( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව විමසා බලන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කර තිබේ.
මහරගම නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන නිශාන්ත විමලචන්ද්‍ර මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපති නම් කරනු ලැබ ඇත.
එම පනත් කෙටුම්පත නිසියාකාරයෙන් සම්මතවූ නීතියක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයෙන් සම්මත කළ යුතු බවට ප්‍රකාශ කරන ලෙසද මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ.
නීතිඥ කනිෂ්ක විතාරණ මහතා මාර්ගයෙන් ගොනු කළ පෙත්සමේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මෙම මස 03 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.1980 අංක 44 දරණ මැතිවරණ පනතේ සඳහන් වගන්ති සංශෝධනය කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත.
එම පනත් කෙටුම්පතේ සඳහන් 1 , 2 ,3 ,4 ,5 ,6 ,7, 8 දරණ වගන්තින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3,4 ,12 (1) ,12 ,(2) ,78 (1) ,78 (2) දරණ ව්‍යවස්ථාවන්ට පටහැනි බවට තීන්දු කරන්නැයි පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ පනතේ ව්‍යවස්ථානුකූලබව විමසා ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සමක්
kalpa Saturday, 13 May 2017 01:06 AM
වර්තමානයේ ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීමේදී ගෘහමුලිකයාගේ නම ලේඛනයේ මුලට නොයොදන බව දකින්නට ලැබෙනවා. ඒ අනුව බොහෝවිට සිදුවන්නේ පවුලේ බාලයාගේ නම මුලින්ම සටහන් වීම.... එම අක්‍රමවත් බව වෙනස් කරනවානම් හොඳයි. මෙය නිසිපරිදි පරිගණක දැනුමක් නොමැති නිසා සිදුවෙනවාද, නැත්නම් වෙනත් දෙයක් නිසා සිදුවෙනවාද යන්න පිළිබඳව අවධානය යොමුකරන්නේ නම් සුදුසුයි....
Athula k Saturday, 13 May 2017 09:31 AM
ඔවුන්ගේ නොසැලකිල්ල නිසා නම් විකෘති කරනවා.