්න
කළුවරේ මහින්දට අගමැතිකම දීම සදාචාරවත්ද ජනාධිපතිතුමා? විදේශ තානාපතින් සහ නියෝජිතයන් සිටින වේදිකාවේ කතා කල යුත්තේ මොනවාද යන්න නොදන්නා ජනාධිපති..! රටට ගිය කලක්..?
රාජ්‍ය නායකයා ලෙස තමා සෘජුවම මේවාට වගකිවයුතු බව තේරෙන්නේ නැද්ද?
මේ කතාව ජනාධිපති ඡන්ද ව්‍යාපාරයට ගත්තා නම් නේද හොඳ? නිදහස් දිනේ ජනතාවගේ ඔලුවට මේ වගේ කුණුගොඩවල් දාන එක හොඳද?
කිසිම රජයක ඇමැතිවරු 30කට වඩා නැහැ.
විමල්ලගේ වාචාල කතන්දර ගානට වැටිලා විදේශිය කුමන්ත්‍රණ එහෙම කුමන්ත්‍රණ තියෙනවා නම ජනතාවට කව්ද කියලා කෙලින්ම කියන්නකෝ?
රාජ්‍ය නියෝජිතයෝ ඉන්න රටේ නිදහස් උත්සවයකදී කළයුතු කතාවක්ද කළේ? මුල ඉඳලම තැන නොතැන දැනගෙන අවස්ථාවට උචිත ලෙසින් කතාකරන්න දන්නේ නැහැ. උදේ කියන දේ හවසට වෙනස් වෙනවා. කිව්ව දේ මතක නැහැ. රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළා. මේ සියල්ලෙන් කියන්නේ මොහු නායකත්වයට නුසුදුස්සෙක් බවයි. එජාප මන්ත්‍රීවරු සන්ධානයට ගියාම ඇමැතිකම් දීම හරි. සංධාන මන්ත්‍රීවරු එජාපයට ගියාම ඇමතිකම් දෙන්න බැහැ. හේතුව වෛරය, පළිගැනීම.. මෙවැනි මිනිස්සු ප්‍රාෙද්ශීය සභාවකටවත් සුදුසු නැහැ. ලබන වසරේ නිදහස් උත්සවයට නැහැ කියලා මතක් වෙද්දි දුක ඇති.
තමන්ගේ ධුර කාලයේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකරන්න බැරිවුණා කියලා රාජ්‍ය නායකයා වෙනත් පාර්ෂවවලට දොස් කියලා පව් සෝදාගන්න පුළුවන්ද? එහෙම නායකයෙකුට ජනතාව නැවත ඡන්දෙ දේවිද?
ව්‍යවස්ථාව උල්ලංඝනය කල වරදට මෙයා දැන් ඉන්න ඕනේ හිරේ
ව්‍යවස්ථාව උල්ලංඝනය කල මොහු තවදුරටත් ජනාධිපති ධූරයේ තබාගෙන සිටින්නේ ඇයි.
තැන නොතැන නොදැන අනන් මනන් දෙඩීමෙන් හිතේ පවතින කුහකකම ප්‍රදර්ශනය කරන තවත් අවස්ථාවක් මේක. මළ වදයක්...... ඊළඟ සැරේ අපි මේ හැම දෙනාවම ගෙදර යවනවා. පාර්ලිමේන්තුවටත් අලුත්ම මුහුණු 225ක් පත් කරල යවනවා. රටට වැඩක් වේවි. අපිට කන්කරච්චලයක් නැතිව අපේ වැඩක් බලා ගත හැකි වේවි.
සිරිසේන මහතා ඔබත් තනතුරේ ඉන්න බලාගෙන තමාගේ බලය අනිකාට පැවරුවේ ඉස්කෝලේ යන කාලේවත් "සුභ සහ යස" කියන කතාව අහලා නැතිනිසාද? මම එජාප විරෝධියෙක් විශේෂයෙන්ම රනිල් විරෝධියෙක් ශ්‍රී ලංකා පාක්ෂිකයෙක් නමුත් ඔබට පක්ෂව කිසිම දිනක චන්දය දෙන්නේ නැත. ඔබ මේ දක්වා රටට කළදෙයක් නැත. කල එකම හොඳදේ නම් රනිල් වැඩබැරි දේශපාලකයෙක් බව රටට කියාදීමයි. නමුත් ඔහු පලවා හැරීමට ගත් උත්සාහය නිෂ්පල වුණා. කොහොම වුනත් ඔබ අකාර්යක්ෂම පුද්ගලයෙක්...
අධිරාජ්‍යවාදී පාලනය අවසන්ව වසර 71 කට පසු රටේ වර්තමාන දේශපාලන දිශානතිය ගැන මෙතුමා අදහස් ප්‍රකාශ කිරීමේ වරදක් නැති බවයි මගේ හැගීම. අද ජාතික ආණ්ඩු සැදීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ රටේ ප්‍රගතිය නොව, ජනතා නියෝජිතයින් යයි කියා ගන්න අයට සැනසිලි තෑගි දීමටයි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිදුවීමට ප්‍රධාන හේතුව නම් රුපියල කඩා වැටීමෙන් විදේශීය ණය ගෙවීමට තිබු අවදානම වැඩිවීම හේතුකොට ගෙන, ඉන් ගොඩ ඒම සඳහා එම කාර්ය කල හැකි යයි සිතු කෙනෙකුට රජය භාර දීමයි. එම ක්‍රියාවලිය රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම නොමැතිව සිදුවුණා යයි සිතිය නොහැක.
