IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ඡන්ද කල්දැමීමට එරෙහිව නිරීක්ෂණ සංවිධාන එක්වෙයි

(නිමල කොඩිතුවක්කු)
 
පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත හරහා රජය පළාත් සභා ඡන්දය කල් දැමීමේ උත්සාහයක නිරත වන බැවින් එම උත්සාහය පරාජය කිරීමට තනිව හා සාමූහික ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පහක් අද  (22)  අවධාරණය කළේය.
 
මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවති මෙම මාධ්‍ය හමුව සඳහා පැෆරල්, කැෆේ, මැතිවරණ ප්‍රචණඩක්‍රියා නීරීක්ෂණ මධයස්ථානය,  ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් › ලංකා සහ  ජාතික මැතිවරණ නිරීක්ෂණ ආයතනය නියෝජනය කරමින් නියෝජිතයෝ එක් වූහ.
 
එහිදී අදහස් දැක්වු පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙටිටිආරචිචි මහතා මෙසේ ද පැවසීය.
 
‘‘පළාත් පාළන මැතිවරණය දිගින් දිගටම කල් දැම්මා. දැන් මේ වනවිට පළාත් සභා මැතිවරණයත් දින නියමයකින් තොරව කල් දමමින් සිටිනවා. 

මේ පනත සම්මත කරගත් ආකාරයෙන් කිසිදු ඉඩක් ජනතාවට ලැඛෙන්නේ නැහැ තමන්ගේ විරෝධය ඉදිරිපත් කරන්න. පනතේ කරුණු හොඳද නරකද කියන එක නෙමෙයි මෙතනදි වැදගත් වෙන්නේ. ඒ කරුණු ඉදිරිපත් කළ ආකාරයයි. ඉන් වැරදි පූර්වාදර්ශයක් සපයනවා. අනාගතයේදී ඕනෑම පනතක් ගෙනල්ලා මේ ආකාරයෙන් කටයුතු කළ හැකියි. ජනාධිපතිවරණයේදී  ඕනනම් එකතු කරන්න පුල්වන්. ගණනය කිරීම ජනාධිපතිවරයාගේ නිළ නිවසේදී සිදුවිය යුතුය යන පනතක් ගෙනාවොත් කොහොමද? මිනිස්සුන්ට අභියෝග කරන්න තැනක් නැහැ. මේ ක්‍රියාවළියත් එවැනිම එකක්‘‘



අදහස් (6)

ඡන්ද කල්දැමීමට එරෙහිව නිරීක්ෂණ සංවිධාන එක්වෙයි

Chandana Fernando Friday, 22 September 2017 01:40 PM

බඩුත් හාමුදුරුවන්ගේ , නඩුත් හාමුදුරුවන්ගේ

:       43       26

Chandrs Friday, 22 September 2017 02:01 PM

මේ යන්නේ ඒකාධිපති ගමනක් නොවේද? නිල විපක්ෂය හා ආණ්ඩුව එකතු වී ජනතාවට විපත් විය හැකි පනතුත් මේ විදියටම ගෙනේවි.

:       39       185

Thilina Friday, 22 September 2017 03:16 PM

ලෝකේ පළාත් සභා තියෙන කිසිම රටක් ඡන්දය එකවර පවත්වන්නෙ නැහැ. පළාත් සභා විසිර වීමේ බලය තිබෙන්නේ එම පළාතේ ආණ්ඩුකාරවරයාට. එක පළාත් සභාවක් විසිරේව්වොත් අනිත් පළාත් වලත් ඡන්දය තියන්න ඕනෙද?

:       6       161

purawasiyaa Friday, 22 September 2017 03:44 PM

මම නම් ඡන්ද එක දවසක් පවත්වන එකට කැමති.. 2018 දී ඡන්ද පැවත්වුනොත් ඇති.

:       127       2

mahee Friday, 22 September 2017 07:25 PM

ජනතාව වෙනුවෙන් මේ සංවිධාන පහ කටයුතු කිරීම ගැන ඔවුන්ට මගේ ආචාරය! මැතිවරණ කොමිසමේ සභාපතිතුමාත් ආණ්ඩුව වැරදි බව දිගින් දිගටම බය නැතුව ප්‍රකාශ කිරීම ගැන අපි සතුටුයි.

:       3       15

daham Saturday, 23 September 2017 08:32 AM

මේ ආණ්ඩුව පත් කරන්න ඔය කියන සංවිධානත් ගිය ඡන්ද වලට ඉස්සර පුදුම විදිහට නැහුණා. දැන් මේ අය කියන ඒවා ආණ්ඩුව තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ. දැන් සනීපද ඔහෙලට? ගිය නුවණ අලියා ලවා නෙමෙයි අත ලවාවත් අද්දන්න බැහැ.

:       1       59

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 795 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 920 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site