IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජගත් මහලේකම් ශ්‍රී ලංකාවට හා බංග්ලාදේශයට සොව පළ කරයි

(හර්ෂණ තුෂාර සිල්වා)

මෝරා සුළි කුණාටුව හා එහි බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවට හා බංග්ලාදේශයටත් දකුණු ආසියාවේ අනෙකුත් රටවල් සිදුවූ දරුණු බලපෑම සම්බන්ධයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කනගාටුව පළ කරන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය. 

සුළි කුණාටුව නිසාත් අධික වර්ෂාව නිසාත් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලැසීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය රටවල් දෙකටම අවශ්‍ය උපරිමය සහයෝගය ලබාදෙන බව ද ශ්‍රී ලංකා හා බංග්ලාදේශ යන රටවල් දෙකේ ආණ්ඩු හා එක්ව කටයුතු කරන බව ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සඳහන් කර තිබේ. 

රටවල් දෙකේම අවතැන් හා පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලැසීම සඳහා රටවල් දෙකේ ආණ්ඩු හා එක්ව කටයුතු කරන්නැයි මෙරට හා බංග්ලාදේශයේ සිටින එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයන්ට උපදෙස් දීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා කටයුතු කර තිබේ. 

ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, ඉන්දියාව, චීනය, ජපානය ඇතුළු එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්, යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට දැනටමත් ආධාර සහන සැලැසීමට ඉදිරිපත් වී ඇතැයි සඳහන් එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ආයතන 4ක් ද ඇතුළුව ජාත්‍යන්තර සංවිධාන 12ක් ධාරාණිපාත වර්ෂාව, ගංවතුර හා නායයෑම්වලින් බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්ක 9ක සහන සැලැසීමේ කටයුතුවල නිරතව සිටින බව ද පවසයි. 
 



අදහස් (0)

ජගත් මහලේකම් ශ්‍රී ලංකාවට හා බංග්ලාදේශයට සොව පළ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site