IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ඡන්දය දුන්නේ පළාත් සභා මැතිවරණයේ විකෘතිය නිවැරදි කිරීමටයි - ජවිපෙ

(නිමල කොඩිතුවක්කු)

පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට පක්ෂව ඡන්දය ලබාදුන්නේ පළාත් සභා මැතිවරණයේ විකෘතිය නිවැරදි කිරීමට බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි බිමල් රත්නායක මහතා පැවසීය.

පළාත් පාළන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය දැන්වත් නිශ්චිත කාල රාමුවක් තුළ පැවැත්විය යුතු බවත් එම දින වකවානු රජය ජනතාවට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

බිමල් රත්නායක මහතා මේ බව සදහන් කළේ පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ  ප‍්‍රධාන කාර්යාලයේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 



අදහස් (17)

ඡන්දය දුන්නේ පළාත් සභා මැතිවරණයේ විකෘතිය නිවැරදි කිරීමටයි - ජවිපෙ

indika Thursday, 21 September 2017 10:48 AM

හොඳ ඒවා එකක් පෙන්නලා නරක දේවල් ගොඩක් රින්ගවල තියෙන එකයි වැරැද්ද. හරිනම් කරන්න තිබුනේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන එක වෙනම ගේන්න. එහෙම කරලා එකට ඡන්දෙ දුන්න නම් හරි. එත් මෙතන තියෙන ඔක්කොටම ඡන්දෙ දුන්න එක නම් වැරදියි.

:       10       265

Chandra Thursday, 21 September 2017 11:10 AM

කිතුල් ගහේ ගිය කෙනාගේ කතාව මතක් වෙනවා,... බිමල් සහෝදරයා.

:       28       278

RaveendraThursday, 21 September 2017 06:14 PM

මේ අය ලෝකෙටම හොදින් පෙන්නනවා කොහොමද " බොරදියේ කබරයෝ බාන්නේ කියල"

:       0       67

Lapaya Thursday, 21 September 2017 12:12 PM

කිතුල් ගහට ගිය කෙනාටත් උත්තරයක් තිබුණ එකේ ඕක මොකක්ද? කෙලින්ම කියාපල්ලකෝ අපි තාමත් කඩේ යන්නේ ගව පාලනේට අපි ගෙනාව නිසා කියලා.. ගාන කීයක් හම්බ වුණාද අත ඉස්සුවට? ඕව කියන්න කොන්ඩේ බැඳපු චීනෙක් හොයලා..

:       738       1230

athuraThursday, 21 September 2017 01:23 PM

ඔය ලපය කියන කෙනා කඩේ යන්නේ අර මොකද්ද බද්දෙට නේද?

:       183       335

asankaThursday, 21 September 2017 01:52 PM

පහුගිය අාණ්ඩුවට අවශ්‍ය උනේ පලාත් සභා ටික කීපයකට කඩලා ඒවට උපරිම රාජ්‍ය බලය යොදවලා මැතිවරණ ඉහලින් දිනන්නයි. රටේ ජනතාවගෙ මුදල් කෙපමණ මේ සදහා වියදම් වෙනවද? එකවරම මැතිවරණය පවත්වන ඒකෙ කොපමණ මුදලක් ඉතිරි වෙනවද. හොද දේට හොදයි කියන්නත් නරක දේට නරකයි කියන්නත් පුරුදු වෙන්න. මට කියනවද මේ පනතෙන් රටට අවාසි වෙන්නේ කොහොමද කියලා

:       412       228

lusena Thursday, 21 September 2017 12:33 PM

ජවිපය දවසින් දවස ජනතාවගෙන් ඈත් වෙලා යනවා. දැන් හදන්නේ එජාපයේ එල්ලිලා කඩේ ගිහිල්ලා බලයට මග පාදාගැනීමටයි.

:       101       262

jayasekara Thursday, 21 September 2017 01:03 PM

මේ පනත හොඳ එකක්... ලපයා කඩේයන්නේ කාටද කියලා අපට පේනවා.

:       310       324

දිලංක Thursday, 21 September 2017 01:08 PM

ජවිපෙ ප්‍රගතිශීලි මාවතකට පැමිණීම පැසසිය යුතුයි.

:       132       13

තිළිණ Thursday, 21 September 2017 01:11 PM

ලජ්ජයි මහත්තයෝ.. ඡන්දය කල් දාන්න තියෙන උප්පරවැට්ටි ඔක්කොම දානවා.. මේ ගොල්ලොත් බය ඇති මිනිස්සුන්ට මූණ දෙන්න..

:       16       265

දිලංක Thursday, 21 September 2017 01:22 PM

කොමෙන්ට් දාන අය පනත දැකලවත් තියෙනවද ? අඩුම ගානේ පනතේ පිට කවරෙවත් .....

:       314       261

dias0 Thursday, 21 September 2017 03:22 PM

අපි දැක්ක පහුගිය කාලේ ඡන්ද තිබ්බේ හැටි. මේ පළාත් සභා සඳහා එකවර මැතිවරණයක් තැබීම හොඳයි.

:       116       2

Sujeewa Thursday, 21 September 2017 04:12 PM

අපරාදේ කියන්න බෑ, රතු අලි පැටව් ටික, කඩේ නෙමෙයි යන්නේ. යන්නේ "ගව පාලන" සුපර් මාර්කට්නේ!

:       38       301

Ajith Nissanka Thursday, 21 September 2017 04:40 PM

එක දවසක ඔක්කොම මැතිවරණ තියන එකේ වරද මොකක්ද? අර තක්කඩි පාලනයට කඩේ ගිය අය තමා ඔය පනතට විරුද්ධ වෙන්නේ! හොඳ පනතකට හොදයි කියන්නේ නැතුව අර හොරු රැල ගේ බලයට ගෙන්න හදන්නේ මොකක් හරි අමාරුවක් තියෙන්න ඕනේ !!!

:       264       77

ratnamalala Friday, 22 September 2017 12:19 AM

උතුරු නැගෙනහිර එකතුකරන එකටත් අත් උස්සලද.

:       0       2

perakum Friday, 22 September 2017 05:33 AM

දිලංක දැක්කේ නැතුවට අපි නම් මුල සහ අග පිටු දෙක අතරේ තියන පිටු 96 ම හොඳට කියවා බැලුවා.

:       0       1

perakum Friday, 22 September 2017 05:42 AM

ඇයි ratnamalala අපි පත් කරලා එවන ගෙම්බන්ට පගාවේ ප්‍රමාණය අනුව හිතු හිතු හැටියට පැන පැන යන්නත් අත් උස්සල නේද...?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1052 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1084 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site