IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


ගිං ගඟේ ජල මට්ටම තවත් ඉහළට

(සිරංගිකා ලොකුකරවිට)
 
ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රදේශ වලට තවමත්  වැසි ඇද වැටෙමින් පවතින බැවින් ගිංගඟේ ජල මට්ටම ක්‍රමක්‍රමයෙන් ඉහළ යන බවත් පොල්අතුමෝදර ගඟ පිටාර මටිටමට ලඟා වී ඇති බවත් දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.  
 
අද (09) උදෑසන 6.00න් අවසන් වූ පැය විසිහතර තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම වර්ෂාපතනය නාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වි ඇති අතර එය මිලි මීටර් 85කි. යක්කලමුල්ලට මිලිමීටර් 75ක වර්ෂාපතනයක් පතිත වී ඇත. 
 
පොල් අතුමෝදර ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් යක්කලමුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් වාර්තා වේ. 
 
දිගින් දිගටම වැසි ඇදවටෙන බැවින් ගාල්ල දිස්ත්‍රික්කය පුරා පහත් බිම් ජලයෙන් යටවී ඇති බවත් එම ප්‍රදේශ වල පිහිටි නිවාස වලට ගලාගිය ජලය බැස නොගොස් එලෙසම පවතින බවත් ආපදා අංශ පවසයි.
 
මේ අතර අද උදෑසන 5.00ට පමණ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වලින් තද සුළං තත්ත්වයක් වාර්තා වූ නමුත් මෙතෙක් හානි කිසිවක් වාර්තා වී නොමැත. 
 
දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ ප්‍රධානී කර්නල් දම්පත් රත්නායක මහතා පැවසුයේ උණගස් රැඳී අවහිර වී තිබූ අගලිය මුල්කඩ පාලම හා අවිත්තාව පාලමේ උ ණ ගස් ඉවත් කිරීමේ කටයුතු නාවුක හමුදාව හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් සිදුකළ බවයි.
 
 අද වක්වැල්ල පාලමේ උණගස් ඉවත් කිරීමේ කටයුතු සිදුකරීමට නියමිත බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
 
හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ක්‍රියාත්මක වීම සඳහා මුදවා ගැනීමේ භට පිරිස් නෙළුව, තවලම හා නාගොඩ  ප්‍රදේශ වල ස්ථානගත කර ඇති බවද එම ඒකකය පවසයි.



අදහස් (0)

ගිං ගඟේ ජල මට්ටම තවත් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 191 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1052 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site