(අංජුල මහික වීරරත්න)
චීනයේ අධ්‍යන චාරිකාවක නිරතව සිටින එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් හය දෙනා අප්‍රේල් 01 දින යළි මෙරටට කැඳවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ උපදෙස් දුන්නේ අප්‍රේල් මස 04 දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශ්වාස භංග විවාදයට එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් කල් ඇතිව සුදානම් කිරීමේ පියවරක් ලෙසයි.
එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් හය දෙනා ඇතුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ,ද්‍රවිඩ ජාතික සංධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීන් 14 දෙනෙක් මේවන විට චීනයේ අධ්‍යන චාරිකාවක නිරතව සිටිති.
චීන සංචාරය නිමවා මෙම මන්ත්‍රී කණ්ඩායම නැවත දිවයිනට පැමිණීමට නියමිතව තිබුනේ අප්‍රේල් 03 වනදා පස්වරුවේය.
COMMENTS
ඔය කට්ටියගේ චාරිකා වැඩිවෙලා හින්දා තමයි රට හැම අතින්ම පිරිහෙන්නේ. ඔය යන්නේ විනෝද චාරිකා ජනතාවගේ මුදලින් කියලා දැන්වත් ඇත්ත කිව්වා නම් නේද හොඳ..? අපි එච්චරම මෝඩ නැහැ.
මේ දේශපාලකයින් විතරක් නෙවෙයි, අපේ උගතුත් නොයෙකුත් දේවල් හදාරන්නට ඔය වගේ රටවල්වල අපි දන්නා දවසේ ඉඳලා කරක් ගහනවා. එ්ත් අපේ රට නම් තවමත් එතැනමයි..
වැඩේ නම් සුපිරියි.
අප්පේ ඔහොම බය වෙන්නේ මොකටද,? පුදුම බල තණ්හාවක්නේ. ඒ අයට ඉගෙනගෙන එන්න දෙන්න.. ඒ අය ඉගෙන ඇවිත්වත් මේ රට හදයිනේ. අපරාදේ තමන්නේ වාසියට ඒ අයගේ ඉගෙනීමට බාධා කරන්නේ.
ආවාම ඉගෙන ගත්ත දේ පෙන්වන්න බැරිනම් කියන්නවත් කියන්න අපිටත් ඉගෙනගන්න.
චීනාගේ දේවල් ඉගෙන ගන්න යන්නේ චීනා ඉගෙන ගත්තේ කොහෙන්ද දන්නේ නැහැ... අඟහරු ලෝකෙන් වෙන්න ඇති. ඊළඟ පාර ඉන්න 225 ම අඟහරු ලෝකයට ඇරියා නම් ඉවරයි. අායිත් නොඑන්නම...