ඔබව නායකයෙක් කළ ජනතාව තමයි මෙතන වැරදිකරු... ඔබගේ වැරදි කියලා වැඩක් නැහැ පෙන්වා දෙන්න පුළුවන්. විමල් වගේ තේරුමක් නැති කතා කියනවා. හිතන් ඉන්නේ හරි උගතුන් විදියට... කටින් බතල හිටවලා නාමල් වගේ තමයි. වැඩ පොඩි ළමයි වගේ.... සුද්දන්ට ගහලා රට බේරා ගත්තා.. නමුත් ඔලුවක් නැති, උදරය පමණක් තියෙන 255 කවදා රට බේරාගනීද? එදාට තමයි නියම නිදහස භුක්ති විඳින්නේ 5 දෙනෙක්ට මොලේ තියෙන්නේ 250 වැඩකට නැහැ තව එළියේ ඉඳන් දඟලනවා. මිනීමෝරු ටිකක් බලයට එන්න මේ කාලකන්නින්ගෙන් රට බේරා ගනිමු සුද්දා සමග එකතුවෙලා...
තැනට ඔබින කතාවක් දෙන්න බැරි මිනිහෙක් රටේ නායකයා වෙලා... අපිට හරි හිරිකිතයි...
රනිල් පලවා හැරීම නිෂ්ඵල වුණා... මහින්දව හොර අගමැති කමින් පලවා හැරීම සඵල වුණා.. එ්ක තමයි රටේ වුණු හොඳම දේ..
රටට නිදහස ලැබී අවුරුදු 30 යි කියූ නායකයෙකුගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද ?
මහබැංකුව කොල්ලකෑමට සැලසුම් කළ හා 19 හරහා කපටි සංශෝධන ගෙනා අගමැති තනතුර ගැන අදහස මොකද්ද? එ්කත් ලියන්න.
225 ට විශ්‍රාම දෙන්න...
අනේ අපි මේ කතා ගැන කතා නොකර ඉමුද?
ඔයා ජනාධිපතිනේද ලැජ්ජා නැද්ද ඔහොම හැමදාම ආණ්ඩුවේ වැරදි කිය කියා ජනතාව ඉදිරියේ නාහෙන් අඩන්න. කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න බැරිද? මේ රටේ පත්වුණු ජනාධිපතිවරු අතරින් පිට කොන්දක් නැති දුර්වලම ජනාධිපතිවරයා විදියට ඔයාව ඉතිහාස ගතවේවි....
රටේ ජනතාව අතර මේ අවස්ථාවාදී දේශපාලනය සම්බන්ධයෙන් ඇති උනන්දුව පහළ ගොස් ඇති අතර දැඩි කලකිරීමට පත්ව සිටිති.
2020,ජනපති මෛත්‍රී..
මේ කතාවෙන් පෙන්නේ 1970 ඉඳල මොනවද කරලා තියෙන්නේ කියල .
සමන්ත ඔව් ඉතින්, අරකට විරුද්ධයි, මේකට විරුද්ධයි කියා කියා ඉන්න පුළුවන්නේ ඉතිරි මස හය හතත්. කරපු දේකුත් නෑ ,දන්නා දේකුත් නෑ. ව්‍යවස්ථාව ගැනවත්, දේශපාලනය ගැනවත්, ආර්ථිකය ගැනවත්, ජාත්‍යන්තර ගනුදෙනු හෝ ලෝකය ගැනවත්, සාහිත්‍ය හෝ භාෂා ගැනවත් නොදන්නා මිනිහෙක් වෙන මොනවා කරන්නද? අඩුම ගානේ පාර්ලිමේන්තුව හෝ තමන් සතු කියලවත් නොදන්නා අයෙක්.
මෛත්‍රීපාල සිරිසේන නමැති ව්‍යවස්ථාව කැඩූ සහ තවදුරටත් කඩමින් සිටින ඒ ජනාධිපති අද සිය නිදහස් දින කතාව ලෙස පැවැත්වූ කතාවද කිසිසේත් නිදහස් දිනයක රටක පාලකයෙකු විසින් නොකළ යුතු කතාවකි. රටේ ගෞරවය ආරක්ෂා කරමින් විදේශයන් රටට හිස නමන ආකාරයේ කතාවක් රාජ්‍ය නායකයා නිදහස් දිනයේ දී කළ යුතු වුවද ජනාධිපති විසින් රටේ පාර්ලිමේන්තුව බාල්දු කරමින් ඔහු නියෝජනය කරන විධායකය හැර අන් සියළුම ආයතන හෙළා දකිමින් අද පැවැත්වූ කතාව රටේ සියළු පුරවැසියන් විසින් ප්‍රතික්ෂේප කළ යුතු වූවකි.