තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු ජාතික චිත්‍රපට සංස්ථාවට පවරාගැනීම වළක්වලමින් නිකුත් කර තිබූ වාරණය ලබන 25 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (12) තීන්දු කළේය.
චිත්‍රපට බෙදාහැරීම සිදුකළ පෞද්ගලික සිනමා සමාගම් 04ක් විසින් ගොනු කරව ලද පැමි‚ල්ල අද (12) කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පමිල රත්නායක මහතා විසින් මෙම වාරණය දීර්ඝ කරන ලදී.
ඊ.ඒ.පී චිත්‍රපට සමාගම , ලංකා ෆිල්ම් ඩිස්ට්‍රිබියුටර්ස් පෞද්ගලික සමාගම , සිනමා එන්ටර්ටේන්මන්ට් සමාගම සහ මූවි ප්‍රඩක්ෂන් යන සමාගම් ගොනු කළ මෙම පැමි‚ල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් ජාතික චිත්‍රපට සමාගම ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබි‚.
එම පැමි‚ල්ල අද කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර ජාතික චිත්‍රපට සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ජාතික චිත්‍රපට සංස්ථාව විසින් එම තීරණය ගනු ලැබ ඇත්තේ විෂය බාර අමාත්‍යවරයා ලාබ දුන් උපදේස මත බවයි.
එසේම එම තීරණය චිත්‍රපට ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගනු ලැබූ තීරණයක් යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.
ඉදිරිපත් කළ කරුණු සළකා බැලු ප්‍රධාන දිසා විනිසුරුවරයා චිත්‍රපට සංස්ථාවට එරෙහි පනවා තිබූ වාරණය 25 වැනිදා තෙක් දීර්ඝ කළ අතර එම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 17 වැනිදා ගොනු කරන ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළේය.
COMMENTS
රටේ චිත්‍රපටි ගෙන්වීම බෙදා හැරීම හා ප්‍රදර්ශණය යන කරුණු සම්බන්ධයෙන් තීරණ ගැනිමේදි මුදලාලීලා හතර දෙනෙක්ගේ කැමැත්ත අකමැත්ත අනුව කටයුතු කල යුතුද නැද්ද යන ප්‍රශ්ණය අධිකරණය මගින් විභාග කලයුතුද යන්න මුලින්ම ඇතිවන ප්‍රශ්ණයයි. ඒ වගේම චිත්‍රපටි සංස්ථාව තමන් සතුව තිබු අයිතිය තමයි පසු කාලීනව අදුරදර්ශී දේශපාලන තීන්දු මත පුද්ගලික අංශයට පවරා දුන්නේ. ඒ නිසා මෙය විභාග කිරිමට හෝ අවශය නැති නඩුවකී.
පෞද්ගලික අංශය මගින් ඒකාධිකාරයක් ලෙස පවත්වාගෙන ගොස් වලපල්ලට ඇද දැමු සිනමා කර්මාන්තය නැවත යතා තත්වයට ගනු පිණිස ඇමතිවරයා විසින් ගන්නා ලද ධනාත්මක තීරණය උත්තරීතර අධිකරණය විසින් වලක්වා ඇත. රටට අබ සරණයි.