IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ගුවාම් වෙත පහර දෙන්න උතුරු කොරියාව සැරසෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ශාන්තිකර කලාපයේ දූපතක් වන ගුවාම් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි උතුරු කොරියාව පවසයි.

උතුරු කොරියාව සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කිරීමත් සමග උතුරු කොරියාව මේ බව ප්‍රකාශ කර තිබේ. උතුරු කොරියාවේ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබේ.

මැදි දුර රොකට් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් උතුරු කොරියාව අවධානය යොමු කර තිබෙන අතර ගුවාම් යනු ඇමෙරිකාවේ උපායමාර්ගික ස්ථානයකි. ඇමෙරිකාවට අයත් ප්‍රහාරක යානා තිබෙන කඳවුරක් ද ගුවාම් හි ස්ථාපිත කර තිබේ.

මේ සමඟ උතුරු කොරියාව හා ඇමෙරිකාව අතර උණුසුම් තත්ත්වයක් මතු වී තිබේ.

(ඒ.එෆ්.පී/රොයිටර් 055)



අදහස් (6)

ගුවාම් වෙත පහර දෙන්න උතුරු කොරියාව සැරසෙයි

Danushka Wednesday, 09 August 2017 12:21 PM

කින් ජෝන් වැඩේ නා ගන්න හදන්නේ ඉල්ලන් කන්න හදන පාටයි.

:       93       112

de silva berlin Wednesday, 09 August 2017 01:05 PM

රටවල් දෙකේම නායකයින්ට මානසික ප්‍රශ්න වැඩියි. මට කණගාටු යුද්ධයක් වුණොත් මැරෙන්නේ දෙපැත්තේම අහිංසක මිනිස්සු, ලංකාවේ ශ්‍රමිකයන් විශාල පිරිසක් දකුණු කොරියාවේ සේවය කරනවා ඔවුන්ගේ ජිවිතත් අනතුරේ.... කඩා වැටෙන්නේ ලෝක ආර්ථිකය... එහෙම වුණොත් එහි ප්‍රතිඵල ලංකාවේ අපටත් දැනෙනවා. කරුණාකර යුද්ධයක් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරමු.

:       5       645

Nandalal DE SILVA - France Wednesday, 09 August 2017 06:02 PM

දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වුණෙත්, පළමුවැනි ලෝක යුද්ධය ආරම්භ වුණෙත්, යුරෝපයෙන් බව පාසල් දරුවන් ඇතුළු බොහෝ දෙනෙක් දන්නා කරුණක් වුවත් තුන්වැනි ලෝක යුද්ධය ආසියාවෙන් පටන් ගන්නා බොහෝ දෙනෙක් මෙතෙක් දැන සිටියේ නැත. න්‍යෂ්ටික, පරමාණු අවි හඬ දැන් අපේ ආසියාවෙන් කඳුළු සලාවිද ?

:       1       0

paala Wednesday, 09 August 2017 10:01 PM

කිම් ජෝන් නිකන් ඉල්ලන් කන්නයි හදන්නේ. මෙයා දැන් අවුරුදු දෙක තුනක ඉඳන් ඇමෙරිකාවට සද්දේ දානවා කිසිම හේතුවක් නැතිව. අවුරුදු 25ක කොල්ලෙක්ට කොමියුනිස්ට් වාදේ පිටගහලා පවුල් වාදී රජපෙලපතක් හදාගෙන නිකන් බොරු න්‍යෂ්ටික යුද්ධයකට අර අඳිනවා. ඇමරිකානු අාර්ථිකයකට වෙන හානියක් නැහැ.... ඒ අය පුළුවන් තරම් මෙයාගේ කතා ගණන් නොගෙන ඉඳලා බැරිම තැන ගසල ඇරියොත් අපි වගේ පොඩි රටවල් තමයි තැලෙන්නේ.... අනික නියෂ්ටික බෝම්බයක් පිපුරුවොත් පැත්ත පළාතම ඉවරයි. මේවට ඔය චීනේ, රුසියාව වගේ යටින් උදව් දෙන රටවලුත් වග කියන්න ඕනෑ ...

:       1       1

Nuwan Thursday, 10 August 2017 05:34 AM

වසර 30 ගණනක යුද්දයකට මුන දීපු රටක් විදියට අපේ රටේ සියල්ලන්ගේම පැතුම වියයුත්තේ යුද්දයක් වෙන්න එපා කියල ...

:       0       0

chamila Thursday, 10 August 2017 06:53 AM

සමහර විට ඔය නිවේදනය කින් ජෝන් නොදන්නවා වෙන්න බැරිද.?

:       0       325

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28341 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18191 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10885 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 672 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 197 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 855 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site