(රොෂාන් ගුණරත්න)

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට වැළඳී ඇති වෛරස් උණ හේතුවෙන් ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ඔහුට අහිමී යනු ඇතැයි වාර්තා වේ. අසනීප තත්වය හේතුවෙන් ඊයේ (20 වැනිදා) පැවැති මාධ්‍ය හමුවටද දිනේෂ් චන්දිමාල් සහභාගී නොවූ අතර ඒ සදහා එක්දින සහ විස්සයි20 කණ්ඩායම් හී නායක උපුල් තරංග සහභාගී විය.

යම් හෙයකින් දිනේෂ් චන්දිමාල් ඉන්දියාව සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා නොකළහොත් කණ්ඩායමේ නායකත්වය සීමිත ඕවර නායක උපුල් තරංගට හෝ හිටපු ටෙස්ට් නායකයකු වන රංගන හේරත්ට පැවරීමට තේරීම් කමටු නිලධාරීහු බලාපොරොත්තුව සිටිති.

වැඩිදුර විස්තර සඳහා http://kelimandala.lankadeepa.lk/  වෙත පිවිසෙන්න