IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


චාවකච්චේරියේ මූල්‍ය ආයතනයකින් ලක්ෂ 17ක් කොල්ලකාලා

සිතුම් චතුරංග

         

යාපනය ,චාවකච්චේරි නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයකට තියුණු ආයුධ රැගෙන ඇතුළුවූ පුද්ගලයකු විසින් අද (19) උදෑසන රුපියල් ලක්ෂ 18 ආසන්න මුදලක් කොල්ලකා ඇතැයි චාවකච්චේරි පොලිසිය කියයි.

මූල්‍ය ආයතනයේ සේවකයින් විසින් උදෑසන 08.30 පමණ විවෘත කිරීමෙන් පසුව මුහුණු ආවරණය සහිත හිස්වැසුමක් (ෆුල්ෆේස්) පැළද පැමිණි අයකු විසින් තියුණු ආයුධ පෙන්වා ගනුදෙනු සඳහා රැගෙන ආ රුපියල් ලක්ෂ 18 ආසන්න මුදලක් කොල්ලකා ඇතැයි පොලිසිය කියයි.

සෙංකඩගල ෆිනෑන්ස් නැමති මෙම මූල්‍ය ආයතනයේ මුදල් මෙලෙස කොල්ලකා ඇති අතර එම මුදල්වල නිශ්චිත ගණන මෙතෙක් අනාවරණය නොවූ බවද කීය.

මුදල් කොල්ල කෑ සැකකරු අංක තහඩු ආවරණය කළ යතුරු පැදියකින් පලාගොස් ඇති අතර යතුරුපැදිය පදවාගෙන තවත් අයකු පැමිණ ඇති බව පොලිසිය සඳහන් කළේය.

චාවකච්චේරි බස්නැවතුම්පොළට මීටර තුන්සියයක් පමණ දුරින් පිහිටා ඇති මෙම මූල්‍ය ආයතනය අතුරු මාර්ගයක් ආසන්නයේ පිහිටා තිබූ බවත් එම අතුරු මාර්ගය ඔස්සේ කොල්ලකරුවන් පැමිණ කොල්ලකෑම සිදුකර පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.

මූල්‍ය ආයතනයේ පැවති සි.සි.ටි.වි කැමරාවන් හි කොල්ලය සටහන්වුවද  කොල්ලකෑම සඳහා පැමිණි පුද්ගලයා මුහුණු ආවරණ හිස්වැසුම් පැළඳ සිටීම හේතුවෙන්  නිශ්චිතව හඳුනාගැනීම අපහසු වී තිබේ.



අදහස් (1)

චාවකච්චේරියේ මූල්‍ය ආයතනයකින් ලක්ෂ 17ක් කොල්ලකාලා

anura Wednesday, 19 September 2018 09:01 AM

කිසියම් දෙයක ආරම්භයක් බව පෙනෙනවා. විරැකියාව සහ සමාජ අසාධාරණය.... මේවට මුල රටේ දුප්පත්කම නැතිකරන්න බැරිවෙලා තිබෙනවා. රට පාලනයේ සිදුවන බරපතල දූෂණ, වංචා නිසා මෙය වහා නිවැරදි කළ හැකි පාලකයෙක් රටට අවශ්‍ය වී ඇත.

:       1       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 68 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site