IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


චෝදනා ලාභී මූල්‍ය නිලධාරියාගේ කාමරයට මුද්‍රා තබයි

(යොහාන් භාසුර)

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට විදේශ රූපවාහිනී නිෂ්පාදන සමාගමකින් ලැබීමට නියමිත රුපියල් මිලියන 900 කට අධික මුදලක් වංචා කිරීමට සැළසුම් කළේ යැයි කියන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ නිලධාරියා පසුගිය දින දෙකේ සේවයට වාර්තා කර නොමැති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
 
 මෙම නිලධාරියාගේ සේවා නිල කාමරයට මේ වන විට මුද්‍රා තබා ඇති අතර ඔහු සේවයට පැමිණියහොත් අවශ්‍ය කටයුතු කරගෙන යාම සඳහා වෙනත් ස්ථානයක් ලබාදෙන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 

එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේ රූපවාහිනී විකාශන අයිතිය වෙනුවෙන් සුප‍්‍රසිද්ධ විදේශ රූපවාහිනී ආයතනයකින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ඩොලර් මිලියන 5.5 ක මුදලක්  ලැබීමට නියමිතය.  

”අපි මේ සම්බන්ධයෙන් එෆ්.සී.අයි.ඞී. යට පැමිණිලි කරලා තියෙන්නේ ඒ පරීක්‍ෂණයට අපි සහයෝගය දෙනවා. ඔහු ස්ථිරවම වරදකරු වන තෙක් අපිට රැකියාව අත්හිටුවන්න බෑ. ඒ නිසා ඔහු සේවයට පැමිණිය හොත් වෙනත් තැනක් සුදානම් කරලා දෙනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය. 

චෝදනාලාභී නිලධාරියා මෙම දැවැන්ත මුදල ආසියානු කළාපයේ රටක ඔහුගේ පෞද්ගලික ගිණුමකට තැන්පත් කරවීමට සැළසුම් කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මූල්‍ය ප‍්‍රධානියා මේ පිළිබඳව දැනුවත්වීමෙන් අනතුරුව ප‍්‍රධාන විධායක නිලධාරීවරයා දැනුවත් කර ඇති බව වාර්තා වේ.

ගණකාධිකාරීවරයකු යැයි කියන මෙම පුද්ගලයා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සේවයට පැමිණීමට පෙර සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ රාජ්‍ය ආයතනයක සහ රාජ්‍ය මුදල් සම්බන්ධ දුෂණ විමර්ෂණය කරන කොමිසමකට සම්බන්ධව සේවය කර ඇති බවද වාර්තා වේ.  
   

 



අදහස් (1)

චෝදනා ලාභී මූල්‍ය නිලධාරියාගේ කාමරයට මුද්‍රා තබයි

rocky Tuesday, 11 September 2018 01:34 PM

ඇයි ඔය තරම් බරපතල චෝදනාවක් තියනවා නම් ඔහුගේ සේවය අත් හිටුවන්න බැරි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 286 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 412 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site